මාරවිල තොඩුවාව ග්‍රාමයේ කාන්තාවක් අභිරහස් ආකාරයෙන් සිදුවූ ගින්නකින් මියගොස් තිබෙන බව අප වාර්තාකරු ප්‍රකාශ කරනවා.
පෙරේදා (21) පස්වරුවේ මෙය සිදුව ඇති අතර මෙසේ මියගොස් ඇත්තේ තෙරෙසි ජොහානා නමැති 74 හැවිරිදි කාන්තාවක්.
මේ කාන්තාව නිවසේ නිදා සිට ඇති අතර මේ අවස්ථාවේ නිවසේ කුඩා දරුවන් තිදෙනෙකු හා මියගිය කාන්තාවගේ පුතා හා ලේලිය සිට ඇති බව සඳහන්.
මියගිය කාන්තාවගේ පුත්‍රයා නිවසේ ගින්නක් දැක, ඒ පිලිබදව විමසිලිමත්වූ අවස්ථාවේ දැක ඇත්තේ මවට ගිනි ගෙන ඇති අයුරුයි.
එහිදී වහා ක්‍රියාත්මක වී ඇති මොහු වතුර ගසා ගින්න නිවන්නට උත්සහා කර තිබෙනවා.
එහෙත් ඒ වන විටත් ගින්න පැතිර මේ කාන්තාවට විශාල හානියක් සිදුව ඇති අතර පසුව මොවුන් හදිසි ගිලන් රථ සේවයට කතා කර තිබෙනවා.
ඔවුන් පැමිණ කියා ඇත්තේ මේ කාන්තාව මියගොස් ඇති බවයි.
මාරවිල අතිරේක දිසා විනිසුරු හා මහේස්ත්‍රාත් හේෂාන්ත ද මෙල් මහතා සිද්ධිය වූ ස්ථානයට පැමිණ මූලික මහේස්ත්‍රාත් පරීක්ෂණ සිදු කළා.
මළ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණ සඳහා හලාවත මහා රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කරන ලෙස නියෝග කර තිබෙනවා.