Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Sep
22
“වේගයෙන් පැමිණි ටිපර් රථයක් හශාන්ව කෑලි දෙක තුනකට කැඩුවා... බිම පෙරළි පෙරළි අඬපු නෙත්මි, හශාන්ගේ ඇඟේ කොටස් ඇහිඳින්න ගත්තා...” - ආදරයක් නිසා රෝහලක ජීවිතය විඳවන, තරුණියක් හෙළි කළ ඇඟ කිළිපොලා යන කතාව

- “වේගයෙන් පැමිණි ටිපර් රථයක් හශාන්ව කෑලි දෙක තුනකට කැඩුවා... බිම පෙරළි පෙරළි අඬපු නෙත්මි, හශාන්ගේ ඇඟේ කොටස් ඇහිඳින්න ගත්තා...” - ආදරයක් නිසා රෝහලක ජීවිතය විඳවන, තරුණියක් හෙළි කළ ඇඟ කිළිපොලා යන කතාවHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

88 Views
“අඬමින් වැලපෙමින් හශාන්ගේ ඔලුව අතට ගත්ත නෙත්මි ඒක මිනිස්සුන්ට පෙන්න පෙන්න අඬන්න ගත්තා..”
 
“අනේ මගේ පණ කතා කරන්නේ නෑනේ මේ බලන්නකො”
 
“නෙත්මි ඔලුව පපුවට තුරුල් කරගෙනම බිම වාඩි වුනා ඇයට සිහි නැතිවුනා....”
 
මුහුණූ පොතේ ඉහළ පහළ යන කොට හිත නතර වෙන, ගොලු ගැහෙන, ඊටත් වඩා හිතන්නටවත් නොදී හිත පහුරු ගාන දේ බොහෝමයි.. ජීවිතේ කියන්නේ අපි හිතන තරම් සුන්දර දෙයක් නෙවෙයි.
 
ඒ ජීවිතේ තමන් සන්තක වෙච්ච සියලු දේ අහිමි කරගත්තූ ප්‍රාණියෝ මේ මහපොළව වැළඳගෙන තවමත් හඬා වැටෙමින් ඉන්නවා.

ඔබ මේ ලිපිය කියවන මොහොතෙත්... ඔවුන් ඔවුන්ගේ ජීවිතය යදිමින් මුළු ලෝකයටම නිගා දෙනවා.
 
මේ කතාවත් ඒ විදිහේ අනුවේදනීය කතාවක්. මුහුණු පොතෙන් අපිට හමුවුණු අකුරක්වත් වෙනස් නොකරපු කතාවක්...
 
අංගොඩින් ලැබුනු පිස්සියකගේ දිනපොත!
 
100% සත්‍ය සිදුවීමකි!
නම් ගම් මනඃකල්පිතය
 
දිනපොතේ පිටු අංක 43 -
 
වෙලාව රෑ 12යි අද මගේ ජීවිතේ සතුටුම දවස මම කැම්පස් යන්න පාස් වුනා අම්මට අප්පච්චිට හරිම සතුටුයි මේ දවස මට මගේ ජීවිතේටම අමතක වෙන්නේ නෑ... තවත් සතුටුම කාරණය වුනේ මගේ හශාන් අයියත් කැම්පස් යන්න පාස් වුන එක ලංකාවේ කොහේ හරි කමක් නෑ මායි මගෙ අයියයි එකටමයි ඉන්නේ..
 
* මේ කතාවේ තරුණිය මා නෙත්මි ලෙස නම් කරනවා, මේ ඇගේ කතාවයි
 
නෙත්මි යනු එක්තරා ප්‍රදේශයක ජීවත්වූ ඉතාමත් පොහොසත් පවුලකට වූ එකම දියණියයි ජීව විද්‍යා අංශයෙන් උසස්පෙල ලියා ඉහලින්ම සමත්වූ නෙත්මිගේ දිනපොතේ පිටුයි මා ඔබට මෙසේ කියවීමට සුදුසු ආකරයෙන් අකුරු කරන්නේ! දිනපොතේ පිටුවෙන් පිටුවට කතාව ඉදිරයට ගෙනියන්නම්.
 
දිනපොතේ පිටු අංක 46 -
 
මම හශාන් අයියව මීට් උනා අද නම් මට කියාගන්න තේරෙන්නෑ මට ආදරේ දැනනව හශාන් අයියව අමතක වෙන්නේ නෑ එක මිනිත්තුවකටවත් කන්න ගියත් හශාන් අයියව මතක් වෙනවා නින්ද යන්නෙත් නෑ.. මගේ ජීවිතේ මට ලැබුනු ලස්සනම තෑගි දෙකෙන් එකක් තමා අද මට ලැබුනේ හශාන් අයියා මට අද දුන්නා ලස්සනම ලස්සන මුද්ද්ක් අපි මුද්දට වඩා එයා මට අවුරුදු 3කට පස්සෙ ඇස් දෙක දිහා බලාගෙන ආදරෙයි කිව්වා....
 
(නෙත්මි විභාගෙ පාස් උන සතුට හශාන් එක්ක සැමරුවා හශාන් නෙත්මිය ගොඩක් ආදරෙයි කියන ගමන් හාද්දක් එක්කම ලස්සන මුද්දක් දුන්නා ඒකට නෙත්මි ගොඩක් ආදරේ කලා!)
 
දිනපොතේ පිටු අංක 50 -
 
හශාන් අයියා මට කිව්වා කැම්පස් ඉවර උනාම නවතින්නම නිව්සීලන්ඩ් යමු කියලා ඒත් මට අම්මලාව දාල යන්නත් බෑ මම කොහොම හරි අම්මවයි අප්පච්චිවයි අරන් යනවා...
 
- කැම්පස් එනකන් මායි හශාන් අයියයි හැමදාම හම්බෙලා කතා කරන්න ඕන කියලා හිතෙනවා ඒත් කැම්පස් ආවම අපිට වෙන් වෙන්න වෙයි කියල ගොඩක් බයයි මට කැම්පස් එපා එහෙනම්.
 
( පෑනෙන් අවසාන වචනයට තිබූ තිත නිසා දිනපොතේ ඊලඟ පිටුවත් හිල්වී තිබුනා එයින් මට තේරුම් ගියේ නෙත්මි හශාන්ට ඇගේ ජීවිතය තරම්ම ආදරය කරන බවයි! ඇයට ඔහුව අත හැරීමට වේ යැයි සිතීමම දැඩි වේදනාවක් ගෙනදුන්නා නොඅනුමානය)
 
දිනපොතේ පිටු අංක 53 -
 
අම්ම හශාන් අයියාගෙන ඇහුවා මම විස්තර කිව්වා අම්මත් අයියට කැමතී මම අයියට කිව්වාම අයිය ඇහුවා අම්මලාට කතා කරන්නද කියලා මම එපා කිව්වා! දැන්ම හදිස්සි වෙන්න එපා කිව්වා ඒකට හේතුවක් උනේ අප්පච්චි ටිකක් විතර නපුරා...
 
( නෙත්මිගේ ආදරය වගේම හශානුත් නෙත්මිට ගොඩක් ආදරය කලා වසර 4කට ආසන්න කාලයක් හොඳම මිතුරන් සේම පෙම්වතුන්ලෙස ලඟින්ම ඇසුරු කල හශාන් නෙත්මි දෙදෙනාගේ ආත්මයන් එකට මුහු වී තියෙන්න ඇති.)
 
දිනපොතේ පිටු අංක 95 -
 
අපි දෙන්නටම කැම්පස් ආවා දෙන්නටම එකම කැම්පස් එකකට යන්න පුලුවන් මම අද ඝනදෙවියන්ට පූජාවක් කලා මට මගේ හීනවලට යන්න පුලුවන් වෙන්න කියලා..
 
( හශාන්ටයි නෙත්මිටයි දෙන්නටම ****** කැම්පස් එකේ ****** එකම කෝස් එකට ආවා නෙත්මිගේ දිනපොත බැලුවාම තේරෙනවා ඇය ඉදිරියට කරන්න ඕන හැමදේම කලින්ම හිතනවා.. ඇයගේ අදහස් අම්මා තාත්තා නිසාවත් වෙනස් වෙන්නේ නෑ නමුත් ඇගේ අදහස් ලේසියෙන්ම හශාන් නිසා වෙනස් වෙනවා වෙනස් වුනා ඇගේ හීනය වූයේ වෙනත් දෙයක් නමුත් හශාන් නිසා ඇයගේ ගමන සම්පූර්ණයෙන්ම වෙනස් වුනා)
 
( පිටු කිහිපයක් කතාව ඉදිරියට ගෙනයමි)
 
දිනපොතේ පිටු අංකයක් නොමැත දිනයක් පමණයි 2***/05/08
 
අපි දෙන්නම අද නිවාඩු නිසා ෆිල්ම් එකක් බලන්න ගිය්ස කවදාවත් නැති තරම් අද ලං වුනා අපි කාපු බඩ ඉරඟු එක නම හරිම රසයි මම බඩ ඉරිඟු වලට ආස නෑ ඒත් හශාන් අයියා කන හැමදේම මටත් රසයි.
 
( මාවද කම්පනයට ලක්වන තරමට නෙත්මි හශාන්ට ආදරය කළා නෙත්මි අසා නැති කරුණු වලට පවා හෂාන් නිසා ඇය ආශා කළා ඇගේ ආදරේ කොපමණ ද කියා වැටහීමට එය ප්‍රමාණවත් )
 
දිනපොතේ පිටු අංකයක් නොමැත හිනා මූනත් පමණක් ඇත -
 
හශාන් අයියගේ අම්මා මට ගෙදර එන්න කිව්වා. යනවද නැද්ද කියලා මම තාම කල්පනා කරනවා අම්මට කියන්න ද එපා ද කියලත් මගේ හිත වද දෙනවා ඕන දෙයක් වෙන්න කියලා 27 වෙනි දා මම යනවා ..
 
( හෂාන්ගේ අම්මා නෙත්මිට ගෙදර එන්න කියනවා නෙත්මි පොඩ්ඩක් තිගැස්මකින් ඉන්නවා කොහොම වුණත් අවසානයේදී නෙත්මි හෂාන් ලගේ ගෙදර යනවා)
 
දිනපොතේ පිටු අංකයක් නැත -
 
හෂාන් අයියාගේ අම්මා හරිම හොඳයි ඒ වගේම මල්ලිත් හරිම හොඳයි. හශාන් අයියලාගේ අම්මගේ තේකක් හරිම රසයි.. හශාන් අයියගෙ අම්මා බඳින්නෙ කවද්ද කියලා අහද්දි ගොඩක් ලැජ්ජ හිතුණා..
 
( හෂාන්ගේ අම්මත් නෙත්මිට ගොඩක් ලං වුනා ටිකෙන් ටික නෙත්මිගේ ඡීවිතේ සර්වසම්පූර්ණ වීගෙන ආවා, නෙත්මිගෙ ජීවිතයට දැන් තව බලාපොරොත්තුවක් ලැබුණා ඒ තමයි විවාහය)
 
දිනපොතේ පිටු අංකයක් නැත -
 
මගෙන් යාලුවෙන්න ඇහුවා අපේ ෆැකල්ටි එකේම රශ්මික රශ්මිකට හශාන් අයියා ගහපු එක නම් මම අනුමත කරන්නේ නෑ හැබැයි ගහපු එක හොදයි කියලාත් වෙලාවකට හිතෙනවා.....! හශාන් අයියා ඒ තරම් වෛරෙන් මනුස්සයෙක් දිහා බලනව දැක්කමයි මට නම් බය හිතුනා..
 
( නෙත්මිට තරම්ම හශාන් නෙත්මිට ආදරය කලා)
 
දිනපොතේ පිටු අංකයක් නැත- අනේ මගේ රත්තරන් අද මාව දාල යන්නම ගියා
මමත් මගෙ පණ ලඟට යන්නම යනවා යනවා මම යනවා ( කඳුලු වැටී පිටු බොඳවී තිබුනා )
 
( නෙත්මි පිටු අටක හසාන් ගැන ලියලා තිබුණා පැය ලියන ලද සමහර තැන් කියවා ගැනීමට පවා අපහසු වුණා ඒ ඇය අධික වේදනාවකින් ඒවා ලියන්නට ඇති නිසා )
 
* දවසක් නෙත්මි එක්ක හශාන් විශ්වවිද්‍යාලයේ සිට නිවසට එන්න පාරට එනවා කහ ඉරෙන් පනින්න හශාන් නෙත්මිහේ අත අල්ලාගෙන කහ ඉර ලඟටම ආවා..
 
එක්වරම හශාන් නෙත්මිව පසෙකට තල්ලු කලා වේගයෙන් පැමිණි ටිපර් රථයක් හශාන්ව කෑලි දෙක තුනකට කැඩුවා... බිම පෙරලි පෙරලි අඩපු නෙත්මි හශාන්ගේ ඇඟේ කොටස් ඇහිඳින්න ගත්තා... අඬමින් වැලපෙමින් හශාන්ගේ ඔලුව අතට ගත්ත නෙත්මි ඒක මිනිස්සුන්ට පෙන්න පෙන්න අඬන්න ගත්තා මිනිස්සු දුවන්න ගත්තා..
 
අනේ මගේ පණ කතා කරන්නේ නෑනේ මේ බලන්නකො
 
එක්වරම එතනට ආ මනුශ්‍යෙක් නෙත්මිට කම්මුල් පාරක් ගැහුවා..
 
ඔය ඔලුව බිම තියපන්.කියා කෑ ගැසුවා
 
නෙත්මි ඔලුව පපුවට තුරුල් කරගෙනම බිම වාඩි වුනා ඇයට සිහි නැතිවුනා....
 
ඇයට දින දෙකක් යන තුරු සිහිය ආවේ නෑ ඒ වන විට හශාන්ගේ දේහය අවසන්කටයුතු සිදුකලා...
 
නෙත්මිට දින දෙකකට පසුව සිහිය ආවා..
 
නෙත්මි - අම්මා හශාන් අයියා කෝල් කලාද?
 
*කිසිවකුට පිලිතුරු නෑ
 
මෙසේ කාලයක් ගතවුනා නෙත්මිට ඇවිදීමට නොහැකිව කකුල් පණ නැති වුණා... ඇයට යාමට වූයේ රෝද පුටුවකින් වෛද්‍යවරුන් පැවසුවේ ඇයට දැඩි කම්පනයක් ඇතිවි බවයි.
 
මේ කාලයක් ගත වුණා නෙත්මි දිනපොත නැවතත් ලියන්න පටන් ගත්තා එ තැන් සිට!
 
පොඩි වුනු පිටුවකි දිනපොතේ පිටු අංක නැත -
 
අනේ හශාන් අයියා මම ගන්න එක කෝල් එකක්වත් ගන්නෙ නෑනේ කරදරයක්වත්ද අම්මා මගේ ෆෝන් එකත් අරන් තියලා කෝ.මගේ ෆෝන් එක අයියෝ.... කෝ අයියේ ඔයා...
 
( නෙත්මිගෙ වේදනාව මා හටත් කියා නිම කල නොහැක එහි වේදනාව මා හට අකුරු කිරීමට ද නොහැක ඇයට දැන් සම්පූර්ණ ලෙස මාස විකෘති වී තිබුණා මේ වන විට ඇය දොළොස් වතාවක් සිය දිවි නසා ගැනීමට උත්සාහ කළා මේ නිසා ඇගේ මවත් පියාත් ඇයව පෞද්ගලික රෝහලට ඇතුළත් කළා ටික දිනක් ප්‍රතිකාර ලද ඇය නිවසට රැගෙන ආවා නමුත් දින කිහිපයකට පසු ඇය නැවතත් සිය දිවි නසාගන්න උත්සාහ කළා... ඇය දුටු මිනිසුන් ඇයව අල්ලාගෙන රෝහලට භාර දුන්නා ඇයව මාරු කර ඇරියා අංගොඩ රෝහලටයි එහිදී මගේ මිතුරු වෛද්‍ය ******** හට නෙත්මිව හමුවන්නේ
 
දිනපොතේ පිටු අංකයක් නැත - කියවීමට බැරි අපභ්‍රංශ ලියා ඇත..
 
හශාන් හශාන් හශාන් 8 වෙනිදා 8වෙනිදා
( මෙම වාක්‍ය දිගටම ලියා තිබුනා )
 
දිනපොතේ අවසාන පිටවට පෙර පිටුව වෙනකන්ම මොනවදෝ ලියා තිබුනා එවා කියවීමට බෑ අවසාන පිටුවේ..
 
මෙසේ ලියා තිබුනා..
 
හශාන් අයියා අද මට කෝල් කලා ගොඩ කාලෙකට පස්සේ හරිම සතුටුයි මට මම පිස්සං කොටුවට ආවේ කොහොමද කියලා මට හිතාගන්න බෑ අම්මලා හෙට එනවා මාව අරන් යන්න හෙට මම හශාන් අයියව බලන්න යනවා මම හෙට හශාන් අයියව බඳිනවා.. හරිම සතුටුයි මට...
 
( නෙත්මි සහ හශාන් විනෝදෙන් සිටි අවස්තා අවසාන පිටුවේ අගටම ලියා තිබුනා)
 
නෙත්මි ව ඇගේ මව සහ පියා නිවසට රැගෙන ගියා රාත්‍රී 7.00 ට පමණ ඒ නිවසේ දෙවැනි තට්ටුවෙන් බිමට පැන සිය දිවි නසා ගත්තා....
 
ආදරය යන හැඟීම මරණයෙන් හෝ වෙන් නොවන බව මා වටහා ගත්තා!

ආදරය යනු
මරණයෙන්
හෝ
වෙන්වීමෙන්
කෙලවර නොවේ.
ආදරය යනු
ආත්මයම
එකට බන්දන්ය
කර ඇති
අත්බූත බන්ධනයකි!
ඔව් ආදරය
බන්ධනයක්

අලුත් මාතලන්
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top