දිවයින හරහා නිරිත දිග මෝසම් තත්ත්වය සක්‍රීයව පවතින බැවින්,දැනට පවතින වැසි සහ සුළං තත්ත්වය අද (19) දිනයේදී තවදුරටත් පවතිනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.
මේ හේතුවෙන් සබරගමුව, මධ්‍යම, බස්නාහිර සහ වයඹපළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත්විටින් විට වැසි ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව නිවේදනය කරන්නේ.
සබරගමුව සහ මධ්‍යම පළාත්වල ඇතැම් ප්‍රදේශවලට මිලි මීටර් 100ට වැඩි තද වැසි ද ගාල්ල, මාතර සහ කළුතර දිස්ත්‍රික්කවල ඇතැම් ප්‍රදේශවලට මිලි මීටර් 75ක පමණ තරමක තද වැසිද ඇතිවිය හැකියි.
උතුරු මැද පළාතේ වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි අතර දිවයින හරහා, විශේෂයෙන්ම උතුරු, උතුරු මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය සහ හම්බන්තොටදිස්ත්‍රික්කවලත් මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත් විටින් විට හමන පැයට කිලෝ මීටර් 50-60 පමණ තද සුළං ඇතිවිය හැකි බවයි දැනුම් දෙන්නේ.