Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Sep
19
“...සමන් අයියගේ වැළමිට මගේ බඩේ වැදුණා. සමන් අයියා මගේ මහත්තයාගේ ඇඟ උඩ නැඟලා බෙල්ල මිරිකගෙන හිටියා...” - පෙම්වතා එක්ක එකතුවෙලා, තම සැමියා පරලොව යැවූ හැටි ගැන, පොලිස් නිලධාරිනුත් පුදුම කළ චන්දිමාගේ අමානුෂික පාපොච්චාරණය මෙන්න

- “...සමන් අයියගේ වැළමිට මගේ බඩේ වැදුණා. සමන් අයියා මගේ මහත්තයාගේ ඇඟ උඩ නැඟලා බෙල්ල මිරිකගෙන හිටියා...” - පෙම්වතා එක්ක එකතුවෙලා, තම සැමියා පරලොව යැවූ හැටි ගැන, පොලිස් නිලධාරිනුත් පුදුම කළ චන්දිමාගේ අමානුෂික පාපොච්චාරණය මෙන්නHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

28,665 Views
“මහත්තයා උදේ ගෙදරින් ගියාම සවසට තමයි එන්නේ. ඒ අතරේ සමන් අයියා අපේ ගෙදර එනවා”
 
“...මම එතැනට යනකොට මහත්තයා දඟලලා දඟලලා නතර වුණා.”
 
“සමන් අයියා ඔළුවත් ඉස්සුවා. මම කකුල් දෙකෙන් උස්සලා මහත්තයව උඩ තිබ්බා.”
 
කෙතරම් සියුම් ලෙස අපරාධයක් සිදුකළත් එය කවදා හෝ හෙළිවීම වැළැක්විය නොහැකිය. මෙවන් සිදුවීමක් වාද්දුව මොරොන්තුඩුව පොලිස් වසමෙන්ද ඉකුත්දා වාර්තා විය.
 
ගුරුගේ ලලිත් පෙරේරා වාද්දුව, දෙල්දුව ප්‍රදේශයේ පදිංචිව සිටි දෙදරු පියෙකි. චන්දිමා ඔහුගේ බිරියයි. ලලිත් රැකියාව ලෙස කළේ ජලනළ එළීිමය.

ඔහු ඇදුම රෝගියෙක්ද විය. සෙම හිරවීමෙන් ඔහු නිතර නිතර අසනීප විය. මෑතක සිට හැදුණු තදබල කොන්දේ අමාරුවක් නිසා නිවෙසේ වෙනත් කාමරයක ඇති ඇඳක මෙට්ටය ඉවත්කර ලෑල්ල මත නිදා ගැනීමට ඔහු පුරුදුව සිටියේය.

ලලිත්ගේ නිවෙසේ ඉහළ කාමරයක ඔහුගේ ගෝලයකු වන මධුශංඛ නතර වී සිටියි. මධුශංඛ දෙණියාය ප්‍රදේශයේ පදිංචිකරුවකු බැවින් තම ගමන් අපහසුතාව නිසා ලලිත්ගේ කැමැත්ත පරිදි නිවෙසේ නතර වී ලලිත්ගේ ජලනළ එළීමේ වැඩකටයුතුවලට සහාය දෙයි.
 
ඉකුත් පස්වැනිදා රාත්‍රියේ චන්දිමා පිළියෙල කළ රාත්‍රි ආහාරය ගත් ලලිත් සුපුරුදු පරිදි ලෑල්ල මත නිදන්නට වූයේය. චන්දිමා දරුවන් සමඟ ඔවුන්ගේ කාමරයේ නිදා සිටියාය.
 
වේලාව රාත්‍රි ‍ෙදාළහද පසු වී තිබිණි. ඇසුණු ශබ්දයකින් මධුශංඛ තිගැස්සී අවදි විය. ඔහු ඒ හඬට කන් දුන්නේය. මොහොතකින් ඔහුට ඇසුණේ කෙඳිරිලි හඬකි. හඬ එන්නේ ලලිත් නිවෙසින් බව ඔහුට වැටහිණි.
 
“ලලිත් අයියා ඇඳෙන් බිමටවත් වැටුණාද” එසේ සිතූ මධුශංඛ නිවෙසේ පිටුපසින් ලලිත් නිදා සිටි කාමරයේ ජනේලය ළඟට ආවේය.
 
“ලලිත් අයියේ? අක්කේ? ඇයි? මොකද?” මධුසංඛගේ කටහඬ චන්දිමාට හොඳින් ඇසිණි.
 
“නැහැ මල්ලි මුකුත් නැහැ. ලලිත් අයියාට සෙම හිරවෙලාද කොහෙද, ප්‍රශ්නයක් නැහැ. මල්ලි ඔයා ගිහින් නිදාගන්න. අයියට දැන් නින්ද ගිහින්.''
 
චන්දිමා, ලලිත් අයියා නිදන කාමරයේ සිටම එසේ කීවාය. එහෙත් නිවෙසෙහි ගේට්ටුව මඳක් විවරව ඇති බව ඔහුට පෙනුණි.
 
“ඊයේ ගේට්ටුව වහන්න අමතක වෙලාද කොහෙද”
 
එසේ සිතූ මධුශංඛ එය වසා සිය කාමරයට ගොස් නින්දට වැටුණේය.
 
ගතවූයේ මොහොතකි. චන්දිමා ලලිත්ගේ කාමරයේ ‍ෙදාරට තඩි බාන්නට වූවාය.
 
“අනේ මල්ලි.. ලලිත් අයියා කතා කරන්නේ නැහැ. අනේ ඉක්මනට එන්න”
 
ඒ හඩින් යළි අවදිවුණු මධුශංඛ කෙළින්ම ගියේ තම හාම්පුතාගේ කාමරයටය. චන්දිමාත් ඔහු පසුපසම වූවාය.
 
“සෙම හිරවෙලාද කොහෙද මල්ලි. එයා කතා කරන්නේ නැහැනේ. අනේ මට බයයි මල්ලි”
 
චන්දිමා ඉදිරියේ මධුශංඛද ලලිත් අවදි කරන්නට උත්සාහ ගත්තද නැඟිටින පාටක් නොවීය.
 
“අපි ඉක්මනට ඉස්පිරිතාලෙට අරගෙන යමු”
 
“අනේ ඔව්, මල්ලි ඔයා ගිහින් ඉස්සරහ ගෙදර සමන් අයියට කියන්න. අපේ වෑන් එකෙන් යන්න පුළුවන්නේ.”
 
චන්දිමාගේ ඉල්ලීම මත ලලිත්ගේ නිවෙසට යාබදව පදිංචි සමන් නමැත්තාගේ ගෙදරට ගිය මධුශංඛ සමන් අවදිකළේ ලලිත් අසනීපයෙන් පසුවන බව ඔහුටද කියමිනි. ඒ අනුව සමන් මෙන්ම සමන්ගේ බිරියද ලලිත්ගේ නිවෙසට පැමිණි අතර හැමෝම එකතු වී ලලිත්ව ඔහුගේ වෑන් රියෙන් පානදුර රෝහල කරා රැගෙන යන්නට වූහ.
 
“ඇයි මොකද වුණේ?”
 
“එකපාරටම කතා කරන්නේ නැතිව ගියා. එයාට වීස් එකත් තියෙනවා ඩොක්ටර්” චන්දිමා, ලලිත් පරික්ෂා කරන වෛද්‍යවරයාට කීවාය.
 
“මෙයා නැතිවෙලානේ”
 
මොහොතකට පසු වෛද්‍යවරයා ලලිත් ඒ වන විටත් මියගොස් ඇති බව චන්දිමා හමුවේ පවසා සිටීමත් සමඟ ලලිත් රෝහලට ගෙනා කවුරුත් මුහුණට මුහුණ බලාගත් අතර චන්දිමා මහ හ¾ඩින් හඬන්නට වූවාය.
 
“අපි යමු අක්කේ. ගිහින් උදේට එමු” මධුශංඛ චන්දිමාට පැවැසූ අතර සමන්ද චන්දිමා අස්වසන්නට වූවාය.
 
“මොනවා කරන්නද නංගී, එයා ගෙනාපු ආයුෂ එච්චරයි. අපි යමු ගෙදර. ඉතිරි වැඩ ටිකට ලැහැස්ති වෙමු.”
 
සමන්ද එසේ කියමින් හඬන චන්දිමා අස්වසමින් ඇය නිවෙසට රැගෙන ආවේය.
 
හයවැනිදාට එළි විය. ලලිත්ගේ අවසන් කටයුතුවලට නිවැසියෝ සූදානම් වූහ. සමන් එම කටයුතුවල මූලිකත්වය දුන්නේය. මධුශංඛද ඊට සහාය වෙමින් නිවෙස අස්පස් කරන්නට පටන් ගත්තේය.
 
ඒ අතරතුර පානදුර රෝහල් පොලිසියෙන් මොරොන්තුඩුව පොලිසියට පණිවුඩයක් ලැබිණි. පණිවුඩයෙන් කියැවුණේ හදිසි මරණ පරීක්ෂණයක් ඇති බැවින් ඒ සඳහා මොරොන්තුඩුව පොලිසියේ නිලධාරියකු එවන ලෙසය. ඒ අනුව කොස්තාපල් නිමල් මරණ පරීක්ෂණය සඳහා යැවීමට ස්ථානාධිපතිවරයා කටයුතු කළේය.
 
නිමල් කෙළින්ම ගියේ පානදුර රෝහල් මෘත ශරීරාගාරයටය. නිමල්ගේ සහායට රෝහලේ සුළු සේවකයෙක්ද විය. ඔවුහු ලලිත්ගේ මළසිරුර අසලට ගොස් එය පරික්ෂා කර බැලූහ.
 
“මේ කකුල්වල හීරිලා වගේ තුවාල තියෙනවානේ.” සුළු සේවකයා කොස්තාපල් නිමල්ට කීවේය. ඒ අතර නිමල්ද මළසිරුරේ ගෙලෙහි රතු පැහැති පැල්ලම් කිහිපයක්ද දුටුවේය.
 
කෝකටත් අපි ඩොක්ටර්ට කියමු”
 
එසේ සුළු සේවකයාට කී කොස්තාපල්වරයා ඉන්පසු ලලිත්ගේ සිරුරේ ඇති තුවාල ගැන අධිකරණ වෛද්‍යවරයා දැනුවත් කරමින් කියා සිටියේ මරණය පිළිබඳ කිසියම් සැකයක් ඇති බවය. ලලිත්ගේ මළසිරුර පරික්ෂා කළ අධිකරණ වෛද්‍යවරයාගේ නිගමනය වූයේ මරණය සම්බන්ධයෙන් මහෙස්ත්‍රාත් පරීක්ෂණයක් පැවැත්විය යුතු බවය.
 
ඒ අනුව පානදුර වැඩ බලන මහෙස්ත්‍රාත් සුනේත්‍රා ප්‍රනාන්දු මහත්මිය විසින් මහෙස්ත්‍රාත් පරීක්ෂණයක් පවත්වන ලද අතර ලලිත්ගේ මරණයට හේතු දැනගැනීම සඳහා පශ්චාත් මරණ පරීක්ෂණයක් පවත්වන ලෙස ප්‍රධාන අධිකරණ වෛද්‍යවරයාට නියෝග කෙරිණි.
 
ඒ අනුව ප්‍රධාන අධිකරණ වෛද්‍ය උත්පල ආටිගල මහතා පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීය. එහිදී අනාවරණය වූයේ ලලිත් ගෙල හිර කර මරා දමා ඇති බවය. ඒ අනුව ලලිත්ගේ මරණය මිනීමැරුමක් විය. ඉන් අනතුරුව මහෙස්ත්‍රාත්වරිය පොලිසියට නියෝග කළේ ලලිත්ගේ ඝාතනයට සම්බන්ධ අය අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසය.
 
සිද්ධිය සහකාර පොලිස් අධිකාරිවරයාටත් පානදුර කොට්ඨාසය භාර ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරිවරයාටත් නියෝජ්‍ය පොලිස්පතිවරයාටත් දැනුම් දුන් ස්ථානාධිපතිවරයා ඔවුන්ගේ උපදෙස් මත වැඩිදුර විමර්ශනය ඇරැඹීය. ඒ අනුව ස්ථානාධිපතිවරයා ඇතුළු කණ්ඩායම ලලිත් පදිංචි නිවෙසට ගියහ.
 
මොරොන්තුඩුව පොලිසියේ සිට කිලෝමීටර් දෙකක් පමණ බණ්ඩාරගම, කළුතර ප්‍රධාන මාර්ගයේ කළුතර දෙසට ගොස් වම්පස ඇති ශ්‍රී සද්ධම්මවංශ නාහිමි මාවතේ තවත් මීටර් 400ක් පමණ ගිය විට දකුණු පැත්තේ ඇති රම්මුතු උයනේ ලලිත් පදිංචිව සිටින නිවෙස හමුවේ.
 
නිලධාරීන් ඔහුගේ නිවෙසට යනවිටත් ලලිත්ගේ බිරිය හා ඉදිරිපස නිවෙසේ පදිංචි සමන් හා ඔහුගේ බිරිය මෙන්ම මධුසංඛද ලලිත්ගේ අවසන් කටයුතුවලට සූදානම් වෙමින් සිටියහ.
 
“මම ලලිත්ගේ බිරියගෙන් ප්‍රශ්න කළා. අපිට ඇත්ත කියන්න. මොකක් හරි දන්න දෙයක් තියෙනවද කියලා ඇහුවා. එයා කිව්වා අනේ සර් මම නම් මොකුත් දන්නේ නැහැ. මහත්තයා හිටියේ අසනීපෙන්.”
 
“පිටින් කවුරු හරි ගෙදරට ආවද”
 
“අනේ නෑ සර්. මමයි දරුවනුයි විතරයි හිටියේ. උඩ කාමරයේ මධුසංඛ මල්ලි හිටියා”
 
පොලිසිය ඇගේ ප්‍රකාශයද සටහන් කර ගත්තේය. ඒ අනුව ස්ථානාධිපතිවරයාගේ සැකය එල්ල වූයේ මධුසංඛ වෙතය. මධුශංඛ හා චන්දිමා අතර කිසියම් සබඳතාවක් ඇතැයි ඔහු සැක කළේය.
 
“ඉන් පස්සේ මම මධුශංඛව පොලිසියට කැඳෙව්වා. මිනිහාගෙන් ප්‍රශ්න කළා. මිනිහා කිව්වා රෑ එකට විතර පුටු පෙරළෙනවා වගේ සද්දයක් ඇහුණා. ඉන් පස්සේ කෙඳිරිගාන සද්දයකුත් ඇහුණා. මම නැඟිටලා ගිහින් අහනකොට අක්කා කිව්වා ‘ මල්ලි මොකුත් ප්‍රශ්නයක් නැහැ. අයියට සෙම හිරවෙලාද කොහෙද. දැන් නින්ද ගියා. මල්ලි ගිහින් නිදාගන්න කියලා”
 
“ තමන් දැක්කද පිටස්තර කවුරු හරි ගෙදරට ඇවිත් හිටියද කියලා”
 
“අනේ නැහැ සර්. මම අක්කට කතා කළෙත් ලලිත් අයියගේ කාමරේ පිටිපස්සේ ඉඳලා. මම ගේ ඇතුළට ගියේ නැහැ සර්”
 
“තමන් වෙන මොනවද දැක්කේ”
 
“සර් ඒ වෙලාවේ ඉස්සරහා ගේට්ටුව ටිකක් ඇරලා තිබුණා. වෙනදාට ගේට්ටුව වහනවා. ඒත් එදා ගේට්ටුව ඇරලා තිබුණේ. මම හිතුවා අක්කට වහන්න අමතක වෙලා ඇති කියලා”
 
මධුසංඛගෙන් තවත් දීර්ඝ ලෙස ප්‍රශ්න කළද ඊට වඩා වැඩි යමක් දැනගන්නට නොහැකි විය.
 
“ඔය නිසා මම ආයෙත් ලලිත්ගේ ගෙදරට ගියා. ගිහින් ලලිත්ගේ බිරියවත් ඔය සමන් කියන පුද්ගලයාවත් පොලිසියට ගෙනාවා. සමන් ඒ වෙලාවේ ලලිත්ගේ අවසන් කටයුතුවලට පාංශුකූලය දෙන්න පන්සලට යන්නයි සූදානම් වෙලා හිටියේ.”
 
“ලලිත්ගේ බිරියයි සමනුයි මධුශංඛයි ලලිත්ව ඉස්පිරිතාලෙට ගෙනිච්චේ. ඒ නිසා මේ තුන්දෙනාගෙන් කවුරු හරි ලලිත්ගේ මරණය ගැන හොඳින් දැනගන්න ඕනෑ කියලයි මම හිතුවේ. ඒ නිසා ලලිත්ගේ බිරියගෙන් ප්‍රශ්න කළා. එයා එතැනදීත් කිව්වේ මම දන්නේ නැහැ කියලා. එතකොට මම කිව්වා තමන් දන්නේ නැත්නම් මේක කළේ කවුද කියලා. බොරු කිව්වට තමන්ටත් හිරේ තමයි ඉන්න වෙන්නේ. එතකොට ළමයින්ට අම්මත් නැතිවෙනවා. ඒක නිසා ඇත්ත කියන්න කියලා. එතකොට එයා කියනවා, අනේ මම නෙමේ සර් මහත්තයා මැරුවේ කියලා. ඔන්න ඔතැනදී මම දැනගත්තා ලලිත්ව මැරුවේ කවුද කියලා මෙයා දන්නවා කියලා.”
 
“මම තවත් ප්‍රශ්න කළා. මගේ නිලධාරිනියක් ගෙනත් මෙයාගේ සිරුර පරික්ෂා කළා. එතකොට ඒ නිලධාරිනිය කිව්වා මෙයාගේ යටිබඩේ නිල්පැහැ වුණු පැල්ලම් දෙකක් තියෙනව කියලා.”
 
“මම ඇහැව්වා ඒ මොකක්ද කියලා. එතකොට මෙයා ලොකු බොරුවක් කිව්වා. මමත් ඒක විශ්වාස කරන විධියට තවත් ප්‍රශ්න කළා. දිගින් දිගටම ප්‍රශ්න කරනකොට මෙයා ඇත්ත කතාව කිව්වා. මම නෙමේ මැරුවේ සමන් කියලා. මම සමන්ව ගෙනත් ප්‍රශ්න කළා.”
 
“එතකොටත් මිනිහා කිව්වේ මම දන්නේ නැහැ සර් කියලයි. පස්සේ චන්දිමායි සමනුයි එකට තියලා චන්දිමාට කිව්වා මොකක්ද වුණේ කියලා කියන්න කියලා. එතකොට චන්දිමා ඇත්ත කිව්වා. සමන්ට තවදුරටත් බොරු කියන්න බැරිවුණා. සමනුත් වුණු දේ කිව්වා.”
 
ස්ථානාධිපතිවරයාගේ දක්ෂකම මත ලලිත්ගේ ඝාතකයා හෙළි විය. ඉන් අනතුරුව චන්දිමාගෙන් දීර්ඝ ප්‍රකාශයක් සටහන් කෙරිණි.
 
චන්දිමා මාතලේ පදිංචිකාරියකි. ඇගේ මව අබුඩාබි රටේ සේවය කරන අතර පියා මීට වසර කිහිපයකට පෙර මියගොස් සිටියේය.
 
ඇය මාතලේ කාන්තා විද්‍යාලයක 11 වැනි වසර දක්වා ඉගෙනුම ලබා තිබුණද උසස් පෙළ විභාගයට පෙනී සිටියේ නැත. ඉන් අනතුරුව පෑලියගොඩ ප්‍රදේශයේ කර්මාන්ත ශාලාවක සේවය කළ ඇය 2004 දී ඉන් ඉවත් වී ලෙබනන් රටේ රැකියාවකට ගියාය. ඒත් ඇය එහි සිටියේ වසර දෙකකි. 2006 දී යළි මාතලේට පැමිණියාය.
 
“මගේ අම්මා වගේම ලලිත්ගේ අම්මාත් හිටියේ අබුඩාබිවල. ඒ දෙන්නා හරිම හිතවත්. ඒ නිසා ඒ දෙන්නා ලලිත්ගෙයි මගෙයි විවාහය සිදුකරන්න කතා කරගෙන තිබුණා. ඒ අනුව 2008 ජූලි 28 වැනිදා අපි කසාද බැන්දා. දැන් අපිට ළමයි දෙන්නෙක් ඉන්නවා. දුවට අවුරුදු 9යි. පුතාට අවුරුදු පහයි.“
 
“මහත්තයට දෙල්දුවේ ඉඩමක් තිබුණා. 2010 අවුරුද්දේ අපි ඒ ඉඩමේ ගෙයක් හදන්න පටන් ගත්තා. මුලින් කාමර දෙකක් හදාගෙන පදිංචියට ආවා.“
 
“අපේ ගෙදර ඉස්සරහ තමයි සමන් අයියා හිටියේ. ටික දවසකින් ඉස්සරහ ගෙදර සමන් අයියා අපිත් එක්ක හිතවත් වුණා. එයා අපිට උදවු කළා. සමහර දවස්වල ඒ අක්කා තමයි ළමයින්ව බලා ගත්තේ.” ඇය ස්ථානාධිපතිවරයා හමුවේ කියාගෙන ගියාය.
 
ස්ථානාධිපතිවරයා ඇය කියන දේ සටහන් කර ගත්තේය.
 
“ඉන්පස්සේ?”
 
“අවුරුදු 3කට පස්සේ මම සමන් අයියාත් එක්ක අනියම් සබඳතාවක් පැවැත්වූවා. මගේ මහත්තයා උදේ ගෙදරින් ගියාම සවසට තමයි එන්නේ. ඒ අතරේ සමන් අයියා අපේ ගෙදර එනවා. අපි දෙන්නා එකතුවෙනවා. අපි ඉන්නේ මගේ පුරුෂයා ඉන්න කාමරේ.”
 
“ඉතින් තමන්ගේ මනුස්සයා මේ සම්බන්ධෙ දන්නේ නැද්ද?”
 
ස්ථානාධිපතිවරයා ඇගෙන් ප්‍රශ්න කළේය.
 
“දැනට සති කිහිපයකට උඩදී ඔය ඡන්දේ කාලේ මගේ මහත්තයා මට කිව්වා. සමන්ගේ ගෙදරට ඔයාව යවන්න එපා කියලා. මගේ යාළුවෝ කියනවා කියලා. අනික එයා බැඳලා ඉන්නේ. එයා සමන්ට වඩා වයස ගෑනු කෙනෙක්. ඒ නිසා එපා යන්න කියලා. ඒ නිසා මම සමන් අයියගේ ගෙදර යන එක අඩු කළා. නමුත් මම මහත්තයා වැඩට ගියාට පස්සේ මගේ ෆෝන් එකෙන් සමන් අයියට කතා කරනවා. මම සමන් අයියට ෆෝන් කරලා කිව්වා ඔයා ගෙදර ඉන්න වෙලාවට මට ඔයාලගේ ගෙදරට යන්න එපා කියලා මෙයා කියනවා කියලා. අපේ සම්බන්ධය මහත්තයා දැනගත්තට පස්සේ මට බනින්න පටන් ගත්තා. සමහර දවස්වල ගහන්නත් හැදුවා.”
 
“හරි ඇයි ඉතින් ඕකට තමන්ගේ මනුස්සයව මරන්නේ?”
 
ස්ථානාධිපතිවරයාගේ ප්‍රශ්න කිරීම් හමුවේ ඇය මෙසේද කීවාය.
 
“දැන් දවස් කිහිපයකට කලින් මම සමන්ට කතා කරනවාද කියලා දැනගන්න එයා මාව ටෙලිෆෝන් කොම්පැනියට එක්ක ගිහින් මගේ ෆෝන් එකේ ඩීටේල් බිලක් ඉල්ලුවා. එයාලා හොඳ වෙලාවට ඒක ඒ වෙලාවේ දුන්නේ නැහැ. සතියකින් දෙන්නම් එන්න කිව්වා. මම දැනගත්තා ඒ දුන්නට පස්සේ මමයි සමන් අයියයි කතාකරන බව මහත්තයා දැනගන්නවා කියලා. මම දවස් පහකට ඉස්සෙල්ලා මේ ගැන සමන් අයියට කිව්වා. ඒ කියලා තමයි මහත්තයව මරන්න සූදානම් කළේ”
 
ඇගේ කීමට සමන්ද ඊට එකඟ විය. දුරකථන බිල්පත ලැබූ සැණින් ඔවුන් අතර ඇති අනියම් සබඳතාව තහවුරු වී නොයෙකුත් ප්‍රශ්න ඇතිවන බව චන්දිමාට මෙන්ම සමන්ටද හොඳින් වැටහිණි.
 
“ඉන්පස්සේ මොකද වුණේ”
 
“සමන් අයියා කිව්වා සිකුරාදා රෑට මරමු කියලා. සිකුරාදා උදේ මගේ ෆෝන් එකට සමන් අයියා කතා කළා. එයා කිව්වා එයාලගේ ගෙදර ලයිට් මීටරය උඩ නිදිපෙති හයක් ඇති. ඒක මහත්තයගේ කෑමට දාලා දෙන්න කියලා.”
 
සමන්ගේ කීම මත ඇය සමන්ගේ නිවෙසේ ඇති විදුලි මීටරය උඩ තිබූ නිදිපෙති හය ගෙදරට රැගෙන විත් ලලිත්ගේ කෑමට දැමීමට සිතූවද පසුව ඇගේ සිත වෙනස් විය.
 
“මම ඒවා කුස්සියේ සින්ක් එකේ හිල්වලින් ඇතුළට දැම්මා. මට ඕවා මහත්තයට දෙන්න හිතුණේ නැහැ”
 
ඇගේ ප්‍රකාශයට අනුව එදින රාත්‍රි හතට පමණ ඇගේ සැමියා ලලිත් නිවෙසට පැමිණ ඇත. ඊට පසු ඔහු නැවත සිය යතුරුපැදියෙන් නිවෙසින් පිටව ගොස් ඇත්තේ මධුසංඛ නිවෙසට රැගෙන ඒමටය. ඉන් අනතුරුව කිසියම් ලියකියවිලි වගයක් මිතුරන් කිහිපදෙනෙකුට දීමට ඇති බව කියා යළි නිවෙසින් පිටව ගිය ලලිත් රාත්‍රි අටට පමණ ගෙදර පැමිණියේ චන්දිමා සකසා තිබූ රාත්‍රි ආහාරය ගැනීමටය.
 
“බත් කෑවට පස්සේ මම එයාට අලිගැටපේර වීදුරුවකුත් හදලා එයාගේ වීදුරුවෙන්ම මමත් ටිකක් කෑවා. පස්සේ එයා ලෑලි ඇඳේ නිදාගන්න ගියා”
 
“මට සමන් අයියා කියලා තිබුණා ඉස්සරහා ගේට්ටුව පොඩ්ඩක් ඇරලා තියන්න කියලා. වෙනදා ගේට්ටුව සම්පූර්ණයෙන්ම වහනවා. ඒත් මම එදා ගේට්ටුව ඇරලා තිබුණා. සමන්ට මම කෝල් කළා. මම ඇහුවා දැන්ම එන්නේ නැද්ද කියලා. ටික වේලාවකින් එන්නම් කියලා සමන් අයියා කිව්වා. රෑ 10ට විතර සමන් අයියා ආවා. ගෙදර සේරම ‍ෙදාර, ජනෙල් වහලයි තිබුණේ. සාලයේ ජනේලය ළඟට ඇවිල්ලා එයා ෆෝන් එකේ ලයිට් එක ගැහැව්වා. මම හිමින් ‍ෙදාර ඇරලා සමන් අයියව ඇතුළට අරන් ‍ෙදාර ලොක් කළා. සමන් අයියා සාලෙට ඇවිත් ටික වේලාවක් වාඩිවෙලා හිටියා. මමත් එයා ළඟට වෙලා හිටියා. ඇයි නිදිපෙති දුන්නේ නැත්තේ කියලා එයා ඇහැව්වා. නිදිපෙති දුන්නා නම් ප්‍රශ්නයක් වෙන්නේ නැහැනේ කියලත් එයා කිව්වා.”
 
ඉන්පසු සමනුත් චන්දිමාත් ලලිත් නිදාසිටි කාමරයට ගොස් ඇත. කාමරයට ඇතුළු වීමට තිබුණේ ‍ෙදාර රෙද්දකි. මොවුහු එය මෑත්කොට ලලිත් දෙස බැලූහ.
 
“ඒත් එයා නිදි නැති බව අපි දැනගත්තා. එයා කකුල් දෙක දිගඅරිනවා අපි දැක්කා. ටික වේලාවක් අපි සාලයේ ඉඳලා ආයෙත් ඇවිත් බැලුවා. එතකොට අපිට තේරුණා මහත්තයා නිදි කියලා.”
 
මාරයාගේ හෝරාව එළැඹියේ එතැන් සිටය. වසර ගණනක් එකට පවුල් කෑ තම සැමියා ඝාතනය කරන්නට ඇය සිය අනියම් සැමියාට සහාය වූයේ ඉන් අනතුරුවය.
 
“මහත්තයා කෑගහගෙන ඇඳෙන් නැඟිට්ටා. සමන් අයියා ඇඳේ තිබුණු බෙඩ්ෂීට් එක අරගෙන මහත්තයාගේ ඔළුවට දැම්මා. සමනුත් මහත්තයාත් පොරබැදුවා. ඒ වෙලාවේ තමයි පුටු පෙරළුණෙත්. ඒ සද්දේ තමයි මධුශංඛට ඇහෙන්න ඇත්තේ.”
 
“සමන් අයියත් මහත්තයාත් පුටු පෙරළාගෙන බිම වැටුණා. මහත්තයාගේ ඇඟ උඩට සමන් අයියා වැටුණා. මම එතැනට යනකොට සමන් අයියගේ වැළමිට මගේ බඩේ වැදුණා. සමන් අයියා මගේ මහත්තයාගේ ඇඟ උඩ නැඟලා බෙල්ල මිරිකගෙන හිටියා. මහත්තයා දඟලලා දඟලලා නතර වුණා.”
 
“පස්සේ මට සමන් අයියා කිව්වා මහත්තයගේ කකුල් දෙක උස්සලා බලන්න කියලා. මම කකුල් දෙක ඉස්සුවා. කකුල කඩාගෙන වැටුණා. ඉන් පස්සේ සමන් අයියා ඔළුවත් ඉස්සුවා. මම කකුල් දෙකෙන් උස්සලා මහත්තයව උඩ තිබ්බා.”
 
වෙලාව අලුයම එකද පසු වී තිබිණි.
 
පුටු පෙරළෙන හඬ ඇසුණු මධුශංඛ ඒ පිළිබඳ විමසන්නට එන විටත් සමන් සිටියේ ලලිත්ගේ කාමරයේ බව ස්ථානාධිපතිවරයාට වැටහිණි. මධුශංඛගේ පැමිණීම නිසා සමන්ට නිවෙසින් පිටව යන්නට නොහැකි බව චන්දිමාට අවබෝධ වී තිබිණි. හදිසියේවත් සමන් කාමරේ සිටින බව මධුශංඛ දුටුවහොත් ප්‍රශ්නයක් ඇතිවන බවද ඇයට වැටහිණි.
 
“මල්ලි ප්‍රශ්නයක් නැහැ. අයියා දැන් නිදි“ යැයි කියමින් චන්දිමා මධුශංඛ යැව්වේ සමන් නිරුපද්‍රිතව කාමරයෙන් පිටමං කරන්නටය.
 
සමන් නිවෙසේ ගේට්ටුවෙන් පිටව ගිය පසු චන්දිමා යළි මධුශංඛ රැඳී සිටින කාමරයට ගියේ සෙම අමාරුව හැදී නින්දට ගිය ලලිත් කතාබහ නොකරන බව කියමින් අමුතුම රඟපෑමක යෙදීමටය.
 
“මල්ලි අයියා කතා කරන්නේ නෑ. සමන් අයියා එක්කරගෙන එන්න” යැයි ඇය කීවේ ලලිත්ගේ මරණය තවදුරටත් සඟවා තැබීමටය.
 
චන්දිමාගේ ප්‍රකාශයට පසු ස්ථානාධිපතිවරයා සමන්ගෙන්ද ප්‍රශ්න කළේය. ඔහු කීවේ ලලිත්ගේ ගෙල මිරිකද්දී චන්දිමා ලලිත්ගේ දෙපාවලින් අල්ලාගෙන සිටි බවය.
 
“ඔය සැකකාර බිරියගේ සිරුරේ තිබුණු නිල්පැහැ ගැන්වුණු පැල්ලම් දෙකත් සමනුයි ලලිතුයි පොරබදන කොට වැදුණු පාරවල් දෙකක්. “
 
“ගෑනි කියන්නේ සමන්ගේ වැළමිට වැදුණා කියලා. අපි හිතන්නේ බෙල්ල මිරිකනකොට ලලිත් දඟලනවනේ. ඒ දඟලද්දි ලලිත්ගේ කකුල් දෙකෙන් වැදුණු පාරවල් තමයි ඒ කියලා. දෙපාරක්ම එහෙම වැදුණු පාරවල් තිබුණා. අපි ඒ නිසා ගෑනිවයි මිනිහාවයි දෙන්නම අධිකරණ වෛද්‍යවරයාට ඉදිරිපත් කළා.”
 
“අර ටෙලිෆෝන් ඩීටේල් එක අහුවෙන නිසා තමයි මෙයාලා ලලිත්ව මරන්න ප්ලෑන් කරලා තියෙන්නේ. සමන්ට දේපළ තියෙනවා. ලක්ෂ 30 ක ඉන්ෂුවරන්ස් එකකුත් තියෙනවා. ඒ නිසා ලලිත්ව මරලා දෙන්නා සතුටින් ඉන්න හිතාගන්න ඇති. ඒත් අපරාධයක් කරලා හැංගිලා ඉන්න බැහැ. කොහොම හරි අහුවෙනවා. මෙතැනදීත් වුණේ ඒකමයි. මැරුවත් වුණු දේ කියන්නේ නැහැ කියලා දෙන්නම හිතාගෙන හිටියත් අන්තිමට දෙන්නම කරපු දේවල් කියන්න ගත්තා.” ස්ථානාධිපති කැලුම් සිල්වා මහතා ප්‍රකාශ කළේය.
 
මියගිය ලලිත්ගේ කුඩා දරුවන් දෙදෙනා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු දරුවන් ඔවුන්ගේ ලොකු අම්මාගේ භාරයට පත්කිරීමට අධිකරණය නියෝග කළේය.
 
සැකකරු හා සැකකාරිය පානදුර මහෙස්ත්‍රාත් හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රිමාන්ඩ් බන්ධනාගාරගත කෙරිණි.
 
ලලිත්ගේ ගෙල සිර කිරීමට යොදාගත් ඇඳ ඇතිරිල්ලද සැකකාරිය හා සැකකරු ඒ මොහොතේ ඇඳ සිටි ඇඳුම්ද සෝදා වේළා තිබියදී සොයා ගැනීමට පොලිසියට හැකි විය.
 
කළුතර දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති විජිත ගුණරත්න. පානදුර කොට්ඨාසය භාර ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරි සංජය ඉරසිංහ, සහකාර පොලිස් අධිකාරි නිශාන්ත සේනාරත්න යන මහත්වරුන්ගේ උපදෙස් පරිදි මොරොන්තුඩුව පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක කැලුම් ද සිල්වා මහතාගේ මෙහෙයවීමෙන් සැරයන්වරුන් වූ නිමල් (42104), රංජිත් (42260), ශාන්ත (58962) හා කාන්තා කොස්තාපල් සමන්ති (2639) හා පොලිස් කොස්තාපල් රියැදුරු නිමල් (23503) යන පිරිස මෙම විමර්ශනයට එක්ව සිටියහ.
 
පොලිසියට දුන් ප්‍රකාශ හා පොලිසිය කළ විමර්ශන අනුව ලිපිය සකස් විය.

මෙම ලිපියේ සම්පූර්ණ උපුටා ගැනීම "මව්බිම" පුවත්පතෙන්
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Top