දැරිය මේ වන විට පානදුර මූලික රෝහලේ ප්රතිකාර ලබන බව රෝහල් ප්රකාශකයෙක් සඳහන් කළා.
දැරියට පෙවූ බවට සැකකරන පෙති 30ක් එම නිවසේ තිබී පොලිසිය භාරයට ගෙන තිබෙනවා.
දැරියගේ මව සැකකාර පියා හා ඇති වූ ආරවුලක් හේතුවෙන් දින දෙකකට පෙර නිවසින් පිටවී ඒ ආසන්නයේ මිතුරියකගේ නිවසක නවාතැන් ගෙන සිට ඇති අතර සිද්ධිය වන අවස්ථාවේදී නිවසේ සිට ඇත්තේ දැරිය හා සැකකරු පමණයි.
සැකකාර පියා සමඟ නිවසේ සිටි දැරිය යම් අසනීප තත්ත්වයකින් පෙළෙන බවට මවට දැන ගැනීමට ලැබීමෙන් අනතුරුව ඇය පැමිණ බලද්දි දැරිය වමනය දමමින් සිට ඇති බව ඇය කළ පැමිණිල්ලේ සඳහන්.
අයිස් හා මත් පෙති පානයට තදින් ඇබ්බැහි වී සිටින සැකකරු ඔහුගේ මිතුරන් සමඟ එම නිවසේ ඒවා පානය කිරීමට පුරුදු වී ඇතැයි සිදුකළ විමර්ශනවලදී හෙළි වී තිබෙනවා.
සැකකරු දැරියට පානය කිරීමට සැලසු බව කියන නිවසේ තිබී සොයාගත් පෙති වැඩිදුර පරීක්ෂණ සඳහා ඖෂධ නියාමන අධිකාරිය වෙත යොමු කර ඇති බව සඳහන්.
සැකකරු පානදුර මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
ලිපිය උපුටා ගැනීම ලංකාදීප පුවත්පත