Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Sep
21
"ඒ ඩොක්ටර් වෛද්‍ය විද්‍යාලයේ ඉන්න කාලේ පුවත්පත්වල ගිය මගේ පින්තූර එකතු කරලා බිත්තියේ ගහගෙන හිටියලු..." - චම්පා ශ්‍රියාණි

- "ඒ ඩොක්ටර් වෛද්‍ය විද්‍යාලයේ ඉන්න කාලේ පුවත්පත්වල ගිය මගේ පින්තූර එකතු කරලා බිත්තියේ ගහගෙන හිටියලු..." - චම්පා ශ්‍රියාණිHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

11,092 Views
"ඇත්ත ජීවිතයේ මමත් මිනිසුන් දෙන්නෙක් එක්ක ජීවත්වෙනවා කියලා හිතලා.."

"අපි ඒ කාලේ සල්ලි මහා ගොඩක් හම්බ කළේ නැහැ...."

“අපිට විවිධ කාලවලදී විවිධ රසික රසිකාවියන් එකතු වෙනවා. අපේ රංගනයට, අපි නිර්මාණවල කළ චරිතවලට ආදරය කරපු බහුතර රසික පිරිසක් ඉන්නවා. අපේ රංගනයේ පරාසයන්ට ආදරය කළ විවිධ මට්ටම්වල රසික රසිකාවියන් මට මුණගැහිලා තියෙනවා.”

ඇය ප්‍රධාන තලයේ ටෙලි නිර්මාණයක් ලෙස මුලින්ම සම්බන්ධ වූයේ ‘හිමි අහිමි’ ටෙලි නිර්මාණයටයි. හිමි අහිමි ටෙලි නාට්‍යයේ සුදු හාමිනේ ලෙස ඇය ජනාදරයට පාත්‍ර විය.

“බොහෝ අය අප කරන චරිතවලින් තමයි අපිව වැලඳ ගත්තේ. හිමි අහිමි නිර්මාණයේ ‘සුදු හාමිනේ’ චරිතය නිසා බොහෝදෙනා හිතුවා ඒ චරිතය වගේම මම පොළොවේ පය ගහලා ඉන්න මානුෂීය චරිතයක් කියලා. බොහෝදෙනා ඒ චරිතයෙන් මට ආදරය කරන්න ගත්තා. ඒ නිර්මාණයත් එක්ක ගෙදරට ලිපි මඟින් ප්‍රතිචාර එන්නත් ගත්තා. ඊට පස්සේ හිරුට මුවාවෙන් නාට්‍යයේ ප්‍රීතිමාලිගේ චරිතයටත් ප්‍රේක්ෂකයන්ගේ පුදුම ආකර්ෂණයක් ලැබුණා. හිරුට මුවාවෙන් නාට්‍ය, ඉදිආප්ප කතාව කියලනේ ජනප්‍රිය වුණේ. ඒකේ ගැහැනු ළමයා දුප්පත් ගැහැනු ළමයෙක්. පී්‍රතිමාලි හරිම ලස්සන ගැහැනු ළමයෙන් විදියට නාට්‍යයේ හිටපු කමල්, ශි්‍රයන්ත හරියට වර්ණනා කරනවා. ඉතිං ඒ පී්‍රතිමාලිට තරාතිරමක් නැතුව බොහෝදෙනා වශීවුණා. ඒ කාලේ ඇත්තටම ලැබිච්ච ප්‍රතිචාර එක්ක මට හැංගිලා ඉන්න තමයි සිද්ධ වුණේ. මම විවාහ වෙන වයසේ හිටපු නිසා තාරුණ්‍යයේ ලොකු ආකර්ෂණයක් ඒ චරිතයට තිබුණා. පී්‍රතිමාලිගේ චරිතයට වශීකෘත වුණ අයත් ලියුම්වලින් ඒ ප්‍රතිචාර දැක්වූවා. ඒ කාලේ ලියුම්වලින් විවාහ යෝජනා පවා එන්න ගත්තා. ඔවුන් ආදරය ප්‍රකාශ කරද්දී මාව ඇත්තට දකින්න ඕන කියලා පවා කියන්න ගත්තා. ප්‍රේක්ෂකයන්ට ඒ චරිතය ගැන උමතුවක් තිබ්බ නිසා මට හැංගිලා ඉන්න වුණේ. සමහරු ඒ කාලේ හිතුවා මම විදේශගත වෙලාද කියලත්. ඊට දශක තුනක් විතර පසුකර ඉද්දී රසිකයන් පසුකාලීනව මුණගැහිලා කියන දේවල් එක්ක මම හැංගිලා හිටපු එක හොඳයි කියලා හිතෙනවා.”

ඇයට පන්ති පරතර භේදයකින් තොරව රසික රසිකාවියන්ගේ ආදරය හිමිවිය. ඇය ඒ ආදරයට බෙහෙවින් ගෞරව කරන්නියකි.

“මම විවාහ වුණු මුල් කාලේ මමයි සැමියයි බඩු ගන්න මාකට් එකට යද්දී එතැන වෙළෙදාමේ යෙදෙන සමහරු කොස් මුලක්, කොළ මිටියක් ගෙනත් බෑග් එකට දාලා ‘මේක නෝනට’ කියලා දීලා යනවා. ඒ ඔවුන්ගේ ආදරය ප්‍රකාශ කිරීම. මම මිල්ලෑව වලව්ව චරිතය කරනකල්ම මම කළේ බොහෝම ආදරණීය චරිත. රසිකයන්ට ආදරය කරන්න හිතෙන චරිත තමයි මම කළේ. ඒ නිසා රසික රසිකාවියන්ගේ ආදරය මට හරියට ලැබිලා තියෙනවා. බැංකුවකට ගියත් කොහේ ගියත් රංගන ශිල්පිනියක් ලෙස මට ලැබුණේ රසික රසිකාවියන්ගේ ආදරය තමයි.”

ඇය ගංගා සහ නිශ්ශංක ටෙලි නිර්මාණයේ ගංගා බේබි ලෙස ලබාගත් ජනප්‍රියත්වය ඒ නිසා එක්කාසු වූ රසික මතකවල අඩුවක් නොවීය. ඇය ඒ රසික මතකයන් දිගේ අෑතට ගියේ සුන්දර මතකයන් එක්කාසු කරගත්ත සොඳුරු සිතැත්තියක් ලෙසිනි.

“ගංගා හා නිශ්ශංක නිර්මාණයේ ගංගා බේබිටත් බොහෝ දෙනා ආදරය කළා. තාරුණ්‍යයේ පුදුමාකාර ආදරයක් ඒ චරිතයටත් ලැබුණේ. ඒ නාට්‍ය කරලා ටික කාලයකින් මම විවාහ වුණා. මම විවාහ වෙන්න යනවා කියලා ආරංචි වුණාම මගේ රසික රසිකාවියෝ මට විවාහයේ සැරසිලිවලට ගන්න කියලා මල් කූඩ පිටින් එවන්න ගත්තා. මට මතකයි එක තාත්තා කෙනකුයි, පුතෙකුයි ඇවිත් ඔවුන්ගේ සතුටට මගේ විවාහ උත්සවය මලින් සරසලා දෙන්න හැදුවා.”

ඇයට රසිකයන් හා බැඳුණු සුන්දර මතක ගොන්නක් තිබිණි. ඇගේ සුන්දර වටිනාකම්වලට එවැනි රසික මතකයන් එක්කාසුවූවාට සැකයක් නැත.

“මගේ රසිකයන් වුණු වෛද්‍යවරු බොහෝ දෙනකු මට මුණගැහිලා තියෙනවා. ඔවුන්ගෙන් ලැබුණු ප්‍රතිචාරත් මට ගොඩක් දැනෙනවා. මට මගේ ලොකු දුව ලැබෙන්න ඉද්දි සමරජීව කියලා වෛද්‍යතුමෙක් තමයි චැනල් කළේ. එතුමාගේ බංගලාවට ගිහින් පොදුවේ පෝලිමේ සිටිද්දී වෛද්‍යතුමාගේ නෝනා ඇවිත් මාව ඇතුළට එක්ක ගියා. එදා ඩොක්ටර් මාව පිළිගත්තේ ‘ආ... ගංගා බේබිත් ඇවිත්නේ’ කියලා. දුව ලැබෙනකල්ම මගේ රිසිට්වල, පරික්ෂා කිරීම් සටහන් කළ පොත්වල ඩොක්ටර් කවදාවත් චම්පා ශි්‍රයාණි කියන නම ලියලා නැහැ. තවමත් ඒ පොත්, රිසිට් මං ළඟ තියෙනවා. ඒ හැමතැනම ලියලා තිබ්බේ ‘ගංගා බේබි’ කියන නම. ඒ ගංගා සහ නිශ්ශංක නාට්‍යයේ ගංගා බේබිගේ චරිතය නිසා.

මගේ ලොකු දුව ලැබෙන්න තියටර් එකට ගියාම වුණත් ඩොක්ටර්ස්ලා මගේ බය නැති වෙන්න ‘ඔන්න බබා එනවා... නිශ්ශංක එළියට වෙලා මල් වට්ටියක් තියාගෙන ඉන්නවා’ කිය කියා මගේ හිත හද හදා මාව ධෛර්යවත් කර කර තමයි කටයුතු කළේ. දුව ඉපදුණාට පස්සේ එතැන හිටපු නර්ස්ලගෙ අතේ තමයි දවස් තුනක් යනකල් දුව හිටියේ. ඒ තරම් ආදරයක් දුවට ලැබුණා.”

“මට කියන්න අමතක වුණා. මම දුව ලැබෙන්න හිටපු මුල් කාලෙත් රංගනයට එකතු වුණා. ලෝකාන්තය නිර්මාණයට සම්බන්ධ වුණේ ඒ කාලේ. ඒ කාලේ ඉතිං වමනේ දදා අමාරුවෙන් වුණත් රංගන කටයුතුවලට එකතු වුණා. මට මතකයි ඒ දවස්වල ඒ රූගත කිරීම් කෙරුණු පළාතේ ගස්වල අඹ පිරිලා. ඉතිං කමල් (කමල් අද්දරආරච්චි) මට දරුවෙක් ලැබෙන්න ඉන්න බව ගම්වැසියන්ට අඟවලා අච්චාරු එහෙම ගෙන්න ගන්නවා. ඉතිං ගමේ අය අච්චාරු බේසමක් විතර හදලා ගෙනත් දුන්නා. ඒවා වැඩිපුර කෑවේ මම නෙමෙයි. නාට්‍ය කණ්ඩායමේ අය.

ඒ කාලේ දුර පළාත්වල ෂූටින් ගියාම ඒ ඒ පළාතට ආවේණික රටකජු, මී පැණි, තල, පලතුරු වර්ග වගේ ඒ ගැමියන්ට දෙන්න පුළුවන් උපරිම දේවල් අපිට ගෙනත් දෙනවා. ඒ ඔවුන්ගේ ආදරය අපිට ප්‍රකාශ කරන්න.”

බැද්දේගෙදර ටෙලි නිර්මාණය තුළ එකගෙයි කන යුවතියකගේ චරිතය රඟපෑ නිසා රසිකයන් ඒ චරිතය තුළින් චම්පා ගැන දකින්නට උත්සාහ කරන්නටද විය. ඇය රඟපෑ චරිත තුළින් ප්‍රේක්ෂකයන්ගේ සිතැඟියාවන් මතුවී ආ හැටි ඇය මතක් කළාය.

“බැද්දේගෙදර නාට්‍යයේ යසවතීගේ චරිතය කළ කාලේ සමහර ප්‍රේක්ෂකයන් හිතුවේ ඒ නිර්මාණය වගේ ඇත්ත ජීවිතයේ මමත් මිනිසුන් දෙදෙනකු එක්ක ජීවත්වෙනවා කියලා. ඒ බැද්දේගෙදර නිර්මාණයේ යසවතීගේ චරිතය නිසා. ඒ ඒ අයගේ මානසික මට්ටම. මම ගොඩක් කරලා තිබ්බේ එක් එක් කෘතිවලින් ඉස්මතු වුණ චරිත. මාලිනී ෆොන්සේකා අක්කා සොල්දාදු උන්නැහේ නිර්මාණයේ ගණිකාවකගේ චරිතය කරනවා දැකලා මටත් එවැනි චරිතයක් කරන්න ආසා හිතුණා. නමුත් අපි කරන චරිතවලට අපේ සාමාන්‍ය ජීවිතය රසිකයන් බද්ධ කරන නිසා මම එවැනි චරිතයක් කරන්න මැළි වුණා. හිරුට මුවාවෙන් නාට්‍යයේ පී්‍රතිමාලිගේ චරිතයේ කමල්, ශි්‍රයන්ත මගේ කොණ්ඩේ, ඇස් වර්ණනා කරද්දී රසිකයන් හිතුවේ මමත් ඒ වගේ පිස්සු වට්ටන ලස්සනක් තිබ්බ කෙනෙක් කියලා. ඒ තරම් පිස්සු හැදිලා, රටම කැලඹෙන ලස්සනක් තිබ්බේ නැති වුණත් ප්‍රේක්ෂකයෝ හිතුවේ එහෙම. සමහර අම්මලා පවා මගේ චරිතයට පිස්සුවෙන් වගේ ආදරය කළා. ඒ ආදරය කියලා නිම කරන්න බැහැ.”

එලෙස චම්පා ශි්‍රයාණිගේ සුන්දරත්වයට, රංගනයට ආදරය කළේ තරුණයන් පමණක් නොවේ. ඇතැම් මවුවරුන් ඒ තරුණිය තමන්ගේ පුත්‍රයාගේ මනාලිය වනු දැකීමද රිසි විය. ඒ නිසාම තරුණ පිරිමි දරුවන් සිටින මවුවරුන් තම පුත්‍රයා වෙනුවෙන් විවාහ යෝජනා ගෙන එන්නට පවා එදා කටයුතු කර තිබිණි. ඇය කළ චරිත ඔවුන්ගේ ලෝකය කරගෙන ලැබුණු රසික ප්‍රතිචාර ඇය සුන්දරව අත්විඳ තිබුණි.

මීට දශක ගණනාවකට පෙර තාරුණ්‍යයේ කල් ගෙවූ චම්පා ශි්‍රයාණි තරුණියට ආදරය කළ බොහෝ රසිකයන් දශක ගණනාවකට මෙපිටදීද ඇයට හමුවේ. ඇයට එදා ආදරය කළ, ගෞරව කළ පරිද්දෙන්ම ඔවුන් අදද ඇයට ආදරය කරනු ඇත. එය අයිතිකර ගැනීමකට එහා ගිය ගෞරවනීය කැමැත්තකි.

“මම එකවතාවක් පරීක්ෂණයකට වෛද්‍යවරයෙක් මුණගැහෙන්න ගියා. එදා ඒ ඩොක්ටර් නර්ස්ලාගෙන් ඇහුවා. “මේ කවුද කියලා දන්නවද කියලා.” ඒ ඩොක්ටර් වෛද්‍ය විද්‍යාලයේ ඉන්න කාලේ පුවත්පත්වල ගිය මගේ පින්තූර එකතු කරලා බිත්තියේ ගහගෙන හිටියලු. ඒ කාලේ ඩොක්ටර්ගේ ප්‍රියතම නිළිය මම කියලා ඔහු හඳුන්වා දුන්නා. ඉතිං ඒ වගේ එදා මගේ රංගනයට ආදරය කළ රසික රසිකාවියෝ මට අදටත් මුණගැහෙනවා.”

රසික ආදරය යනු මිල කළ නොහැක්කකි. ඇය ඒ රසික ආදරය හිස මුදුනින් තබා වන්දනාමාන කරන්නියකි.

“රසික රසිකාවියන්ගේ ආදරය ලැබීම වාසනාවක්. ඒ ආදරය කිසි කෙනකුට ලබන්න බැහැ. අපි ඒ කාලේ සල්ලි මහා ගොඩක් හම්බ කළේ නැහැ. හැබැයි රසික රසිකාවියන්ගේ ආදරය අපිට ලැබුණා. අපි ගැන පළවෙන පුවත්පත් ලිපියක් දැකලත් සතුටුවෙන පිරිසක් ඉන්නවා.

මම නිර්මාණයක් කරද්දී මගේ තෘප්තිය, ඒ වගේම නිර්මාණයට සාධාරණයක් කිරීම ගැන වගේම ප්‍රේක්ෂකයන් ගැනත් හිතනවා. එයාලා සතුටු කරලා ඔවුන්ගෙන් ලැබෙන සම්මානය තමයි ලොකුම සම්මානය. පස් හයදෙනකුගේ කැමැත්තකින් ලබන සම්මානයට වඩා පොදු රසිකයන්ගේ ආදරය ගොඩක් වටිනවා.”

රසික ආදරයට ගෞරව කරන, වටිනාකම් සපයන ඇය අද දරුවන් දෙදෙනකුගේ මවකි. හොඳ පවුල් ජීවිතයක් ආරක්ෂා කළ ඇය පවුලටද මුල් තැන තියා ඇයට ආදරය කරන රසික රසිකාවියන් අතරට ඉඳහිට හෝ රංගනයෙන් පැමිණෙනු ඇත. ඒ මුණගැසීම තුළ ඇය රසික සිත්වල ළෙන්ගතුකම් තව තවත් පරිස්සම් කරගෙනද ඇත.

මව්බිම - හඳගැස්ම
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Top