Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Sep
19
සුශාන්ත්ගේ මරණය අස්සේ ඉන්දියාව යළිත් ඇවිලෙයි - තෙලිඟු සිනමාවේ සුරූපී නිළි ශ්‍රවානිත්, TikTok මිතුරා නිසා ජීවිතය අහිමි කරගෙන - Photos

- සුශාන්ත්ගේ මරණය අස්සේ ඉන්දියාව යළිත් ඇවිලෙයි - තෙලිඟු සිනමාවේ සුරූපී නිළි ශ්‍රවානිත්, TikTok මිතුරා නිසා ජීවිතය අහිමි කරගෙන - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

7,726 Views
දෙන්නා කතා කරපු හඬ පට කිහිපයකුත් එළියට ඇවිත්...
 
සමාජ මාධ්‍ය ඔස්සේ ඇති කරගත් සබඳතාවක ප්‍රතිඵලයක් ලෙස ඉන්දියාවේ තෙලිඟු රූපවාහිනි නිළියක සිය ජීවිතයට සමුදී ඇත.
 
නමින් ශ්‍රවානි කොන්ඩපල්ලි (Sravani Kondapalli) නම් වන ඇය වසර අටක් මුළුල්ලේ රූපවාහිනි නිළියක ලෙස ජනාදරයට පත්ව සිටියාය. අනපේක්‍ෂිත ලෙස සිය ජීවිතයට සමුදෙද්දී ඇය 26 හැවිරිදි වියේ පසුවූවාය.

ඉකුත් බ්‍රහස්පතින්දා හයිද්‍රබාද්හි මදුර්නගර්හි පිහිටි ඇයගේ නිවෙසේ නාන කාමරය තුළ තිබී ඇයගේ නිසල දේහය හමුවූ බව පවුලේ සාමාජිකයන් විසින් පොලිසියට දන්වා තිබිණි. පවුලේ අනෙකුත් අයට නොදැනෙන ලෙස නාන කාමරය තුළට ඇතුළුව හුදෙකලා වී ගෙල වැලලාගෙන සිය දිවි නසාගන්නට ඇති බව පවුලේ අය කියා තිබේ.
 
ශ්‍රවානිගේ සියදිවි නසාගැනීම සම්බන්ධයෙන් ඇයගේ 'ටික් ටොක්' (TikTok) රසික මිතුරා වූ දේවරාජ් රෙඩ්ඩි (Devaraj Reddy) වගකිව යුතු බව පවුලේ අය ප්‍රකාශ කර සිටියහ. දේවරාජ් රෙඩ්ඩිගේ අසීමාන්තික වදහිංසා හේතුවෙන් ඒවා දරාගැනීමට නොහැකි වූ තැන ශ්‍රවානි සියදිවි නසාගත් බවට ඔවුහු චෝදනා කළහ.
 
මෙකී දේවරාජ් රෙඩ්ඩි නමැති ඇයගේ ටික්ටොක් මිතුරා ඔහු සහ ශ්‍රවානි අතර වූ දෙබස් ඇතුළත් හඬ පට දෙකක් රූපවාහිනි චැනලයකට මුදාහැර ඇති අතර එම හඬපටවල සායි ක්‍රිෂ්ණ රෙඩ්ඩි නමැත්තකුගේ සහ නිෂ්පාදකවරයකු වන අෂොක් රෙඩ්ඩිගේ නම කියැවෙන බව සඳහන්ය.
 
ශ්‍රවානිගේ මරණය සම්බන්ධයෙන් දේවරාජ් රෙඩ්ඩි සහ සායි ක්‍රිෂ්ණා රෙඩ්ඩි යන දෙදෙනාම වීඩියෝ පට මඟින් ප්‍රකාශයන් කොට ඇත. එමඟින් ශ්‍රවානි සායි ක්‍රිෂ්ණා රෙඩ්ඩි සහ අශෝක් රෙඩ්ඩි යන දෙදෙනා සමඟද මිතුරු සබඳතා පවත්වා ඇති බව හෙළිදරව් වේ. RX 100 චිත්‍රපයේ නිෂ්පාදකවරයා වන අශෝක් රෙඩ්ඩිගේ ණය පත (Credit Card) ශ්‍රවානි විසින් ඇයගේ වියහියදම් සඳහා භාවිත කර ඇති බවටත් නමුත් එය තමාගෙන් සඟවන ලද බවටත් දේවරාජ් රෙඩ්ඩි චෝදනා නඟා ඇත.
 
ශ්‍රවානිගේ මවුපියන් විසින් කරන ලද චෝදනාව අනුව සියදිවි නසාගැනීමට පෙලඹවීම යටතේ ඉන්දීය දණ්ඩනීති සංග්‍රහයට එරෙහිව වරදකාරිත්වය මත දේවරාජ් රෙඩ්ඩිට එරෙහිව පොලිසිය චෝදනා නඟා ඇත. කෙසේ වුවත් දේවරාජ් රෙඩ්ඩි කියා සිටින්නේ සායි ක්‍රිෂ්ණා රෙඩ්ඩි සහ ශ්‍රවානිගේ පවුලේ අයගේ වදහිංසා හේතුවෙන් ඇය සියදිවි නසාගත් බවයි.
 
එසේම සියදිවි නසාගැනීමට සුළු මොහොතකට පෙර ශ්‍රවානි ඔහුට කතාකර එම පියවර ගන්නා බව පැවැසූ බවද දේවරාජ් රෙඩ්ඩි ප්‍රකාශ කරයි. තමා ශ්‍රවානිගේ පවුලේ මිතුරකු වන අතර තමාට කරන චෝදනා ප්‍රතික්ෂේප කරන බවද ඔහු කියා සිටී. මාස කිහිපයකට පෙර ටික් ටොක් හරහා දේවරාජ් සමඟ ශ්‍රවානි ඇතිකර ගත් සම්බන්ධය පසුව ආදර සබඳතාවකට පෙරැළී ඇත. ඉකුත් ජුනි මාසයේදී ශ්‍රවානිගේ පවුලේ සාමාජිකයන් කළ පැමිණිල්ලක් හේතුවෙන් පොලිසිය විසින් දේවරාජ් අත්අඩංගුවට ගන්නා ලදී. එම පැමිණිල්ලෙන් කියැවුණේ ඇය සමඟ විවාහ වීමට දේවරාජ් දැඩි සේ වදදෙන බවයි. එසේම ශ්‍රවානිගේ පෞද්ගලික ඡායාරූප හා වීඩියෝ පට සමාජ මාධ්‍යයට මුදාහරින බවට තර්ජනය කරමින් ඉන්දීය රුපියල් ලක්‍ෂයක මුදලක් ඇයගෙන් ඉල්ලා ඇති බවයි. එසේම එම මුදල ඔවුන් විසින් ගෙවූ පසුත් Google Pay හරහා ගෙවන ලෙසට බල කරමින් ඇයට තර්ජනය කර ඇති බවයි.
 
මේ සම්බන්ධයෙන් තවදුරටත් පොලිස් පරීක්‍ෂණ පැවැත්වේ.
 
රූ කාරියවසම්
මෙම ලිපිය "මව්බිම" පුවත්පතේ "හදගැස්ම" අතිරේකයෙන්....


Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Top