Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Sep
20
“දෝණි එදා වරුවක් මගේ ඔඩොක්කුවේ ඇඬුවා. මමත් දන්නෙත් නැතුව මගේ ඇතුළේ හිටපු රාක්ෂයෙක් නැගිට ගත්තේ එදා..” - තමන්ගෙම ලෙයින් උපන්න පුංචි දරුවෙකුට කරපු අපරාධය ගැන, තාත්තා කෙනෙක් ලියපු හිතාගන්නවත් බැරි විදිහේ පාපොච්චාරණයක් - Photos [Exclusive]

- “දෝණි එදා වරුවක් මගේ ඔඩොක්කුවේ ඇඬුවා. මමත් දන්නෙත් නැතුව මගේ ඇතුළේ හිටපු රාක්ෂයෙක් නැගිට ගත්තේ එදා..” - තමන්ගෙම ලෙයින් උපන්න පුංචි දරුවෙකුට කරපු අපරාධය ගැන, තාත්තා කෙනෙක් ලියපු හිතාගන්නවත් බැරි විදිහේ පාපොච්චාරණයක් - Photos [Exclusive]Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

48,055 Views
“අම්මා කෙනෙක් කවදාවත් හිතන්නේ නැහැ දුවෙක් ගැන එහෙම.”
 
“මට හයියක් නෑ මට ද්වේෂ කරන උඹව මරලා දාන්න. ඒත් මට හිතුණා”
 
“තාත්තලා තමන්ගෙම දුවලා අඹුකමට ගත්තූ කතා. මම ඒවා කියව්වේ හිරිකිතයකින්.”
 
පශ්චාත් මරණ පරීක්ෂණයෙන් පස්සේ... මට ඒ “තාත්තව” දැන අඳුනගන්න ලැබුණා. ඒක “දිවි හානිකරගැනීමක්.” එක්කෝ ඊටත් වඩා පහසුවෙන් “මිනිහා බෙල්ලේ වැල දාගෙන නොවැ” කියන්න මට උවමනාව තිබුණා. එක අතකින් මිනිහෙකුගේ පෞද්ගලිකත්වයට හානි පමුණුවන්න මට සදාචාරාත්මක අයිතියක් නැහැ... තව අතකින් මම අර අහිංසක අම්මාටත් අවුරුදු 17 කෙල්ලටත්... තාත්තා ගැන කියන්න හිත හදාගත්තා.....
 
“සර්... පොඩි උදව්වක් කරනවාද? අපේ මිනිහා... මළා කියන එක හරි.. ඒ යකා ජිවිතේ නැති කරගත්තා... ඒකත් හරි.. ඒත් ඒ මොකටද කියලා කවුරුම හරි ඇහුවොත් සර්ට කියන්න පුළුවන් ද ඒ මම හින්දා කියලා.. ඇත්තම හේතුව මම කියලා.. මා එක්ක අල්ලපු අඩව් නිසා මිනිහා මළා කියලා... සර් මට උදව් කරනවා නේද...?”

මම ඔලුව වැනුවා. ආයෙම ඒ අම්මාට තදින් තුරුළු වෙච්ච පාසල් වයසේ එකි දිහා බැලුවා. කුරුලෑ පිරිච්ච මුහුණ. අඬා වැටිලම ඒ කම්මුල් පෙති දියවෙලා ගිහින්... ඇස් ගොබ දෙක පතුලටම ගිලිලා. මට ඒ කෙල්ල ගැන දුක හිතුණා.
 
“සර්.. ප්ලීස් සර්.. මේක කාටවත් අහුවෙන් නැතිවෙන්න ගිනි තියලා දාන්න...!” ඒ අම්මා ලියුම් කඩදැහිය මගේ අත් මිටට ගුලි කෙරුවා. මගේ ඇඟිලි තුඩු වෙව්ලන වගක් මට තේරුණා. මිනිස්සු වෙනුවෙන් සමහරක් වගකීම් ඉෂ්ඨ සිද්ධ කරද්දි ඕනෑවට වඩා “අවංක වෙන එක” අන්තිම සර්ව සාධාරණ නැහැ කියලා මම අදහනවා. ඒත් ඇත්තටම...................
 
“අම්මේ... මම මේක ලිව්වට කමක් නැද්ද? මේ ලියුම ගැන..? ඒ කතාව ගැන..? ඒත්... ඒ අම්මගේ කතාව කියලවත්.. මේ දුවගේ අර මැරුණු තාත්තාගේ කතාව කියලවත් කවුරුත් දැනගන්න එකක් නෑ.. මට ඕනි ඒ ගැන ලෝකෙට කියන්න. දැන්ම නෙවෙයි කාලයක් ගිහින්...” ඒ අම්මා... මුකුත්ම නොකියා ඔලුව පාතට කළා. ආයෙමත් අර දැරිවිව පපුවට කරගත්තා. මට අත් දෙක එක්කහු කරලා වැඳ වැටුණු ඒ අසරණී ආයෙම රෝද තුනට ගොඩ වැදුණා. මම රෝහල් කොරිඩෝව කෙළවරේ තවමත් තීන්ත ආලේප නොකරපු (ඒ වෙද්දි රෝහල අලුත්වැඩියා කටයුත්තක තිබුණේ.) පුටුවකට බරදීලා ලියුම් කඩදැහිය දිග ඇරගත්තා.



“ආදරණීය නිලූ..................
මම දහස් වාරයක් සමාව ඉල්ලනවා ඔයාගෙන්.. දහස් වාරයක්.. මම දන්නවා ඔයා මට කවදාවත් සමාව දෙන්නේ නැහැ කියලා. ඔයාගේම ලෙයින් හැදුණු මගේ ලේ එක්ක කවලම් වුණු... අපේ දෝණි..! ඔයාගෙයි මගෙයි දෝණි... අම්මා කෙනෙක් කවදාවත් හිතන්නේ නැහැ දුවෙක් ගැන එහෙම. අඩුම තමන්ගේ මිනිහා ගැනවත්... මට තේරෙන් නෑ. මම දැකලා තියනවා පත්තරවල ලොකු අකුරින් යනවා, තාත්තලා තමන්ගෙම දුවලා අඹුකමට ගත්තූ කතා. මම ඒවා ඉස්සර කියවන්නේ හිරිකිතයකින්....”
 
ලියුම් කඩදැහිය මගේ ඇස් කාච වෙහෙසට පත් කළා. ඒක ඒ අකුරුවල වරදක්ද කියන්න මට තේරුණේ නැහැ. උපැස් යුවළ ආයෙම පැළඳගත්තු මම කඩදැහියට එබුණා.
 
“දෝණිව මම පොළඹවා ගත්තා නිලූ. ඒකයි ඇත්ත... ඔයා රට ගිය ටිකට මට කවුරුත් නැති වුනා. මම තනි මිනිහෙක් වුනා. ජිවිතේ එපා වුනා. ගණිකාවෝ පස්සේ යන්න ගත්තා. පිස්සෙක් වගේ බොන්න පුරුදු උනා. දෝණි එදා වරුවක් මගේ ඔඩොක්කුවේ ඇඬුවා. බොන්න එපා කියලා හොඳටෝම ඇඬුවා, බෙරිහන් දුන්නා. එදා මට ඒකි ගැන හරියට දුක හිතුණා. මමත් දන්නෙත් නැතුව මගේ ඇතුළේ හිටපු රාක්ෂයෙක් නැගිට ගත්තේ එදා. ඔව් නිලූ.. ඔයාගේ දෝණි.. මගේ දෝණි... අපි ඒකි පුංචි කාලේ මොන යක්ෂයොන්ගෙන්ද පරිස්සම් නොකළේ..? එහෙව් දෝණි.... අවුරුදු 17ක් තිස්සේ ආරක්ෂා කරගෙන හිටපු. අපි ආරක්ෂා කරලා දීපු... ඒ වටිනාම කියන දේ මම නැති කළා. හරියට අමු තිරිසනෙක් වගේ..”


 
මගේ හදවත ගැහෙන්න ගත්තා. හුඟක් වේගෙන් ගැහෙන්න ගත්තා. මේ මහා ඛේදවාකයක්. දෙයියනේ!! මම විශ්වාස කරන්නේ නැහැ. ඒක එහෙම වෙන්නේ කොහොමද? තාත්තා කෙනෙක්..? තමන්ගෙම දෝණිව..? තමන්ගේ ලෙයින් උපන්න දෝණිව..? බොන්න එපා කියලා පිණ්සේන්ඩු වුණු අහිංසකීව..?
 
දෙයියනේ!! මොන හිතකින් ද ඒ..?
 
“ඒක ඔයා දැනගත්තා. ඔයාට ඕනි වුනේ මාව පොලිසියට අල්ලලා දෙන්න. ඒත් මම ඔයාට වැන්ඳා. ඔයා අන්තිමේ මට ඇහුම්කන් දුන්නා. මාව අල්ලලා දෙන්නේ නැතුව.... ඒත්... දවසින් දවස ඔයා හිටියේ ඇඬූ කඳුළින්. දෝණිව මගේ ළඟින් තියන්නත් බය උනා. කොහේ හරි ගියත් අම්මලා ගෙදර ඒකිව තියලයි ගියේ. හැම වෙලේම මට ඇහෙන්න ඇනුම් පද කිව්වා. මට හයියක් නෑ මට ද්වේෂ කරන උඹව මරලා දාන්න. ඒත් මට හිතුණා, නරුම හිතක් තියන මාවම මරලා දාන්න... මම තීරණයක් ගත්තා ඒකට.. මට බැරි නැහැ.. අන්තිමට තමයි මම හිත හදාගත්තේ මේ ලියුම ලියන්න...”


 
ඒක අතීතයක් කියලා ඇයි මට නොහිතෙන්නේ..? ඇයි මම මේ තරම් මේ ලෝකෙට වෛර කරන්නේ? මගේ උපන් රටට ශාප කරන්න ගන්නේ..? මට තේරෙන්නේ නැහැ......... සත්තකින්ම මම දන්නේ නැහැ.
 
“දෝණිව පරිස්සමින් බලාගන්න නිලූ. මම දිව්‍ය ලෝකේ යයි කියලා මම හිතන් නෑ. මේ මහා පාපකර්මය අනුව මට උරුම අපාය. සියදිවි හානි කරගැනීමත් පාපයක් නිසා මට කොහොමත් ලෝදිය හැලියක ඇති පදමට නාන්න වෙයි. මට සමාවෙන්න දහස් වාරයක්...”
 
ඒ ඇස්වල කඳුළු කඩදැහියේ පෙඟිලා තිබුණා. මම ඒක තුන හතරට නවලා මගේ සාක්කුවට ආයෙම ඔබාගත්තා.
 
“සතුටින් ඉන්න නිලූ.. දෝණිව හොඳ තැනකට බන්ඳලා දෙන්න..!! ඒ බන්ඳලා දෙන කොල්ලට මේ කතාව නොකියා ඉන්න එපා..!! ඒ වගේම මතක ඇතුව ඌට කියන්න ඒ තාත්තා කියන නරුම යක්ෂයා දැන් මේ ලෝකේ නෑ කියලා. ඌ අවමානෙට ජීවිතේ නැති කරගත්තා කියලා...”
 
By Samitha Lakshan
 
(මෙහි එන සියලු නම් ගම් ඔවුනොවුන්ගේ පුද්ගලිකත්වය තකා වෙනස් කොට ඇති බව කරුණාවෙන් සලකන්න.)

One woman reports a rape every 15 minutes in India | India News | Al Jazeera

අවධානයට:
 
දියණියන් සිටිනා මවුවරුණි, පියවරුණි, මේ ඔබේ අවධානය පිණිසයි !
1. ඔබේ දියණියට වැඩිහිටි පිටස්තර පිරිමින්ගේ උකුල උඩ වාඩිවෙන්න දෙන්න එපා, වැළදගන්න දෙන්න එපා, සිපගන්න දෙන්න එපා.
2. පිටස්තරයින් ඉදිරිපිටදී කිසිම දියණියකගේ ඇදුම් මාරු කරන්නෙපා.
3. මේ මගේ බිරිඳ,මේ මගේ පෙම්වතිය ලෙස විහිළුවටවත් දරුවාව හැදින්වීමට කාටවත් ඉඩදෙන්න එපා.
4. පුංචි දියණිය යාලුවොත් එක්ක සෙල්ලම් කරනකොට,ඇය ආශ්රය කරන යාලුවෝ ගැන හොදින් සැලකිලිමත් වෙන්න. ඔබ නොදන්නවා උනාට බොහෝ දරුවන් ලිංගිකව අපයෝජන වලට ලක්වී තිබිය හැක. ඔබේ දියණියටද ඔවුන්ගේ අත්දැකීම් වල වැරදි ප්රතිපල හිමිවිය හැක.
5. දරුවා ප්රතික්ෂේප කරන,ගැවසීමට අකමැති,ඇසුරු කරන්න අකමැත්තක් දක්වන වැඩිහිටියන් ලගට යන්න කවදාවත් බල කරන්න එපා.
6. බොහොම ක්රියාශීලීව,කෙළිදෙලෙන් කාලය ගත කරපු ඔබේ දරුවා ක්ෂණිකව වෙනස් වුනාද? නිහඬද? හැකි ඉක්මනින් දරුවා පිලිබදව අවධානය යොමු කර, දරුවාට ආදරය ලබා දී දරුවා පිලිබදව සොයා බලන්න. ඉවසිලිමත්ව දරුවාගෙන් ඒ පිලිබදව විමසන්න.
7. දරුවා නරඹන කාර්ටුන්,චිත්රපට සහ පරිඝනක ක්රීඩා පිලිබදව විමසිලිමත් වන්න. ඔබද නොදැනුවත්වම ඒ හරහා දරුවා ලිංගික ක්රියාවන්ට යොමු විය හැක.
8. අන්තර්ජාලයට භාවිතා කර දරුවන් පිවිසෙන වෙබ් අඩවි පිලිබදව සොයා බලන්න.
9. දරුවාට තමන්ගේ සිරුරේ අවයව හොදින් පිරිසිදු කරගන්නා ආකාරය හොදින් උගන්වන්න.ගෙදර මෙහෙකරුට හෝ මෙහෙකාරියට දරුවාගේ අවයව අල්ලන්න ඉඩදෙන්න එපා.
10. පිරිසක් ඉදිරියේ විනීතව සහ අචාරශීලිව හැසිරෙන හැටි දරුවාට පුරුදු කරන්න,ඇදුම් අදින ආකාරය සහ සියලු දේ.
11. ඔයාගේ දරුවා කිසිම විටෙක කිසියම් කෙනෙක් පිලිබදව පැමිණිලි කලොත් නිහඩව ඉන්න එපා. වහාම ඒ පිලිබදව සොයා බලන්න.
12. නිහඩව සිටීම යම්කිසි අපරාධයකට දිරිදීමක් විය හැකි අතර එවැන්නක් සිදුවුවොත් එය ඔබේත් දරුවාගේත් මුළු ජීවිත කාලයටම වදදෙන වේදනාවක් පමණක් උරුම කරාවී.
 
(මෙම උපුටා ගැනීම - Rankoth - ශ්රී.)

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Top