Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Sep
18
ජනපති ඇතුළු ප්‍රභූන්ට මරණ තර්ජන කළ පොඩි ලැසීගෙන් CIDය පැය 6ක් ප්‍රශ්න කරයි - Video

- ජනපති ඇතුළු ප්‍රභූන්ට මරණ තර්ජන කළ පොඩි ලැසීගෙන් CIDය පැය 6ක් ප්‍රශ්න කරයි - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

3,186 Views
බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටින සංවිධානාත්මක අපරාධ කණ්ඩායම් සාමාජිකයෙකු වන ජනිත් මධුසංක හෙවත් පොඩි ලැසී ගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද පැය 6 ක පමණ කාලයක් ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කර ගත්තා.
 
ඒ ජනාධිපතිවරයා, ආරක්ෂක ලේකම්වරයා ඇතුළු බන්ධනාගාර නිලධාරින්ට මරණ තර්ජන කිරීමේ සිද්ධියට අදාළවයි.

සිද්ධිය සම්බන්ධයෙන් කරුණු වාර්තා කළ අවස්ථාවේ ගාල්ල මහේස්ත්‍රාත්වරයා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට ඔහුගෙන් ප්‍රශ්න කිරීමට අවසර ලබා දුන්නා.
 
මේ අතර, මත්ද්‍රව්‍ය තුරන් කිරීම සඳහා ත්‍රිවිධ හමුදාවේ සහ පොලීසියේ සහය ඇතිව ගතයුතු සෑම පියවරක්ම ගන්නා බව යුද හමුදාපති ලූතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසනවා.
 
ඔහු මේ බව කියා සිටියේ කුරුණෑගල - යුද හමුදා කඳවුරේ නව ක්‍රීඩාංගනය විවෘත කිරීමේ අවස්ථාවට අද එක්වෙමින්.
 
මේ අතර, කොලඹ දිස්ත්‍රික්කයේ මහල් නිවාස සංකීර්ණ සහ වැඩබිම් හිමිකරුවන් දැනුවත් කිරීමේ වැඩසටහනක් කොළඹ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයේදී ද අද පැවැත්වුණා.
 
ඒ සංවිධානාත්මක අපරාධකරුවන් සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් වැඩබිම් හා මහල් නිවාස තම ආරක්ෂිත නිවාස ලෙස භාවිත කිරීමේ අවදානම පිළිබඳ දැනුවත් කිරීමටයි.
 
මේ අතර, අදත් ඉංගිරිය - පෝරුවදණ්ඩ ප්‍රදේශයේදී හෙරොයින් මිලිග්‍රෑම් 1460 ක් සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගනු ලැබුවේ එම ජාවාරමෙන් උපයා ගත් බවට සැක කෙරෙන රුපියල් ලක්ෂයක මුදලක් ද සමගයි.
 
කොච්චිකඩේ - කොරයාවත්ත ප්‍රදේශයේ සූක්ෂම ලෙස පවත්වාගෙන ගිය මත්ද්‍රව්‍ය සහ කේරළ ගංජා ජාවාරමක් වටලා කාන්තාවක් සහ ඇගේ පුත්‍රයා පොලීසිය අත්අඩංගුවට ගත්තා.
 
අනුරාධපුර - කොකුන්නෑව, සමන්තුරේ සහ පුවරසන්කුලම් - සෙන්කල්පඩෙයි වැව් බැම්ම ආසන්නයේ තිබී ගිනි අවි තුනක් සොයා ගෙන තිබුණා.
 
මේ අතර, බණ්ඩාරගම - අටළුගම - මාරාව ප්‍රදේශයේ නිවසක් තුළ සිදුවන ගංජා ජාවාරමක් වැටලීමකට ගිය පොලිස් නිලධාරීන් පිරිසකට පහරදීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු වන ගොටුකොළ රිෆායි ඇතුළු 5 දෙනෙකු ලබන 22 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.
 
ඒ බලංගොඩ මහේස්ත්‍රාත් ජයරුවන් දිසානායක හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Top