Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Sep
21
"නොයෙකුත් ප්‍රශ්න ආවත් ආරාධනා එක්ක ගෙවන ජීවිතය ඇතුළේ අපිට කිසිම ගැටලුවක්, ප්‍රශ්නයක් නැහැ..." - ගයාන් වික්‍රමතිලක

- "නොයෙකුත් ප්‍රශ්න ආවත් ආරාධනා එක්ක ගෙවන ජීවිතය ඇතුළේ අපිට කිසිම ගැටලුවක්, ප්‍රශ්නයක් නැහැ..." - ගයාන් වික්‍රමතිලකHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

9,717 Views
"මාව පාලනය කළ එකම කෙනා එයා තමයි.."

"දෙන්නෙක්ගේ ගැටලු නිසා තමයි මට මේ සැරේ නාම යෝජනා නැති වුණේ..."

ඇත්තටම එයාට අවුරුද්දක් යනකල් තේරුණේවත් නැහැ. අපිට සමහර කාලවල ජීවිතේ නොයෙකුත් ප්‍රශ්න එනවනේ. රැකියාවේ ප්‍රශ්න, ආර්ථික ප්‍රශ්න වගේ නොයෙකුත් ප්‍රශ්න ආවත් ආරාධනා එක්ක ගෙවන ජීවිතය ඇතුළේ අපිට කිසිම ගැටලුවක්, ප්‍රශ්නයක් නැහැ. ආරාධනා දුවගේ දේවල් ගැන තමයි දැන් අපි හිතන්නේ. එයා දවසින් දවස කරන දේවල් ගැන තමයි දැන් අපි බලාගෙන ඉන්නේ. එයාට අවධානය දීලා එයා කරන කියන දේවල් බලාගෙන ඉද්දී ජීවිතය පිරිලා.

ආරාධනා දෝණිගේ පළමු උපන් දිනයත් කලාකරුවන් එක්කාසු කරගෙන සැමරුවේ දුවට ඒ සැමරුම විශේෂ කරන්නද?
දුවගේ උපන් දිනය තිබ්බේ සැප්තැම්බර් 11 වැනිදා. ගෙදර පොඩියට කේක් එකක් කපලා දුවගේ උපන් දිනය සැමරුවා. මම උපන් දිනවලට පාටි දාන්න එච්චර කැමැති නැහැ. පිනක් දහමක් කරගෙන යමක් කරන්න තමයි මම කැමැති. හැබැයි මේක දුවගේ පළමු වැනි උපන් දිනය. මගෙත් එක්ක ඉන්න කලා ශිල්පීන්, හිතමිතුරන් එකතු කරගෙන දුවටත් සතුටු අත්දැකීමක් දෙන්න හිතුවා. කවදාහරි දුව එයාගේ අවුරුද්දේ උපන් දිනේ ඡායාරූප බලද්දී මේ අය එයා එක්ක හිටියා කියලා දැනෙයි. ඒ ඡායාරූප එයාට වටිනවා කියලා හිතුණා. මේ කටයුත්ත කරට අරගෙන කළේ චතුරිකා. ඉතාලියේ ඉන්න සිඩ්නි ෆර්නැන්ඩු වගේම බුද්ධික, මරිනා පෙරේරා මේ උත්සවයට ලොකු සහයක් දුන්නා.

දුවත් ගොඩක් සතුටින් හිටියේ. චතුරිකාගේ ඥාතියෙක් වෙන අජන්තා පීරිස්ගේ සීනෝර් කියන රෙස්ටුරන්ට් එකේ තමයි උත්සවය පැවැත්වූවේ.

ගයාන් කියන්නේ තමන්ට ඕන විදියට වැඩ කරපු කෙනෙක්. දැන් නම් දෝණි නිසා හිතුමතේ වැඩ කරන්න බෑ නේද?
මම සාමාන්‍යයෙන් මට ඕන දේ කරන කෙනෙක්. අනෙක් අය මොනවා කිව්වත්, අනෙක් අය මොනවා හිතුවත් මම මට ඕන දේ කරන්නේ. නමුත් මම පාලනය කළ එකම කෙනා තමයි ආරාධනා දුව. එයා පොඩි කෙඳිරියක් ගෑවත් මම වැඩ පැත්තකට දාලා දුවලා එනවා. සමහරු කියනවා දරුවට චුට්ටක් අඬන්න දෙන්න කියලා. ඒත් මට එයා අඬනවා බලන්න බෑ. දැන් දුව තමයි මාව පාලනය කරන එකම කෙනා.

ඒ කියන්නේ ආරාධනා ගයාන්ගේ ජීවිතේ ලොකු කොටසක් වෙන් කරගෙන?
දැන් මාව සම්පූර්ණයෙන්ම වෙන් කරගෙන ඉන්නේ එයා. ඒ තරම් එයා මට සමීපයි. ආරාධනා දුව හරිම හැඟීම්බර, සුන්දර දරුවෙක්. එයාගේ වයසේ අනෙක් දරුවන්ට වඩා එයාට දේවල් තේරෙනවා. එයා පුංචි වුණත් කාගෙවත් හිත රිද්දන්නේ නැහැ. අපේ හැම ඉරියව්වක්ම එයා හඳුනනවා. සත්තුන්ට, ගහට, කොළට එයා හරි ආදරෙයි. එයා ඉතින් දැන් මගේ ජීවිතේ.

දෝණි ආරාධනා ගීතයට බොහෝ ප්‍රියයි නේද?
දුව සංගීතයට ඉතාම කැමැතියි. මට දුවට නම දාන්න හිතුණේ එයා ඉපදෙන්නත් කලින්. දුව ඉපදෙන්න මාස දෙකකට විතර කලින් මම දුවගේ මූණ හීනෙන් දැක්කා. මම උදේම අවදි වෙලා දුවට ආරාධනා කියන නම දාමු කියලා චතුරිකාට කිව්වා. හංසධ්වනි කියන නම දැම්මේ පේෂල මනෝජ්. මගේ මස්සිනා. කොහොම හරි අපි රේඩියෝවේ ආරාධනා ගීතය දැම්මම දුවත් 'ආ... ආ...' කියලා එයාට තේරෙන විදියට කියන්න උත්සාහ කරනවා. දුව ආරාධනා ගීතයට වගේම ආරාධනා කියන එයාගේ නමටත් ආසයි.

දෝනි ගයාන්ට වඩාත් ළැදි නිසා ගෙදරින් පැනගන්නෙත් අමාරුවෙන්ලු නේද?
අම්මා කොහේ හරි යද්දී අම්මට බායි කියනවා. මම ගෙදරින් යද්දී නම් එයා කැමැති නැහැ. දුවගේ හැම අවශ්‍යතාවක්ම කරන්න ඕනේ මම. චතුරිකා හරි ගෙදර වැඩට ඉන්න කෙනා හරි එයාගේ වැඩ කරනවාට දුව කැමැති නැහැ. මම එයාව වොෂ් කරද්දී එයා කැමැති දේවල් කරන්න ඉඩදෙන නිසා, මම එයාව වොෂ් කරනවට කැමැතියි. මාත් එක්ක ඉද්දී එයා කැමැති දේවල් කරන්න ඉඩ ලැබෙන නිසා මට ගෙදරින් පැනගන්න නම් අමාරුයි. දුව එක්ක මේ කාලේ ගෙවන ජීවිතය හරි වැදගත්. අවුරුදු 1 ඉඳන් 5 වෙනකල් අපි දරුවෝ එක්ක ගෙවන කාලය, ඔවුන්ට ලබාදෙන දේවල් එක්ක තමයි දරුවෝ ජීවිතය ස්පර්ශ කරන්නේ. ඉතින් මේ කාලය එයා එක්ක උපරිම ගත කරලා හරි මාර්ගය පෙන්නලා දෙන්න තමයි මහන්සි වෙන්නේ.

ගයාන් රංගනයට, දේශපාලන කටයුතුවලට කාර්යබහුල කෙනෙක්. හැබැයි බිරියට ගෙදර වැඩ පවරලා ගයාන් අත පිහදා ගන්නේ නැති හැඩයි?
ගෙදර හැමදේම කරන්න ඕනේ බිරිය කියලා මම හිතන්නේ නෑ. අපේ ගෙදර කෑම හදන්නෙත් මම. දුවව නාවන වැඩත් මම කරනවා. දුවගේ කෑම හදලා දෙනවා. ඉවසීමෙන් දුවට කෑම කවන්න පුළුවන් චතුරිකාට නිසා ඒ වැඩේ එයාට දෙනවා. මම පුළුවන් තරම් පවුල වෙනුවෙන් කාලය වෙන් කරනවා.

දුව අනාගතයේදී ගයානුයි, චතුරිකයි වගේ රංගනය තෝරගත්තොත් ගයාන් කැමැතිද?
කලාව කළාට කමක් නැහැ. හැබැයි ඒක වෘත්තියක් කරගන්නේ නැතිව කරනවා නම් තමයි කැමැති. මොකද ලංකාව වගේ රටක කලාකරුවා කියන පුද්ගලයාට හිමිවෙලා තියෙන තැන යහපත් නෑ. ඒ නිසා එයා වෙන වෘත්තීයමය ජීවිතයක් තෝරාගෙන කලාවටත් හැකි යමක් කළාට ප්‍රශ්නයක් නැහැ.

ගයාන්ට දැන් දේශපාලනයටත් හිත ගිහින් නේද?
දේශපාලනඥයෙක් වෙන්න මට පොඩි කාලේ ඉදන් ආශාවක් තිබ්බා. දේශපාලන විද්‍යා ගුරුවරයෙක් වෙන්නත් මට ඕන වුණා. ඉතින් මම කලා කටයුතු කරන ගමන් දේශපාලනයටත් යොමුවෙලා වැඩ කරනවා.

මෙදා සැරේ නාම යෝජනා නොලැබුණා ආපස්සට හැරිලා නෑ වගේ?
එක්කෙනක්ගේ, දෙන්නෙක්ගේ ගැටලු නිසා තමයි මට මේ සැරේ නාම යෝජනා නැති වුණේ. මම ආපසු හැරෙන්නේ නැහැ. දේශපාලන ගමනක් මම යනවා.

දේශපාලනය නිසා කලාව මඟහැර ගනියිද?
කවදාවත් කලාව අතහරින්නේ නැහැ. කලාව නිසා තමයි මිනිස්සු මාව හඳුනා ගත්තේ. කලාව නිසා මට වටිනාකමක් ලැබුණා. මනුෂ්‍යයෙක් ලෙස රටට යමක් කරන ගමන් කලාවත් රැකගන්නවා.

ඔබේ රංගන කටයුතුවලට, දේශපාලනයට චතුරිකා උපරිම නිදහස දෙනවාද?
චතුරිකා සම්පූර්ණ නිදහස මට දීලා තියෙනවා. චතුරිකාගෙන් ලැබෙන සහයත් එක්ක තමයි මම අද යම් තැනක ඉන්නේ.

ගයාන් 'අකුරු මැකී නෑ' නාට්‍යයේ පුත්තු දෙන්නෙක්ගේ පියෙක්. සැබෑ ජීවිතෙත් ඒ වගකීම තියෙන නිසා නාට්‍යයේ කටයුතුත් කැමැත්තෙන් කරනවා ඇති?
මටත් පුතාලා දෙන්නෙක් ඉන්නවා. පුතාලත් ජීවිතයට වටිනවා. අකුරු මැකී නෑ නාට්‍යයෙත් මම පුතාලා දෙන්නෙක්ගේ තාත්තා කෙනෙක්. ඒ දරුවෝ දෙන්නත් මට සමීපයි. මමයි චතුරිකයි හරි ආසාවෙන් ඒ දරුවෝ එක්ක වැඩ කරනවා.

ගයාන් පුතාලා දෙන්නව බලන්න යනවාද?
ඔව්. මම පුතාලා දෙන්නව බලන්න යනවා.

ඔබේ නිෂ්පාදන සහ අධ්‍යක්‍ෂණ කටයුතුවලට මොකද වුණේ?
මම අඩු බජට්වලට ටෙලි නාට්‍ය කරන්නේ නෑ. හරි මුදලක් හම්බුණොත් මම වැඩ කරනවා. ලබන අවුරුද්දේ චිත්‍රපටයක් අධ්‍යක්‍ෂණය කරන්නත් සැලසුමක ඉන්නවා.

තිළිණි කෞශල්‍යා විජේසිංහ
මව්බිම - හඳගැස්ම
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Top