ගල්කිරියාගම මහඉදිගොල්ලාගම ප්‍රදේශයේ වගා බිමකින් හමුවූ ජීව අත් බෝම්බයක් කුරුණෑගල පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් නිෂ්ක්‍රීය කර තිබෙනවා.
ඒ ඊයේ(21) අදාළ වගා බිමේ හිමිකරු විසින් ගල්කිරියාගම පොලීසියයට කළ දැනුම් දීමකින් අනතුරුව පොලීසිය සහ පොලිස් විශේෂ කාර්ය බලකාය එක්ව සිදුකළ මෙහෙයුමකදියි.
විදේශීය රටක නිෂ්පාදිත එම අත්බෝම්බය මෙරට ආරක්ෂක අංශ භාවිතා කරන එකක් බව සඳහන්.
කවුරුන් විසින් කුමන අරමුණක් වෙනුවෙන් එම ජිව අත්බෝම්බය එම ස්ථානයට ගෙනැවිත් දැමුවේද යන්න පිලිබඳව සෙවීම සඳහා ගල්කිරියාගම පොලිස් ස්ථානය විසින් වැඩිදුරටත් විමර්ශන ක්‍රියාත්මකයි.