Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Sep
20
"ආයෙත් වැලි රස්සාව උඹලට කරන්න බෑ. ආයේ මේ රස්සාව කළොත් වෙඩි තියනවා..." - කිරින්ද පොලිසියේ වැඩබැලූ ස්ථානාධිපතිවරයා පියා හා පුතෙකු නිරුවත් කර පහර දුන් සිද්ධියේ සුළමුළ හෙළි වෙයි

- "ආයෙත් වැලි රස්සාව උඹලට කරන්න බෑ. ආයේ මේ රස්සාව කළොත් වෙඩි තියනවා..." - කිරින්ද පොලිසියේ වැඩබැලූ ස්ථානාධිපතිවරයා පියා හා පුතෙකු නිරුවත් කර පහර දුන් සිද්ධියේ සුළමුළ හෙළි වෙයිHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

4,151 Views
කුණුහරුපෙන් ඉතා කැත විදියට බනිමින් ඉතා අමානුෂික විදියට ගැහුවා...
 
ගෙදර නවතා තිබුණු ටිපර් එක පොලිසියට අරගෙන ගිහින් දඩ ගැස්සුවා...
 
කිරින්ද පොලිස් ස්ථානයේ වැඩබැලූ පොලිස් ස්ථානාධිපතිවරයා විසින් තිස්සමහාරාම හල්මිල්ලෑව ප්‍රදේශයේ පදිංචි පියෙකු හා පුතෙකු නිර්වස්ත්‍ර කර අමානුෂික ලෙස සිදුකළ පහර දීම හා ඔවුන්ගේ ශරීරයේ අස්ථිවලට හානි සිදුකිරීම සමස්ත පොලිස් දෙපාර්තමේන්තුවටම සිදුකළ අගෞරවයක් වගේම කැළලක් යැයි අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා පැවසීය.
 
අමාත්‍යවරයා මේ බව පැවසුවේ පසුගිය දින තිස්සමහාරාම යටාල රජමහා විහාරස්ථානයේ පැවති ජනතා ගැටළු විසඳීමේ ජංගම සේවයේදීය.

තිස්සමහාරාම හල්මිල්ලෑව පදිංචි 53 හැවිරිදි ජිනිත් ද සිල්වා මුතුමාල යන අය විසින් තමන්ට සිදු වූ බව කියන අසාධාරණය සම්බන්ධයෙන් අමාත්‍යවරයාට සිදුකළ කරුණු දැක්වීමේදී අමාත්‍යවරයා මේ බව පැවසීය.
 
එහිදී වැඩිදුරටත් කරුණු දැක්වූ අමාත්‍යවරයා මෙලෙසද පැවසීය.
 
අහිංසක නිරායුධ මිනිස්සුන්ට මේ විදියට ම්ලේච්ජ විදියට පහර දෙන්න අතපය කඩන්න කවුද බලය දීලා තියෙන්නේ. කිරින්ද පොලිස් ස්ථානයේ වැඩ බලන ස්ථානාධිපතිවරයා ඉතාම ජුගුප්සාජනක ලෙස මේ අහිංසක මිනිහා නිරුවත් කරල පහර දීල තියෙනවා. මම ඒ පිළිබඳව සියලූ කරුණු සොයා ගත්තා. මේ මනුෂ්‍යයා නිර්දෝෂී කෙනෙක්. එහෙම තියෙද්දිත් තමයි මේ පොලිස් ස්ථානාධිපතිවරයා මේ මනුෂ්‍යයාව නිරුවත් කරලා සිරුරේ අස්ථියක් කැඩන්න පහර දීලා තියෙන්නේ. මේ ගැන වහාම පුළුල් පරීක්ෂණයක් කරන්න කියලාත් මම දැනුම් දීලා තියෙනවා.මෙහෙම මිනිස්සුන්ට පහර දෙන්න කොහෙන්ද මේ අයට බලය ආවේ. මෙහෙම වෙන්න දෙන්න බෑ යැයි අමාත්‍යවරයා පැවසීය.
 
මෙම පහරදීම සිදුකළ බව කියන කිරින්ද පොලිස් ස්ථානයේ වැඩබලන ස්ථානාධිපතිවරයා වහාම ක්‍රියාත්මක වන පරිදි පසුගිය 14 වැනි දින සිට වෙනත් ප්‍රදේශයකට ස්ථාන මාරුකර යැවීමට කටයුතු කර ඇති බව අප කළ සොයා බැලීමකදී අනාවරණය විය.
 
අමානුෂික ලෙස පහරකෑමට ලක් වූ තිස්සමහාරාම හල්මිල්ලෑව පදිංචි 53 හැවිරිදි ජිනිත් ද සිල්වා මුතුමාල මහතා මෙලෙස අදහස් දැක්වීය.
 
මම වෘත්තියෙන් වැලි ප්‍රවාහනය කරන්නෙක්. පසුගිය අගෝස්තු 30 වැනිදා මගේ වැලි ටිපර් රථය හා තවත් ටිපර් රථයක් එකිනෙක ගැටී අනතුරක් සිදුවුණා. ඒක සුළු අනතුරක්. ඇත්තටම එම අනතුර දෙපාර්ශ්වය සමඟ කතාබහ කරගෙන විසඳා ගැනීමට තිබුණු එකක්. නමුත් සිද්ධිය සම්බන්ධයෙන් වාහන දෙකම කිරින්ද පොලිසියට අරගෙන ගියා පොලිසියෙන් ඇවිත්. මගේ ටිපරයේ වැදුණු අනෙක් ටිපර් රථය කිරින්ද පොලිස් ස්ථානයේ ස්ථානාධිපති නවරත්න මහතාගේ හිතවතෙක්ගේ. ඒ නිසාම ඒ ටිපර් රථය පොලිසියෙන් මුදාහැරලා මගේ ටිපර් රථය විතරක් පොලිසියේ රඳවාගෙන හම්බන්තොට මෝටර් රථ පරීක්ෂකවරයා ගෙන්වලා මගේ වාහනයේ අඩුපාඩු පරීක්ෂා කෙරෙව්වා. එහිදී මගේ ටිපර් රථයේ කිසිදු අඩුපාඩුවක් නොමැති බවට අනාවරණය වුණා. නමුත් මගේ ටිපරයේ වැදුණු අනෙක් ටිපර් රථයේ චැසි අංකයක්වත් නොමැති එකක් බව අනාවරණය වුණා. ඊට පස්සෙ කිරින්ද පොලිසියේ ගේට්ටුව වසා ගැරේජ් බාස් කෙනෙක් ගෙනත් මගේ ටිපර් රථයේ කොටස් ඉවත් කරන බවට මට පණිවිඩයක් ලැබුණා. ඒ අනුව මම ඉක්මනට පොලිසියට ගිහින් ඇහුවා ඇයි මෙහෙම කරන්නේ කියලා. මේක දැන් නඩු භාණ්ඩයක් හැටියටනේ පොලිසියේ තියාගෙන ඉන්නේ කියා මා පොලිසියෙන් විමසුවා. මම එහෙම ඇහුවම මට ලැබුණු පිළිතුර තමයි මේක ස්ථානාධිපති තුමාගේ කීමට සිදුකරන දෙයක් බව.
 
පසුව පොලිසියේ වැඩබලන පොලිස් ස්ථානාධිපතිවරයා මට එන්න කියලා පණිවිඩයක් දුන්නා. ඒ අනුව මම මගේ පුතා සමඟ පොලිසියට ගියාම වැඩබලන ස්ථානාධිපති ලෙස කටයුතු කළ රංජන් මහත්තයා අපිව පොලිසියේම වෙනත් කාමරයකට අරන් ගියා. ඒ ගෙනගිහින් අපේ ළඟ පිහි තියේද බලන්න ඕනේ කියා පරීක්ෂා කරන්න ඕනේ කිව්වා. එහෙම කියලා මගෙයි පුතාගෙයි ඇදුම් ගලවලා මටයි පුතාටයි කුණුහරුපෙන් ඉතා කැත විදියට බනිමින් ඉතා අමානුෂික විදියට ගැහුවා. තොපි මේ වැලි රස්සාව අදින් පස්සේ නවත්වන්න ඕනෙ. ආයෙත් වැලි රස්සාව උඹලට කරන්න බෑ. ආයේ මේ රස්සාව කළොත් වෙඩි තියල දමනවා යැයි කීවා. තොපේ ගෙදරට කුඩු ගෙනත් දමල අල්ලගෙන යනවා කියමින් අපිට හොඳටම පහර දුන්නා. ගහල ඉවර වෙලා අපි දෙන්නා ගෙනත් පොලිස් කූඩුවට දැම්මා. ඊට පස්සෙ ටික වෙලාවකින් පොලිස් නිලධාරීන් හය දෙනෙක්ට එන්න කියලා වැඩබලන ස්ථානාධිපතිවරයා කිව්වා මුගේ කකුල කඩන්න කියලා. නමුත් ඒ නිලධාරීන් බැහැ කියලා කිව්වා. එක් නිලධාරියෙක් කිව්වා කකුලක් කඩන්නම් කියා.
 
පොලිසිය සිදුකළ පහරදීමෙන් මගේ වම් කකුලේ හා වම් අතේ අස්ථි වලට දැඩි හානි සිදුවුණා. කන තුවාල වෙලා මුළු ශරීරයේම තැලීම් තුවාල සිදු වෙලා තිබුණා. පස්සෙ සුවසැරිය ගිලන් රථයක් ගෙන්නල මාව දෙබරවැව රෝහලට රැගෙන ගියා. එතනින් මාව හම්බන්තොට මහ රෝහලට රැගෙන ගියා. එහිදී අධිකරණ වෛද්‍යවරු පවා මාව පරීක්ෂා කළා. මහෙස්ත්‍රාත්තුමත් රෝහලට ඇවිත් පරීක්ෂා කර කටඋත්තර ලබා ගත්තා. පොලිසියේ දැඩි ඉල්ලීම මත කියලා මාව රක්ෂිත බන්ධනාගාරගත කළා. පසුව සැප්තැම්බර් 11 දින තමයි මම ඇප ලබා ගෙදර ආවේ. මට කිරින්ද පොලිසියෙන් මේ අසාධාරණය වෙන්නෙ අද ඊයෙක ඉඳන් නොමේ. ගොඩක් කල් ඉඳන් මෙහෙම අසාධාරණකම් පොලිසිය මට කළා. මම යන්න තියෙන හැම තැනටම ගිහින් මේ ගැන කිව්වා. නමුත් වැඩක් වුණේ නෑ. එක වතාවක් මගේ ගෙදර නවතා තිබුණු ටිපර් එක පොලිසියට අරගෙන ගිහින් වැලි පුරවලා උසාවි දමලා දඩ ගැස්සෙව්වා. මට මේ සිදු වුණු අසාධාරණය මම ඇමැති චමල් රාජපක්ෂ මහතාට කිව්වා. එතුමා මේ ගැන සොයා බලා වහාම පරීක්ෂණයක් කරන්න කියලා කිව්වා. මම විශ්වාස කරනවා මට මෙතනිත් සාධාරණයක් වෙයි කියලා යැයි පැවසීය.
 
දිවයින 
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Top