එයාව දැකපු වෙලේ මට කදුලු ආවත් මම එයාට පෙන්නුවේ නෑ...
අද උදෙන්ම නංගි ගේ අම්මා කතා කරලා කිව්වා නංගි නැති වුණා කියලා...
ශනුද්රි ප්රියසාද් කියන්නේ නවපරපුරේ දක්ෂ රංගන ශිල්පිනියක් වගේම නර්තනයටත් ඇය උපන් හපන්නියක්. ඉතිං ඇයගේ රසිකාවියක ලෙස හිටි පුංචි දැරිවියක් මිය පුවත ගැන දුක්බර සටහනක් සිය ෆේස්බුක් ගිණුමෙහි තබා තිබුණා..
එම සටහන පහතින්..
මේ photo එක ගත්තේ අගෝස්තු 11 මේ නංගි ව බලන්න මම වාද්දුවට ගිය වෙලේ. කලින් දවසේ එයාගේ අම්මා මට කතා කරලා කිව්වා නංගිට පිලිකාවක්, එයාගේ ආසාව මාව බලන්න කියලා. ඉතින් මම ගියා. එයාව දැකපු වෙලේ මට කදුලු ආවත් මම එයාට පෙන්නුවේ නෑ. දවස් ගානකින් හිනා වුනේ නැති නංගි මම ආපු නිසා එදා හොදට නැගිටලා හිනාවුනා. එයාට කතා කරන්න පුලුවන් ඒත් කතා කරොත් සෙම ඇවිස්සෙන නිසා කතා කරන්න අමාරුයි. මට hope එකක් තිබුනා එයා හිමීට සනීපවෙයි කියලා. ඒත් අද උදෙන්ම නංගි ගේ අම්මා කතා කරලා කිව්වා නංගි නැති වුනා, අවසන් කටයුතු අද කියලා. මේ photo එක මම upload කරන්න හිතාගෙන ගත්තු එකක් නෙමෙයි එයාව මතක් වෙන්නයි ගත්තේ ඒත් දැන් එයා මේ ලෝකේ නැති නිසා මේ ඔයාලට කියන්න හිතුනා. කාගෙවත් ඉල්ලීමක් කල් දාන්න, මග අරින්න එපා. අපිට ඒක තවත් එක දෙයක් විතරක් වුනාට, අනිත් කෙනාට ඒ දේ මුලු ජීවිතේම වෙන්න පුලුවන්. අපට කිසි හානියක් නැති, තව කෙනෙක් සතුටු වෙන මොනමහරි දෙයක් තියෙනවා නම් ඒ දේ පුලුවන් ඉක්මනට කරන්න.
ආයෙත් ඉපදෙන කිසිම ආත්මෙක මෙවන් රෝගයක් මේ නංගිට වගේම වෙන කාටවත්ම හැදෙන්න එපා කියලා මම යාච්ඤා කරනවා
අපි ආයෙත් කොහේ හරි හමුවෙනකන් සුභ ගමන් නංගි