මඩකලපුව - චෙන්කලාඩි - පණ්කුඩාවේලි ප්‍රදේශයේ පුරාවිද්‍යා භූමියකදී තමාට පහරදුන් බවට පවසමින් පුරාවිද්‍යා නිලධාරීන් තුන්දෙනෙකු පූජ්‍ය අම්පිටියේ සුමනරතන හිමියන් එරෙහිව පොලීසියට පැමිණිල්ලක් ගොනුකර තිබෙනවා.
පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අම්පාර - මඩකලපුව ප්‍රදේශය භාර සහකාර අධ්යක්ෂ ඩී.ජී. ප්‍රියන්ත හිරු ප්රවෘත්ති අංශයට සඳහන් කළේ පහරකෑමෙන් තුවාල ලැබූ තම නිලධාරීන් මේ වනවිට කරදියනාරු සහ මඩකලපුව යන රෝහල්වල ප්‍රතිකාර ලබන බවයි.
පණ්කුඩාවේලි ප්‍රදේශයේ පුරාවිද්‍යා භූමියක සීමා ලකුණු කිරීම නිසි පරිදි සිදු නොවන බවට පුරාවිද්‍යා නිලධාරීන්ට පූජ්‍ය අම්පිටියේ සුමනරතන හිමියන් චෝදනා එල්ල කර තිබුණා.
ඒ පිළිබඳව සොයාබැලීම සඳහා අම්පිටියේ සුමනරතන හිමියන් එම ස්ථානයට පැමිණි අවස්ථාවේදී පුරාවිද්‍යා නිලධාරීන්ට දෝෂාරෝපණ එල්ල කරමින් පහරදී ඇති බවටයි වාර්තාවන්නේ.