Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Sep
19
"අපිට ඔයාලාගේ වීඩියෝ යවන්න ඕනේ.. නැත්නම් දන්නවානේ..." - යාපනය විශ්වවිද්‍යාලයේ සිදුවන බව කියන නවක වදය සිද්ධියෙන් අලුත්ම හෙළිදරව්ව මෙන්න

- "අපිට ඔයාලාගේ වීඩියෝ යවන්න ඕනේ.. නැත්නම් දන්නවානේ..." - යාපනය විශ්වවිද්‍යාලයේ සිදුවන බව කියන නවක වදය සිද්ධියෙන් අලුත්ම හෙළිදරව්ව මෙන්නHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

4,245 Views
තරගකාරී උසස් පෙළ විභාගයට පෙනී සිටින ශිෂ්‍ය ශිෂ්‍යාවන් අතරින් විශ්වවවිද්‍යාල වරම් ලබනුයේ සීමිත පිරිසක් පමණි. විශ්වවිද්‍යාල ප්‍රවේශයට විශාල පිරිසක් සුදුසුකම් ලැබුවද ජාතික විශ්වවිද්‍යාල පද්ධතියේ ඇති පහසුකම් මද නිසා බොහෝ පිරිසකට විශ්වවිද්‍යාලවලට යෑමේ වරම් අහිමි වෙනු ඇත.
 
 ඒ අනුව බලන කල මෙරට ජාතික විශ්වවිද්‍යාල පද්ධතියට ඇතුළත් වීම යනු ශිෂ්‍යයකු තම දිවියේ ලබන සුවිශේෂී කඩඉමක් ලෙස හඳුන්වාදිය හැකිය. එහෙත් නිදහස් මනසකින් සහ නිදහස් චින්තනයකින් යුතුව තම අධ්‍යාපන ජීවිතය ගත කිරීමට විශ්වවිද්‍යාල වරම් ලබන ශිෂ්‍යයන්ට බලවත් බාධකයක් වී ඇත්තේ නවක වධය නමැති අමානුෂික ක්‍රියාවලියකි. ජ්‍යෙෂ්ඨකමක් නමැති ජ්‍යෙෂ්ඨයන් ලෙස හඳුන්වනු ලබන උම්මත්තකයන් අතළොස්සකගේ නොහොබිනා ක්‍රියාකලාපය නිසා සමහර දරුවන්ට සරසවිය අපායක් වූ අවස්ථා එමටය. 

එනිසාම විශ්වවිද්‍යාල පාලන අධිකාරිය සහ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව නවක වධය විශ්වවිද්‍යාලවලින් තුරන් කිරීමේ මෙහෙයුමක නිරතව සිටියි. මෙම වසරේ සිට බුද්ධි අංශ නිලධාරීන් ද යොදවා නවක වධය විශ්වවිද්‍යාලවලින් තුරන් කිරීමට රජය පියවර ගෙන ඇති බවද වාර්තා වෙයි.
 
 මේ කවර තහංචි, බලපෑම් සහ නීතිමය තත්ත්වයන් නවක වධයට එරෙහිව ක්‍රියාත්මක වුවද තවමත් නවක වධය දෙන ගහලයන් පිරිසක් විශ්වවිද්‍යාලවල සිටින බව පෙනී යයි. ඊට හොඳම උදාහරණය ලෙස පසුගිය දිනවල යාපනය විශ්වවිද්‍යාලයේ සිදුවූ නවක වධ සිද්ධිය හඳුන්වා දිය හැකිය.
 
අප රටට ද එල්ල වූ කොවිඩ් බලපෑම හමුවේ විශ්වවිද්‍යාල පද්ධතියේ ද අධ්‍යාපනය කරගෙන යෑමේ අවස්ථාව ගිලිහී ගියේය. එම අවස්ථාවේදී විශ්වවිද්‍යාල පරිපාලන සහ ආචාර්යවරු එක්ව නවීන තාක්‍ෂණය යොදාගෙන දුරස්ථ අධ්‍යාපනය ඔස්සේ විශ්වවිද්‍යාල පීඨයන්ගේ අධ්‍යාපන කටයුතු කරගෙන යෑමට පටන් ගත්හ. එය අප දකිනුයේ කාලෝචිත පියවරක් ලෙසයි. මේ වන විටත් ඇතැම් විශ්වවිද්‍යාලවල අවසන් වසරේ විභාග පවත්වා නොමැත. එහෙත් පළමු වසරට සිසුන් බඳවා ගැනීමද ප්‍රමාද කළ නොහැකි මට්ටමක පවතී. එනිසා බොහෝ විශ්වවිද්‍යාල නවීන තාක්‍ෂණය උපයෝගී කරගෙන පළමු වසරවල සිසුන්ට ආරම්භක දේශන අරඹා ඇත.
 
 තාක්‍ෂණය යනු හොඳට නරකට දෙකටම භාවිතා කළ හැකි මෙවලමකි. සමහර පිරිස් නවීන තාක්‍ෂණය යොදාගෙන බොහෝ යහපත් ක්‍රියාවල නිරත වෙති. එහෙත් අතළොස්සක් දෙනා නවීන තාක්‍ෂණය ගණිකා වෘත්තියේ යොදවනු බවත් පෙනේ. අප ඉහතදී සඳහන් කළ යාපනය විශ්වවිද්‍යාලයේ නවක වධයට සම්බන්ධ වී ඇති නවක වධ ගහලයන් ද තාක්‍ෂණය උපයෝගී කරගෙන නවක වධය අලූත් විදිහට අත්හදා තිබීම ගැන අපට ඇත්තේ ජුගුප්සාජනක හැඟීමකි.
 
යාපනය විශ්වවවිද්‍යාලයේ කළමනාකරණ අධ්‍යයන පීඨයේ පළමු වසරේ සිසු සිසුවියන් පිරිසක් මෙම නවක වධයට ගොදුරු වී ඇත. එම පීඨයේම දෙවැනි වසර සිසු සිසුවියන් පිරිසක් පළමු වසර සිසුන්ට තර්ජනය කොට බලපෑම් කර ඇත්තේ වට්ස්ඇප් සහ සමාජ මාධ්‍ය ඔස්සේ නිරුවත් ඡායාරූප, වීඩියෝ සහ ස්වයං වින්දනය කරන ආකාරයේ දර්ශන එවන ලෙසයි. මෙම නවක වධ සිද්ධියට සිසු සිසුවියන් 120 දෙනකු පමණ ගොදුරුවී ඇති බවද දැනගන්නට ඇත. මෙම නීච ක්‍රියාවලිය විශ්වවිද්‍යාලයේ තෙවැනි වසරේ සහ අවසන් වසරේ සිසුන් පිරිසකගේ අනුදැනුම හා උපදෙස් මත සිදුවී ඇති බවද සැලවී ඇත. 
 
කොයිතරම් තරග විභාගයකින් සමත් වුවද කොයිතරම් දක්‍ෂ වුවද, මෙම නවක වධයට සම්බන්ධ වූවන් අඳබාලයන් පිරිසක් බව අමුතුවෙන් කිව යුතු නැත. එනිසාම මෙම පිරිසට දඬුවම් ලබාදී සරසවියෙන් පන්නා දැමිය යුතුය. තමන්ගේ පහත් ආශාවන් සන්තර්පනය කර අනෙකාගේ නිදහස නැති කිරීම, අනෙකාගේ ගෞරවය කෙලසීමට කාටවත් අයිතියක් නොමැත. විශ්වවිද්‍යාල යනු තවත් මුදානොගත් කලාපයක් නොවිය යුතුයි. රටේ හෙට දවසට අවැසි උගතුන්, වියතුන්, දාර්ශනිකයන් බිහිකරන විශ්වවිද්‍යාල භූමිය කෙලසීමට කාටවත් ඉඩදිය යුතු නැත.
 
දිවයින
 
 
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Top