මේ සිදුවීම බොහෝ පිරිසක් කම්පනයට පත් කළ සිදුවීමක් වූ අතර, ඒ පිළිබඳව සංවේදී සටහන් බොහෝමයක් බුකියේ හුවමාරු වෙමින් පවතිනවා. මේ ඒ අතරින් කිහිපයක්.......
අපි තුන්දෙනාම දැන් දිව්යලෝකෙ.......
තාත්ති පැටියත් වෙහෙස වීලා
ටිකක් කලියෙන් දොයිය ගත්තා
ගොඩක් දොයියන් ඉමුකො කියුවා...
අම්මි හෙව්වා තුරුල් වෙන්නට
ඇඬුව මං හරි ගොඩක් සද්දෙන්
දැඟලුවා බඩගින්නෙ නින්දෙන්
වෙනද නැගිටින අම්මි පැටියා
අද තාම නිදි ඇයිද මන්දා.....
අම්මි පැටියයි, තාත්ති පැටියයි
හරිම පුදුමයි, රෑපෙ විතරයි
වෙනද වගෙ අල්ලන්න බෑනෙ.....
සුදු මැණික, රත්තරන් පැටියෝ
අම්මි පැටියයි, තාත්ති පැටියයි
කඳුළු පුරවන් දෙන්නා ඉන්නවා
කුක්කු හොයනවා, බඩගින්න දැනෙනවා....
පෙරලි පෙරලි නිදපු ලොකු ඇඳ
හුස්ම ගනු බෑ, හෙලවෙන්න බෑ
හරිම හෙමිහිට, පරිස්සම් කර
අම්මි පැටියයි තාත්ති පැටියයි
අපි තුන්දෙනා නැවතුනේ.....
මහා හයියෙන් හුස්ම වැටෙනවා
උඹ ව මම අරගෙන ම දිව්වා...
නපුරු කියලා මගෙන් ඇහුවා...
දුවේ හෙමිහිට ඉතින් තිව්වා
කදුලු එක්ක ම කඩන් වැටුනා...
ඇත්තටම ජීවිතය යනු කෙතරම් අවිනිශ්චිත තාවකාලික නවාතැන්පලක්ද.... මේ ඉන්න ටිකෙ සතුටින් සිනහවෙන් ඊරිසියාව වෛරය අතහැරලා ඉන්න පුලුවන්නම් නම් කොච්චර වටිනවද....
මේ සියලු දෙනාටම නිවන් සුව පැතීම හැර වෙන කුමක් කරන්නද !
"මම මැරුනත් දරුවයි අනිත් කෙනයි බේරුනානම්" කියලා මේ අම්මයි තාත්තයි වෙන වෙනම හිතන්න ඇති.
සදාකාලික අබ්බගාතයො වෙලා ප්රියයන්ගෙ වියෝවෙන් විදවනවට වඩා
තුන් දෙනාම එකටම ගියපු එකත් හොඳයි..
නුවර අහස හොඳටම අඩනවා ඇති.
පපුව පිච්චිලා ගියා මේ පින්තූරය දැකලා..