Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Sep
19
“ගෙදරකට සර්පයෙක් ආවොත් මරන්න එපා. මට ඇමතුමක් දුන්නොත් ළඟපාත නම් මං එන්නම්...” - විෂ ඝෝර සර්පයෝ තුරුළු කරන් වෙදකම් කරන, අවුරුදු 17ක් වයස කළණ කාංචන-ගේ කතාව

- “ගෙදරකට සර්පයෙක් ආවොත් මරන්න එපා. මට ඇමතුමක් දුන්නොත් ළඟපාත නම් මං එන්නම්...” - විෂ ඝෝර සර්පයෝ තුරුළු කරන් වෙදකම් කරන, අවුරුදු 17ක් වයස කළණ කාංචන-ගේ කතාවHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

6,008 Views
“මම සර්පයන්ට බය නැත්තෙත් උන්ට තියෙන ආදරේ හින්දමයි..”
 
“හුඟක් සර්පයෝ කිනිතුල්ලෝ කෑමෙනුයි, වණ ගෙඩිවලිනුයි දුක් විඳිනවා..”
 
“සර්පයෝ ගොවිතැන් කටයුතුවලටත් උදවු කරනවා දන්නේ නැද්ද?”
 
සර්පයකු දුටු හැටියේම අපි බියෙන් ත්‍රස්ත වෙමු. මොහොතක් හිරිකිතෙන් හිරිවැටෙමු. ඊළඟට පොලු සොයන්නට දුවමු. ගල් මුගුරු රැගෙනවිත් පහර දී මරමු. ඉන්පසු පුලුස්සා නැති භංග කර දමමු.
 
ඊටත් පසු “විෂ ඝෝර සර්පයා දැක නෑර මෝඩයා” නමැති අප විසින්ම අරුත පටලවා ගනු ලැබූ උපදේශාත්මක කවි දෙපදයක්ද කියා අපේ නිවැරැදි භාවය සමාජගත කරමු. දෙරණ මත තුඹසයා - තුඹස තුළ නාගයා විෂ ඝෝර සර්පයා දැක නෑර මෝඩයා” යන්න දහම් ගැටයකි.

මේ නිසා ලංකාවේ සර්පයෝ විනාශ වීමේ මුවවිමට ළං වෙමින් සිටිති.
 
කොයි සර්පයාටත් සම මෙත් කරුණාව දක්වන බුදු පුතකු අපට මුණගැහෙන්නේ මෙබඳු පරිසරයකදීය. ඔහු නම් කුරුණෑගල ලක්දාස් ද මෙල් විදුහලේ අධ්‍යාපනය ලබමින් 2022 උසස් පෙළට මුහුණ දීමට සූදානම් වෙමින් සිටින 17 හැවිරිදි කලණ කාංචන වීරක්කොඩි සිසුවාය.
 
“මම පොඩි කාලේ ඉඳන්ම සර්පයන්ට ආදරෙයි. මට තේරෙන කාලේ හිටන් මං සර්පයෙක් මරලා නෑ. මම සර්පයන්ට බය නැත්තෙත් උන්ට තියෙන ආදරේ හින්දමයි.” එසේ කීවේ කුරුණෑගල, තෝරයායේ කුඩා කෝවානේ “නිසංසල උයන” නමැති නිවෙසේ වෙසෙන කලණ කාංචනයි.
 
“මං මුලින්ම සර්පයෙක් ඇල්ලුවේ කුඩා කෝවානේ වයඹ විශ්වාලෝක විද්‍යාලයේ හතරේ පන්තියේ ඉගෙන ගනිද්දීයි. උෟ අපේ ගෙදරට ආපු සර්පයෙක්. උෟ මොකාද කියලවත් මං දැනන් හිටියේ නෑ. මං උෟව ගෙනැල්ලා උෟට ජීවත් වෙන්න පුළුවන් තැනකට ගිහින් දැම්මා.''
 
“පස්සේ පස්සේ මං මංම අල්ලපු සර්පයෝ ගැන ඉගෙන ගන්න පටන් ගත්තා. එහෙම කළේ ආසාවට මිසක් වෙන දේකට නොවෙයි. ඉන් පස්සේ මං සර්පයෝ ගැන විස්තර පළවෙච්ච එකතු කරන්න පටන් ගත්තා. දහය වසරේදී විතර තමයි සර්පයෝ ගැන ලියවිච්ච පොත්පත් කියවන්න පටන් ගත්තේ.” කලණ තමාගේ ආසාව වර්ධනය වූ ආකාරය හෙළි කළේය.
 
කලණ මුහුණුපොතෙන් සර්පයන් ගැන හොයන්නට පටන්ගෙන ඇත්තේ ඉන්පසුවය. ඒ සමඟම ඔහුගේ දැනුම ශීඝ්‍රයෙන් වර්ධනය විය.
 
“මං මුහුණුපොතෙන් සර්පයෝ ගැන තොරතුරු හොයන්න පටන් ගත්තාම මං වගේම ඒ තොරතුරු හොයන කණ්ඩායම් හතරක් මට හම්බ වුණා. ඒ විධියට තොරතුරු හුවමාරු කරගද්දී හිත මිතුරොත් වර්ධනය වුණා. දැන් මගේ සර්ප තොරතුරු හිතමිතුරෝ සංඛ්‍යාව 67,000ක් විතර වෙනවා.“
 
මෙහි දෙස් විදෙස් දෙපිරිසම සිටිති.
 
කලණට සර්පයන් අල්ලන නිවැරැදි ක්‍රමය මුලින්ම කියාදී ඇත්තේ හබරණ පෙදෙසෙහි කෙනෙක්.
 
“මං පොඩි කාලේ ඉඳලම සර්පයෝ ඇල්ලුවට උන්ට තුවාල නොවී අල්ලන හරි විදිහ දැනගෙන හිටියේ නෑ. ඒ විධිය හරියටම කියලා දුන්නේ සංචාරක හෝටලයක වැඩ කරන ජෙගනාදන් කියන මහත්තයා. එයාගේ විනෝදාංශයත් සර්පයෝ අල්ලන එකයි. සර්පයන්ව ඇල්ලුවට පස්සේ උන්ව ගිහින් නිදහස් කරන්න සුදුසු පරිසරයක් හොයාගන්න හැටිත් මට කියා දුන්නේ ජෙගනාදන් මහත්තයාම තමයි.”
 
සර්පයකු ඇල්ලුවොත් උෟ නොමරා තමාට දන්වන ලෙසද කලණ ඉල්ලා සිටියි.
 
“ගෙදරකට සර්පයෙක් ආවොත් මරන්න එපා. මට ඇමැතුමක් දුන්නොත් ළඟපාත නම් මං එන්නම්. දුරක වුණත් වාහනයක් එව්වොත් මං එනවා.”
 
සර්පයන් අල්ලා ගෙන ගොස් දමන්නේ කොහොටදැයි ඇසූවිට ඔහු දුන්නේ මෙබඳු පිළිතුරකි.
 
“බඩගමුවෙ රක්‍ෂිතයට. ඒක විශාල වනාන්තරයක්. සර්පයන්ට ආරක්‍ෂාවෙලා ඉන්න පුළුවන් පරිසරයක්. බඩගමුව වනාන්තරය කිට්ටු ගම්වල ජීවත් වෙන අය ඒකට බය විය යුතු නෑ. ඒකෙන් ඒ අයට හිරිහැරයක්, කරදරයක් වෙනනේ නෑ. මං කැලේ ඇතුළටම ගිහිනුයි උන්ව මුදාහරින්නේ.”
 
එසේ වනාන්තරය ඇතුළට ගිය විට තමන්ට ඇස්පනාපිට පෙනුණු දේවල්ද ඔහු හෙළි කළේය.
 
“එහෙම යනකොට සමහර විට මට තුවාල වෙච්ච සර්පයෝ හම්බ වෙනවා. මං උන්ව ගෙදර ගෙනත් ප්‍රතිකාර කරලා සුව වුණාට පස්සේ ආපහු ඒකට ගිහින් නිදහස් කරනවා. හුඟක් සර්පයෝ කිනිතුල්ලෝ කෑමෙනුයි, වණ ගෙඩිවලිනුයි දුක් විඳිනවා. මම උන්ගේ කිනිතුල්ලෝ කඩලා දානවා. වණ ගෙඩිවලට බේත් කරනවා.”
 
ලංකාවේ දැනට සිටින සර්ප විශේෂ ගැනද ඔහු දැනුවත්ය.
 
“අපේ රටේ සර්ප විශේෂ 108ක් තියෙනවා.බොහෝ විට තව අවුරුදු දෙක තුනකින් මේ සංඛ්‍යාව වෙනස් වෙන්න පුළුවන්. මොකද පසුගිය දවස්වල අලුත් සර්ප විශේෂ කිහිපයක්ම හඳුනා ගත්තනෙ.”
 
සර්ප විෂ සම්බන්ධයෙන් ලංකා ජනතාව අතර පවතින දුර්මත ගැනද ඔහු හෙළි කළේය.
 
“නයා පළිගන්නවා. ලේ මාපිලා ලේ බොනවා. නිදි මාපිලා දෂ්ට කළාම නින්ද යනවා වගේ කතා බොරු” ඔහු අවධාරණය කරයි.
 
එහෙත් සර්පයන් දෂ්ට කළ විට ඒ ඒ වර්ගය අනුව විස අඩු වැඩි වන්නට හැකි බව ඔහු පෙන්වා දෙයි. ඒ අනුව ඇතැම් සර්පයන් උග්‍ර විෂ සහිතයි. ඇතැම් සර්පයන් මඳ විෂ සහිතයි.
 
“පොළඟා දෂ්ට කළාම ප්‍රතිකාරවලින් සුව කරන්න පුළුවන්. නමුත් දත් වැටීම, හිස කෙස් වැටීම, වකුගඩු පද්ධතියට කෙරෙන බලපෑම වගේ පසුකාලීනව අයහපත් ප්‍රතිඵල ඇති විය හැකියි. නයාත්, තෙල් කරවලාත්, (මඟමරුවා) උග්‍ර විෂ සහිතයි. මාපිලා, කුණුකටුවා, පොළොන් තෙලිස්සා, ඇහැටුල්ලා මඳ විෂ සහිතයි.” ඔහු පෙන්වා දෙයි. කලණ කියන හැටියට ඇතැම් සර්පයන් විෂ සහිත යැයි සමාජයේ පවතින මතය සාවද්‍යය.
 
“සර්පයෝ දෂ්ට කරන්නේ බය වුණාම. එහෙම නැතිනම් අන්තරායයක් වෙයි කියලා දැනුණාම” ඔහු කියයි.
 
“සර්පයෝ කියන්නේ දුටු තැන මරන්න ඕනෑ හානි කර සතුන්ය කියන අදහස අපි හිතින් අයින් කරගන්න ඕනෑ. සර්පයෝ ගොවිතැන් කටයුතුවලටත් උදවු කරනවා දන්නේ නැද්ද? උන් ගොවිතැනට හානි කරන සමහර සතුන්ව කාලා දානවා.”
 
සර්පයන් පිළිබඳ තොරතුරු සන්නිවේදනය කෙරෙන මුහුණුපොතට ඇතුළත් වන ආකාරය ගැනද කලණ අප දැනුවත් කරයි.
 
“මුහුණුපොතේ “සර්පයන් ගැන දැනගනිමු, රැකගනිමු” කියන ගෘෘප් එකට ගිහිල්ලා ලයික් එකක් දාලා ඒකට සම්බන්ධ වෙන්න කාටත් පුළුවන්. ඔබේ නිවෙසට හරි ගෙමිදුලට හරි සර්පයෙක් ආවොත් උෟව නොමරා ඒ ගෘෘප් එකට පෝස්ට් එකක් දාන්න ඡායාරූපයක් දැම්මොත් උෟව පහසුවෙන්ම හඳුනා ගන්න පුළුවන්. සර්පයාව ඔබේ පරිසරයෙන් ඉවත් කරන්න උපදෙස් දෙන්න මුහුණුපොතේ මං වගේ තවත් අය ඉන්නවා. ඒ අය ඇවිත් මං වගේම සර්පයාව ගිහින් උෟව ජීවත් වෙන්න පුළුවන් තැනකට නිදහස් කරාවි.”
 
යම් විධියකින් සර්පයකු දෂ්ට කළ පසු කළ යුතු දේ ගැන ඔහු අප දැනුවත් කරයි.
 
“සර්පයෙක් දෂ්ට කළොත් රජයේ රෝහලකට යන්න. සර්පයා මරලා ගෙනියන්න එපා. ෆෝන් එකකින් උගේ පින්තූරයක් ගත්තාම ඇති. ඒක වෛද්‍යවරයාට පෙන්වන්න පුළුවන්නේ. ඒ නැතත් දෂ්ට කරලා තියෙන්නේ උග්‍ර විෂ සහිත සර්පයෙක්ද නැතිනම් මඳ විෂ සහිත සර්පයෙක්ද කියලා රෝග ලක්‍ෂණ අනුව වෛද්‍යවරයාට හඳුනාගත හැකියි. ඒ අනුව ප්‍රතිකාර කරනවා.”
 
කලණගේ පියා පියල් රේණුක වීරක්කොඩිය. ඔහු සුළු ව්‍යාපාරිකයෙකි. මව චමිලා සුදර්ශනී දිසානායකය. ඇය සිය ආදරණීය පුතු ගැන කතා කළේ වර්ණනා මුඛයෙනි.
 
“පුතා පොඩි කාලෙත් ඉල්ලුවේ සෙල්ලම් බඩු නෙවේ. රබර් සර්පයෝ අරන් දෙන්න කියලයි ඉල්ලුවේ. හය වසර වගේ වෙනකොට සර්පයෝ ගැන ලියවෙච්ච පොත් ඉල්ලුවා. අපි අරන් දුන්නා. ඒවා කියවලා එයා දැනුම වැඩි කර ගත්තා. දැන් පොත් ගොඩක් තියෙනවා. පුංචි කාලේ සර්පයන්ගෙන් එයාට කරදරයක් වෙයි කියලා අපි බයෙනුයි හිටියේ. ඒත් එහෙම වුණේ නෑ. දැන් එයාගේ විනෝදාංශය තමයි සර්පයෝ අල්ලලා නිදහස් කරන එක.”
 
මේ ලිපිය අවසන් කිරීමට පෙර කලණ කාංචන සිසුවා රටේ පොදු ජනතාවගෙන් කළ අතිවිශේෂ ඉල්ලීම ගැනද ලිවිය යුතුය.
 
“අනේ කවදාවත් සර්පයන්ට භූමිතෙල් ඉහින්න නං එපා කෙනකුට ඇසිඩ් වැදුණාම වෙන දේ අපි දන්නවානේ. සර්පයන්ට භූමිතෙල් ගහපුවාම වෙන්නේ ඊටත් වඩා දරුණු දෙයක්. උන් විඳවලයි මැරෙන්නේ. ඒක ලොකු පාපයක්.”
 
කුරුණෑගල - ජයන්ත දිසානායක
මෙම ලිපියේ සම්පූර්ණ උපුටා ගැනීම "මව්බිම" පුවත්පතෙන්..
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Top