Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Sep
19
"අදටත් අපේ බැඳීමේ කිසිම වෙනසක් නැහැ. පුළුවන් හැම වෙලාවෙම අපි මුණගැහෙනවා" - පුංචි කාලේ කරපු දඟ වැඩ ගැන ගයාන් ගුණවර්ධනගේ එකම සහෝදරිය දුලාරි කියූ දේ - Photo

- "අදටත් අපේ බැඳීමේ කිසිම වෙනසක් නැහැ. පුළුවන් හැම වෙලාවෙම අපි මුණගැහෙනවා" - පුංචි කාලේ කරපු දඟ වැඩ ගැන ගයාන් ගුණවර්ධනගේ එකම සහෝදරිය දුලාරි කියූ දේ - PhotoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

7,458 Views
මගේ ජීවිතේ ප්‍රශ්න, කරදර ආව හැම වෙලාවකම මල්ලි මගෙ ළඟ හිටියා - දුලාරි
අක්කා මේ ක්ෂේත්‍රයට කැමති නැහැ. එයා ගොඩක් අහිංසක චරිතයක් - ගයාන්
 
මෙවර සති අන්ත පුවත්පතක විශේෂාංගයට එක් ව ජනප්‍රිය ගායන ශිල්පී නුවන් ගුණවර්ධනගේ දියණිය දුලාරි සහ පුතු ගයාන් ගුණවර්ධන සිය අදහස් ප්‍රකාශ කර තිබෙනවා. පුංචි කාලයේ සිදුවුණු සිදුවීම ගැන මතක අලුත් කෙරුනු මෙම සංවාදය පහතින් දැක්වේ...... 
 

ගයාන් නව පරපුර නියෝජනය කරන ජනප්‍රිය ගායකයකු සහ රංගන ශිල්පියෙකි.  කුඩා වියේ සිට කලාවේ ආභාසය ලැබූ මේ අක්කාමලෝ ඔවුන්ගේ සොයුරු දමේ මතක සිහි කළේ සොම්නසිනි.
 
"අක්කයි මායි අතර වයස පරතරය අවුරුදු අටක්. ඒ වුණාට දන්න දවසේ ඉඳන් අක්කයි මායි එකටමයි හිටියේ. සෙල්ලම් කළේ, ඉස්කෝලෙ ගියේ එකටමයි. අපි දෙන්නා යාළුවො වගේ තමයි හිටියේ. මම ඉස්කෝලෙ ගිහින් ඉවර වෙනකම්ම මගේ පොත්වලට කවර දාලා දුන්නෙ අක්කා. ඒ විතරක් නෙවෙයි මගෙ හැම දේම කරලා දුන්නේ අක්කා. කෙටියෙන්ම කිව්වොත් අක්කා මාව බලාගත්තෙ අම්මා කෙනෙක් වගේ"
 
ගයාන් ඒ මතක සිහි කළේ එලෙසය. අපි දුලාරි ගෙන්ද ඒ ගැන විමසුවෙමු.  
 
" අපි ස්කූල් වෑන් එකේ යද්දිත් එද්දිත් මම මල්ලිව හරියට පරෙස්සම් කරනවා. පොඩි කාලේ ඉඳන් මම එයාව ඇහැක් වගේ බලාගත්තා. ඒ තරම්ම මම මල්ලිට ආදරෙයි. හැබැයි ඉතින් මල්ලි පොඩි කාලේ ටිකක් දඟයි. ඒ හින්දම මට එයා නිසා පොඩි පොඩි අකරතැබ්බත් වෙලා තියෙනවා"  
 
ඒ මොනවාදැයි විමසද්දී  ඇය පිළිතුරු දුන්නේ සිනාසෙමිනි.
 
"ඒ කාලේ  මල්ලි  දඟ වුණත් මම කවදාවත් මල්ලිට අතවත් තියලා නැහැ. හැබැයි මල්ලි නම් පොඩි කාලේ එයාගේ අතට අහුවෙන එකෙන් මට ගහනවා. දවසක් මල්ලි  පිටට ලොකු බැට්‍රියකින් ගහලා මං කලන්තෙ දාලා වැටුණා. ඒ වගේ ඒවා  ඕනෙතරම් වෙලා තියෙනවා. හැබැයි එකම එක දවසක් මගෙ අතින් මල්ලිටත් පොඩි ඇබැද්දියක් වුණා. ඒක මතක් වෙද්දි නම් තාමත් දුකයි" දුලාරි එසේ කියද්දී ඒ මතකය අවදි කළේ ගයාන්ය.
 
"ඒක වෙද්දි මම ගොඩක් පොඩියි. අක්කා ඔන්චිල්ලාව පැද පැද ඉන්කොට ඒ ළඟ හිටපු මගෙ අතේ තිබුණ සෙල්ලම් බඩුව වැටිලා මම ඒක අහුලන්න ඔන්චිල්ලාව යටට ගියා. ඒ එක්කම ඔන්චිල්ලාව ඇවිත් මගෙ ඔළුවේ වැදිලා ඔළුව පැළුණා. අදටත් මගෙ ඔළුවෙ ඒ කැලැල තියෙනවා.
 
ඒ වගේම ඒ තුවාල වුණ තැන අදටත් මගෙ කොණ්ඩෙ වැවෙන්නෙ නැහැ. ඒක ඉතින් අක්කගෙ වැරැද්ද නෙවෙයි. මමනෙ ඔන්චිල්ලාව යටට රිංගුවෙ. ඒත් මගෙ ඔළුව තුවාල වුණු එක ගැන අක්කා ගොඩක් දුක් වුණා "
 
"තාමත් මට දුකයි ඒක මතක් වෙද්දි. මල්ලි දඟ කළාට මම එයාට ගොඩක් ආදරෙයි. පොඩිකාලේ අපි රණ්ඩු වුණේ හරිම පුංචි දේවල්වලට. පොඩි කාලේ මල්ලි කාටුන් පිස්සෙක්. ඉතින් ටීවී එකේ මට ඕන දෙයක් බලන්න බෑ. එයා බලන්නෙ කාටුන් විතරයි.  ඒ කාලේ අපේ ගෙදර තිබුණු එකම කම්පියුටර් එක තිබුණෙත් මගෙ කාමරේ. ඒකටත් මල්ලි තරහයි. එයාට ඕන කම්පියුටරෙන් ගේම් ගහන්න. ගෙදර තිබුණු ලෑන්ඩ් ලයින් එකත් මගෙ කාමරේට කනෙක්ට් කරලා තිබුණේ. ඒ වගේ දේවල් ගැන මල්ලිට හරි තරහයි. "දුලාරි කීවේ සිනා සෙමිනි. පියාගේ අඩි පාරේ යමින් ගායකයකු ලෙස ක්ෂේත්‍රයට ආ ගයාන්ගෙන් ඊළඟට අප විමසුවේ කලාව පිළිබඳ දුලාරිගේ  කැමැත්ත ගැනයි.
 
"අක්කට භාෂා තුනකින් හොඳට සින්දු කියන්න පුළුවන්. ඒ වුණාට අක්කා මේ ක්ෂේත්‍රයට කැමති නැහැ. එයා ගොඩක් අහිංසක චරිතයක්. ඒ නිසා අක්කා කලාවට යොමු වුණේ නැහැ. ඇය පෞද්ගලික අංශයේ රැකියාවක් කරනවා"
 
 ඒ ගැන දුලාරි වැඩිදුරටත් මෙසේ කීවාය.
 
"ඒක ඇත්ත. සින්දු කියන්න හැකියාවක් තිබුණත් ක්ෂේත්‍රයේ සිදුවන සමහර දේවල් දරාගැනීමේ ශක්තියක් මට නැති බව දන්න නිසා මම ඒ පැත්තට යොමු වුණේ නැහැ. නමුත් මට මල්ලි ගැන හරිම සතුටුයි, ආඩම්බරයි. නුවන් ගුණවර්ධනගෙන් පස්සේ ඒ තැන ඉන්නෙ මල්ලි. ඒක මට ලොකු සතුටක් " අවිවේකී බව අතර සොයුරු බැඳීම් පවත්වාගෙන යන ආකාරය ගැන ගයාන් කීවේ මෙවැන්නකි.
 
"අදටත් අපේ බැඳීමේ කිසිම වෙනසක් නැහැ. පුළුවන් හැම වෙලාවෙම අපි මුණගැහෙනවා. දුරකථනයෙන් කතා කරනවා. අපි දෙන්නගේ ඕනම දේකට අපිට අපි ඉන්නවා" 
 
ගයාන් මොන වගේ චරිතයක්ද? අපේ අවසන් ප්‍රශ්නය යොමු වුණේ දුලාරිටයි.
 
"මල්ලි ඕනෑම වෙලාවක ඕනෑම කෙනකුට උදවු කරන  හරිම හොඳ හදවතක් තියෙන කෙනෙක්.  ආඩම්බරයි වගේ පෙනුණට එයා එහෙම නෑ. ඒ වගේම කොයි තරම් අවිවේකී වුණත් අවශ්‍ය හැම මොහොතකදීම මල්ලි මං ළඟ ඉන්නවා. මගේ ජීවිතේ ප්‍රශ්න, කරදර ආව හැම වෙලාවකම මල්ලි මගෙ ළඟ හිටියා. මමත් එහෙමයි. අපි වයසට ගියත්  ලේවලින් එන බැඳීම වෙනස් වෙන්නෙ නැහැ"
 
 
සුරේකා නිල්මිණි ඉලංගකෝන් - සිළුමිණ


Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Top