මහනුවර බූවැලිකඩ ප්රදේශයේ පස්මහල් ගොඩනැගිල්ලක් අද උදෑසන ගිලාබැසීමට ලක්වී කඩාවැටුණා.
එම ගොඩනැගිල්ල කඩාවැටුණේ ඒ අසළ පිහිටි හෝටලයක් සහ නිවසක් මතටයි.
එම සුන්බුන්වලට යටවූ මාස එකහමාරක් වයසැති බිළිඳෙකු ගළවාගැනීමේ කණ්ඩායම් විසින් බේරාගත් අතර, රෝහල් ගත කිරීමේදී එම බිළිඳා ජීවිතක්ෂයට පත්වුණා.
සුන්බුන් අතර සිටි 60 හැවිරිදි සහ 25 හැවිරිදි කාන්තාවන් දෙදෙනෙකු බේරාගත් අතර, පොලීසිය පැවසුවේ තවත් යුවළක් සුන්බුන් අතර, සිරවී සිටි බවයි.
ඔවුන් බේරාගැනීම සඳහා මහනුවර නගර සභාව, පොලීසිය මෙන්ම යුද හමුදාවද ඒකාබද්ධව විශේෂ මෙහෙයුමක් දියත් කර තිබුණා.
කෙසේ වෙතත් මහනුවර - බූවැලිකඩ ප්රදේශයේ පස්මහල් ගොඩනැගිල්ලක් ගිලා බැස ඊට යටවී අතුරුදන්ව සිටි යුවලගේ සිරුරු මේ වනවිට සොයා ගෙන තිබෙනවා.
ඔවුන්ගේ සිරුරු මහනුවර රෝහල වෙත යොමුකළ බවයි හිරු වාර්තාකරු සඳහන් කළේ.
මේ අතර මෙලෙස අවාසනාවන්ත ලෙස මියගිය යුවළ ගැන මුහුණු පොතේ සංවේදී සටහනක් පළවී තිබුණා.
එම සටහන පහතින්.....
"උඹල දෙන්නා ජීවිතේ පටන්ගත්ත විතරයි...
මෙච්චර ඉක්මනට උඹලා දෙන්න දරැවත් එක්කම ...
අපිව දාලා යයි කියල හිතුවේ නෑබං...
Chamila
Achala
Onela Ekanayaka
නිවන් සුව....."