කටාර්හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ඊයේ සිට තාවකාලිකව වසා දමා තිබෙනවා.
ඒ එම තානාපති කාර්යාලයේ සේවකයෙකුට කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවෙන්.
ඒ අනුව, එළඹෙන ඔක්තෝම්බර් මස 5 වනදා දක්වා තාවකාලිකව මෙලෙස තානාපති කාර්යාලය වසා දමා ඇති අතර, කන්සිලුලර් සේවාවන් සඳහා විද්‍යුත් තැපෑල ඔස්සේ සේවා කටයුතු ලබා ගත හැකි බවයි එම තානාපති කාර්යාලය සඳහන් කළේ.
මේ අතර ඊයේ දිනයේදී කොරෝනා ආසාදිතයින් 14 දෙනෙකු හඳුනාගැනීමත් සමඟ මෙරටින් වාර්තා වන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 3313 දක්වා ඉහළ ගියා.
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ කුවේට් රාජ්‍යයේ සිට පැමිණී 7 දෙනෙකු, සෞදි අරාබියේ සිට පැමිණි තුන්දෙනෙකු, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට පැමිණී දෙදෙනෙකු, ඉන්දියාවේ සිට පැමිණි ඉන්දීය ජාතිකයෙකු සහ කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රැඳවියෙකු මෙලෙස ආසාදිතයින් ලෙස හඳුනා ගත් බවයි.
ඒ අනුව, දැනට රෝහල් ගතව ආසාදිතයින් 181 දෙනෙකු ප්‍රතිකාර ලබනවා. සුවය ලැබූ සංඛ්‍යාව මුළු සංඛ්‍යාව 3,118ක්.