2024 දී කාන්තාවක් සඳ මතට....
2024 වසරේදී චන්ද්‍රයා වෙත අභ්‍යවකාශගාමීන් රැගත් යානයක් යැවීමට ඇමරිකාවේ නාසා ආයතනය සැළසුම් කරනවා.
ඒ සඳහා ඩොලර් බිලියන 28 ක් වැයවේ යැයි අපේක්ෂා කෙරෙන අතර, ඉන් බිලියන 16 ක්ම වැයවනු ඇත්තේ චන්ද්‍ර ගවේෂණ යානය නිර්මාණය කිරීමටයි.
නැවතත් සඳ ගවේෂණය ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් විසින් ප්‍රමුඛ ව්‍යාපෘතියක් ලෙස ඉදිරිපත් කළ අතර, නොවැම්බර් 3 වනදා ඇමරිකානු ජනපතිවරණයට පෙර චන්ද්‍ර ගවේෂණ ව්‍යාපෘති සඳහා කොංග්‍රස් අනුමැතිය හිමිවනු ඇතැයි විශ්වාස කරනවා.
1969 සිට 72 දෙක දක්වා ක්‍රියාත්මක වූ ඇපලෝ ව්‍යාපෘතියේ අභ්‍යවකාශ යානා සඳේ නිරක්ෂ ප්‍රදේශයට ගොඩබට අතර, නව මෙහෙයුමේදී එම යානා සඳේ දකුණු ධ්‍රැව ප්‍රදේශයට ගොඩබැසීමට නියමිතයි.
ඇපලෝ ග්‍රීක දෙවියෙකු ලෙස හැඳින්වෙන අතර, නව චන්ද්‍ර ගවේෂණ යානය නම් කර ඇත්තේ ඇපලෝ දෙවියන්ගේ නිවුන් සොහොයුරිය වන ආටෙමිස් දෙවඟනගේ නමින්.
ඒ අනුව ආටෙමිස් - 1 චන්ද්‍ර ගවේෂණ යානය ගගනගාමීන් නොමැතිව ලබන වසරේ සඳ වෙත යවනු ලබන්නේ පරීක්ෂණ මට්ටමින්.
ආටෙමිස් - දෙක 2023 වසරේදී ගගනගාමීන් රැගෙන සඳ වෙත ගියද එහි ගොඩබසින්නේ නැහැ.
කාන්තාවක ඇතුලු ගගනගාමීන් දෙදෙනෙකු සමඟ 2024 වසරේදී සඳ මත ගොඩබැසීමට සැළසුම් කර ඇත්තේ ආටෙමිස් - 3 යානයයි.
එය සතියක් පුරා සඳ මත රැඳී සිටිමින් ගවේෂණයක නිරතවීමට සැළසුම් කර ඇති බව නාසා ආයතනය නිවේදනය කළා.