Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Sep
19
සුරූපී මෝස්තර නිරූපණ ශිල්පිනිය හොර රහසේ පවත්වාගෙන ගිය ජාවාරමක් පොලිසියට කොටු වූ හැටි මෙන්න - Video

- සුරූපී මෝස්තර නිරූපණ ශිල්පිනිය හොර රහසේ පවත්වාගෙන ගිය ජාවාරමක් පොලිසියට කොටු වූ හැටි මෙන්න - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

10,966 Views
දිවයිනේ විවිධ ප්‍රදේශවල සිදුකළ වැටලීම්වලදී හෙරොයින් ඇතුළු මත්ද්‍රව්‍ය සමග සැකකරුවන් රැසක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
 
මේ අතර, හෙරොයින් ජාවාරම සම්බන්ධයෙන් පානදුර ප්‍රදේශයේ පදිංචි මෝස්තර නිරූපණ ශිල්පිණියක්ද අත්අඩංගුවට ගත් බව පොලීසිය සඳහන් කළා.
 
හෙරොයින්, අයිස් මත්ද්‍රව්‍ය සහ රුපියල් තුන්ලක්ෂ 25,000ක්, පවුම් 6ක රන් භාණ්ඩ, ජංගම දුරකථන 6ක්, හෙරොයින් පැකට් කිරීම සඳහා භාවිත කළ තරාදියක් සමග සැකකරුවන් තිදෙනෙකු ගල්කිස්ස - කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙහි පළමු සැකකරු දෙහිවල ප්‍ර දේශයේදී අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහුගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී ලද තොරතුරු අනුව අනෙක් සැකකරුවන් දෙදෙනා ද අත්අඩංගුවට ගෙන ඇත්තේ සිදුකළ ගල්කිස්ස සහ රත්මලාන ප්‍ර දේශවලට මත්ද්‍රව්‍ය අලෙවි කළ අය බව පොලීසිය සඳහන් කළා.
 
සැකකරුවන් අවුරුදු 21,34 සහ 35 යන වයස් සීමාවල පසුවන බඩෝවිට, දෙහිවල සහ රාජගිරිය ප්‍ර දේශවල පදිංචිකරුවන් වන අතර, ඔවුන් කුලී නිවසක රැඳී සිට මෙම ජාවාරම සිදුකර තිබෙනවා.
 
මෙම සැකකරුවන් සතු දේපළ සහ බැංකු ගිණුම් පිළිබඳ පොලීසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා.
 
පානදුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශයට ලද තොරතුරකට අනුව අධික ලෙස හෙරොයින් සඳහා ඇබ්බැහි වී සිටි අඹුසැමි යුවළක් හෙරොයින් සමග අත්අඩංගුවට ගෙන තිබෙනවා.
 
අදාළ කාන්තාව පානදුර ප්‍රදේශයේ ප්‍රකට මෝස්තර නිරූපණ ශිල්පිණියක් බව සඳහන්.
 
ඔවුන්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණ කරගත් තොරතුරු අනුව පානදුර සිට දෙහිවල දක්වා සංවිධානාත්මක ලෙස හෙරොයින් අලෙවි කරන පුද්ගලයින් දෙදෙනෙකු උපායදූතයෙකු මාර්ගයෙන් වලාන ප්‍ර දේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
 
අදාළ පුද්ගලයින් දෙදෙනා දෙහිවල ප්‍ර දේශයේ පදිංචිකරුවන් වන අතර, ඔවුන් සන්තකයේ තිබී හෙරොයින්, ජංගම දුරකථන 6ක් සහ මත්ද්‍රව්‍ය ජාවාරමෙන් ඉපයූ බව සැලකෙන මුදල්ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.
 
සියඹලාණ්ඩුව ප්‍ර දේශයේ සිදුකළ හදිසි වැටලීමකදී හෙරොයින් ජාවාරමේ නිරත ප්‍රධාන පෙළේ සැකකරුවන් දෙදෙනෙකු හෙරොයින් සමග අත්අඩංගුවට ගෙන තිබෙනවා.
 
වයස අවුරුදු 20ක් වන සැකකරුවන් දෙදෙනා සියඹලාණ්ඩුව ප්‍රදේශයේ පදිංචිකරුවන් බවයි පොලිසිය සඳහන් කළේ.
 
කොස්ලන්ද - ඌරම - කරපිංචා රක්ෂිතයේ අක්කර 20ක භූමි ප්‍ර දේශයක පවත්වාගෙන ගිය ගංජා හේන් දෙකක් වටලා සැකකරුවන් දෙදෙනකු අත්අඩංගුවට ගැනීමට බණ්ඩාරවෙල කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය සමත් වුණා.
 
අත්අඩංගුවට ගත් සැකකරුවන් කොස්ලන්ද හා මිද්දෙණිය ප්‍ර දේශවල පදිංචිකරුවන්.
 
මේ අතර, සුරාබදු කාර්යාලයේ නිලධාරීන් සිදුකළ සෝදිසි මෙහෙයුමකදී ගාල්ල සහ වටරැක ප්‍ර දේශවලදී හෙරොයින් සහ කේරළ ගංජා සමග පුද්ගලයින් 6 දෙනෙක් සහ කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
 
අදාළ සැකකරුවන් වයස අවුරුදු 23 සහ 45 අතර වයස් සීමාවල පසුවනවා.
 
බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාසයට ලද තොරතුරකට අනුව බොරැල්ල පොලීසියේ නිලධාරීන් සමග එක්ව සිදුකළ වැටලීමකදී බේස්ලයින් පාර හරස් මාර්ගයේදී 30 හැවිරිදි පුද්ගලයෙකු රුපියල් ලක්ෂ 3කට අධික ගංජා තොගයක් සමග අත්අඩංගුවට ගෙන තිබෙනවා.
 
සැකකරු මට්ටක්කුලිය ප්‍ර දේශයේ පදිංචිකරුවෙකු බව පොලීසිය සඳහන් කළා.
 
පොලීසියට ලද තොරතුරක් මත අලව්ව - උරුලෑමුල්ල ප්‍ර දේශයේදී විදේශීය රටක නිපදවූ පිස්තෝලයක් සහ ඊට උණ්ඩ පතරොම් 4ක් සමග 31 හැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
 
අදාළ සැකකරු ප්‍ර දේශයේ පෙදරේරුවෙකු වන බවද පොලීසිය සඳහන් කළා.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Top