Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Sep
20
මහනුවර පස්මහල් ගොඩනැගිල්ලේ අයිතිකරු අවදානම දැනගෙන හොරෙන්ම පැනගිහින් - කඩාවැටුනු ගොඩනැගිල්ලට යටවී අහිංසක ජීවිත 3කට දිවි අහිමි වූ බූවැලිකඩ ඛේදවාචකය ගැන වෙනස්ම කතාවක් එළියට එයි - Video & Photos

- මහනුවර පස්මහල් ගොඩනැගිල්ලේ අයිතිකරු අවදානම දැනගෙන හොරෙන්ම පැනගිහින් - කඩාවැටුනු ගොඩනැගිල්ලට යටවී අහිංසක ජීවිත 3කට දිවි අහිමි වූ බූවැලිකඩ ඛේදවාචකය ගැන වෙනස්ම කතාවක් එළියට එයි - Video & PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

20 Views
කඩා වැටුණු ගොඩනැගිල්ල හේතුවෙන් අවට නිවාස රැසකටද හානි
අස්ථාවර භූමියක මෙම ගොඩනැගිල්ල ඉදිකර ඇති බව අනාවරණ වෙලා...
 
මහනුවර - බූවැලිකඩ ප්‍රදේශයේ අද අලුයම පස්මහල් ගොඩනැගිල්ලක් ගිලා බැසීමකට ලක්ව තවත් ගොඩනැගිලි දෙකක් මතට  කඩා වැටීමෙන් එකම පවුලේ මව පියා සහ මාස එක හමාරක් වයසැති බිළිඳෙක් ජීවිතක්ෂයට පත් වුණා.
 
සුන්බුන් අතර සිර වී සිටි තවත් කාන්තාවන් දෙදෙනෙකු අද අලුයම මුදා ගැනීමට පොලිසිය සමත් වුණා. 
 
කෙසේ වෙතත් කඩා වැටීමට ලක් වූ ගොඩනැගිල්ලේ හිමිකරුවන් එම අනතුර සිදුවීමේ අවදානම දැනගෙන  අද අලුයම එම ගොඩනැගිල්ලෙන් ඉවත්ව ගොස් තිබෙනවා. 
 
පැවති වර්ෂාවත් සමග මහනුවර බූවැලිකඩ ප්‍රදේශයේ සංචාරක හෝටලයක් ලෙස පවත්වගෙන ගිය පස් මහල් ගොඩනැගිල්ලක් ගිලා බැසීමට ලක්වුණා.

ගිලා බැසීමත් සමග අදාල ගොඩනැගිල්ල කඩා වැටී ඇත්තේ ඊට පහලින් තිබූ තවත් නිවසක් සහ හෝටලයක් මතටයි.
මේ අදාල ගොඩනැගිල්ල ගිලා බැසීමට පෙර පැවති තත්ත්වය සහ අද දිස් වූ ආකාරයයි.
 
ඒ අනුව අදාළ ගිලා බැසීමට ලක්වූ ගොඩනැගිල්ලේ සුන්බුන් වලට යටවූ නිවසක සිරවී සිටි බිලිදෙකු ඇතුළු පස්දෙනෙකු මුදා ගැනීම සඳහා යුධ හමුදාව, පොලිසිය, ගිනි නිවීමේ දෙපාර්තමේන්තුව ඇතුළු ආපදා සහන කණ්ඩායම් විශේෂ මෙහෙයුමක් ආරම්භ කළා. 
 
අද අලුයම අදාළ ස්ථානයට ප්‍රථමයෙන් ළඟා වූ මහනුවර පොලිසියේ නිලධාරීන් සුන්බුන් අතර සිර වී සිටි කාන්තාවන් දෙනෙකුගේ ජිවිත බේරා ගැනීමට සමත් වුණා.  
 
සුන්බුන් අතර සිරවී සිටි මාස එක හමාරක් පමණ වන බිළිඳා පෙරවරු 8.30 ට පමණ යුද හමුදා සෙබළෙකු විසින් පිටතට රැගෙන ආවා. 
 
කෙසේ වෙතත් අදාල බිළිදා මහනුවර මහ රෝහළට ඇතුළත් කරන විටත් මිය ගොස් හිටියා.  
 
සුන්බුන් අතර සිරව සිටි අඹු සැමි යුවළගේ දිවි  බේරා ගැනීම සඳහා ආපදා සහන කණ්ඩායම් පැය අටකට වැඩි කාලයක් දැරූ උත්සහය ව්‍යාර්ථ වුණා. 
 
පස්වරු 2.30ට පමණ අඹු සැමි යුවළගේ මෘත දේහ සුන්බුන් අතරින් ඉවතට රැගෙන ආවා. 
 
මෙලෙස ජීවිතක්ෂයට පත්වූයේ    35 හැවිරිදි චමිල ප්‍රසාද් සහ 32 හැවිරිදි අචලා ඒකනායකයි. 
 
ඔවුන් පසුගිය වසරේ නොවැම්බර් මාසයේ විවාහ වී තිබෙනවා. 
 
කඩා වැටීමට ලක් වූ ගොඩනැගිල්ලේ හිමිකරු ඇතුලු පිරිස අනතුර සිදු වීමේ අවදානම දැනගෙන  අද අලුයම එම ගොඩනැගිල්ලෙන් ඉවත්ව ගොස් තිබෙනවා. 
 
අනතුර සිදුවන අවස්ථාවේ එම ස්ථානයෙන් ඉවත්ව ගිය අදාල ගොඩනැගිල්ලේ හිමිකරුට එරෙහිව පොලිසිය විසින් හෙට අධිකරණයට කරුණු වාර්තා කිරීමට නියමිතයි.  
 
අනතුර සිදුවූ ස්ථානයේ ස්ථානීය පරික්ෂණය මහනුවර මහේස්ත්‍රාත් එන්.එම් ෆරිද්ඩීන් මහතා විසින් සිදු කළ අතර මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යූ ගමගේ මහතා ද මෙම ස්ථානය නිරික්ෂණය කිරීමට පැමිණ සිටියා.
 
නියමිත ක්‍රියාපටිපාටියෙන් බැහැරව අස්ථාවර භූමියක මෙම ගොඩනැගිල්ල ඉදිකර ඇති බව මූලික පරික්ෂණ වලින් අනාවරණ වී ඇතැයි ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පැවසුවා.  
 
කඩා වැටුණු ගොඩනැගිල්ල හේතුවෙන් අවට නිවාස රැසකටද  හානි සිදුව තිබුණා. 
  

Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top