Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Sep
21
"මගේ සැමියාගේ වකුගඩු දෙකම දියවෙලා.. මම පුදුම දුකක් විඳින්නේ මේ දරුවන් හතර දෙනත් එක්ක..." - දෑස්වල කඳුළු වගුරමින් සුරංගි තනූජා කියූ සංවේදී කතාව - Photos

- "මගේ සැමියාගේ වකුගඩු දෙකම දියවෙලා.. මම පුදුම දුකක් විඳින්නේ මේ දරුවන් හතර දෙනත් එක්ක..." - දෑස්වල කඳුළු වගුරමින් සුරංගි තනූජා කියූ සංවේදී කතාව - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

4,440 Views
ලේ මාරු කරන්න දවසකට රුපියල් 1000ක් විතර වියදම් වෙනවා...
 
මගේ ඇස් දෙක පියවෙන් කලින් දරුවන්ටයි බිරියටයි ඉන්න ගෙයක් හදලා දෙන්න...
 
දියණියන් හතර දෙනෙකු සහ සැමියා ජීවත් කරවීම සඳහා මහ පොළොව සමඟ කඳුළු සලමින් පොරබදින  සැමියාට ලේ මාරුකිරීමට යන ගමන් වියදම සොයාගැනීමට ජනතා සහාය පතන  අසරණ වූ සිව් දරු මවක් පිලිබදව අපට  දඹුල්ල දේවහුව හීනුග්ගල  ප්‍රදේශයෙන් අපට වාර්තා විය. 
 
ඇය ඒ .ජි . සුරංගි තනූජා කුමාරි (34 ) හැවිරිදි සිවුදරු මවකි. ඇයට ගැහැනු දරුවන්ව හතරදෙනෙක් වීම විශේෂත්වයකි.අහිංසා නිසංසලා දාහතර හැවිරිදි දැරියක් වන අතර රවිෂා ශෙහාදී තවමත් දොළොස් වෙනි වියේ පසුවන්නීය. අමාෂා සත්සරණී වයස අවුරුදු දහයකි. උපුලි ශමල්ෂ තවමත් තුන් හැවිරිදි බාල දියණියයි. 

මෙම පවුල පෝෂණය කළ ඇයගේ සැමියා එච්. එම්. රවින්ද ගුණතිලක (42) හැවිරිදි වියේ පසුවෙන අතර මේ වන විට ඔහුගේ වකුගඩු දෙකම දියවී දැඩි අසාධ්ය තත්ත්වයෙන් ඇඳට වී සිටී. ගුණතිලක මහතාව සතියකට දින තුනක් ලේ පිරිසිදු කිරීම හා ලේ මාරු කිරීම සදහා දඹුල්ල රෝහලට රැගෙන යා යුතුය. ඒ සදහා ත්‍රිරෝද රථයකට එක වරකට රු 1000ක් මුදලක් සොයා ගැනීමට නොහැකි වීම නිසා ඔහුගේ ජීවිතය අනතුරේ පවතී.
 
තම දුවල හතර දෙනා සමග  බඩගින්නේ හරි ඉන්න හැකි බවත් තමන් පණවගේ ආදරය කරන සිය සැමියාගේ  ලේ පිරිසිදු කරන්න යන ගමන් වියදම සොයා දෙන ලෙස සුරංගි සමාජයෙන් ඉල්ලා සිටින්නීය. එහෙත් දැඩි රෝගී තත්වයෙන් පෙලෙන සැමියා වූ ගුණතිලක ගේ ඉල්ලීම වන්නේ ආයේ තමන්ව ජිවත් කරවන්න නොහැකි බවත් තම  ඇස් දෙක පියවෙන්න කලින් දුලා හතරදෙනාට බිරිඳට බඩගින්නේ හෝ ආරක්ෂිතව වැටිලා ඉන්න තැනක් හදා ගැනීමය .
 
සැමියාගේ සියලු ඕනෑ එපාකම් ඉටු කිරීම දියණියන් හතර දෙනාගේ ආහාරපාන අධ්යාපන ආදී සියලුම වියදම් දැරීම සිහිනයක්ව පැවති කුඩා නිවසක් තනා ගැනීම ආදී ගැටලු රැසකට මුහුණ පා සිටින සුරංගි තනුජා මහ පොළොව සමඟ පොර බදිමින් ගඩොල් කපා පුළුස්සා විකුනා එයින් ලැබෙන සුළු ලාභයෙන් මුළු පවුලම නඩත්තු කරන්නීය. ගඩොල් කපන දෑත පෙන්වමින් දෑස්වල කඳුළු වගුරමින් ඇය කියා සිටින්නේ තමන් කෙසේ හෝ දරුවන් හතර දෙනාට උගන්වා ගැනීමට සහ සැමියා බේරා ගැනීමට වෙහෙස දරන බවය. 
 
මහපොළොව කපා කකුල් දෙකෙන් පාගා කඳුළු දහඩිය කැටිකොට මැටි අනා ඒවායින් ගඩොල් කැපීම ඇය දීවා කාලයේ මෙන්ම රාත්‍රී කාලයේ ද සිදුකරන්නේ කුසට එක වේලක් ආහාර ගනිමිනි.  දරුවන් සුද්ද පවිත්‍ර කිරීම අමතරව සැමියා නැහැවීම සුද්ද පවිත්‍ර කිරීම සියල්ල පැවරී ඇත්තේ ද මේ කාන්තාවටය.  අනාගතය බාර ගැනීමට සිටින දියණියන් හතර දෙනෙක්ද ජිවත් කරවීම  ඇයගේ සිහිනයකි. 
 
තම පවුලට සිදු වූ දේ පිළිබඳව ඇය හැඬූ කඳුළින් කියා සිටියේ දැඩි ආර්ථික අර්බුදයක් පවතින්නේ තමන්ගේ දියණියන් හට ඉගැන්වීම සඳහා බවය. කෙසේ වෙතත් එම උත්සාහය ආත්ම විශ්වාසය බව ඇය අප සමග කීවාය. සුරංගි තනූජා කුමාරි මහත්මියගේ සැමියා රවින්ද්ර ගුණතිලක ලෙඩ ඇඳේ ඉදිමින් කියා සිටියේ ලබන ආත්මයේ ද තම බිරිඳ පතන බව ලිපියක්ද ලියා තබා ඇත.
 
කෙසේ වෙතත් තමා මියයන බව දන්නා හෙයින් බිරිඳ වකුගඩුවක් තමාට ලබා දීමට කැමැත්ත පළ කළ ද දියණියන් හතර දෙනාගේ ජීවිත අවදානම නිසා තම බිරිඳගේ වකුගඩුව ප්‍රතික්ෂේප කරමින්  ලේ පිරිපහදු කරමින් ජීවිතයත් මරණයත් අතර සටනක නිරතව සිටී. පොලොන්නරුව රෝහලෙන් රුදිර පිරිසිදු කිරීමට ගමන් කිරීමට මුදල් නැති නිසා දඹුල්ල රෝහලට ඒ කාරිය ඉටු කරගන්න පහසුකම සකසා ගෙන ඇත. 
 
ඒ .ජි . සුරංගි තනූජා කුමාරි මහත්මිය මෙසේද පැවසුවාය. "මම පුදුම දුකක් විදින්නේ දුවලා හතරදෙනා ජීවත්කරවීම දවස් තුනෙන් තුනට  දඹුල්ල  රෝහලට අරගෙන යන්න ඕනේ ලේ මාරු කරන්න. මට වෙන වැඩකට යන්න විදිහක් නැහැ .මේ කට්ටිය දාලා .එක නිසා තමයි මම ගඩොල් කපන්න ගත්තේ. මැටි අනලා ගඩොල් කපලා වේලලා පුච්චලා විකුනුවහාම සල්ලි ලැබෙනවා. එකෙන් ඔක්කොම කරන්න බැහැ . අපිට ලේ මාරුකරන්න යන වියදම සතියකට රුපියල් 5000ක් සොයා ගන්න තිබුනොත් හොඳයි.
 
මෙම සියලු අභියෝග හමුවේ මෙම කාන්තාව තම සැමියා ජීවත් කරවීම සඳහා ඇයට හිමි වකුගඩු දෙකෙන් එකක් තම සැමියාට පරිත්යාග කිරීමට තරම් ඇය දිරි මත් කාන්තාවක් වීම තවත් විශේෂත්වයකි. 
 
ඔවුන්ගේ ලිපිනය ඒ.ජි. සුරංගි තනූජා කුමාරි, හීනුග්ගල ,දේවහුව, දඹුල්ල.
දුරකථන අංකය 0760478830 
 
දඹුල්ල කාංචන කුමාර ආරියදාස 


Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Top