Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Sep
18
“සන්ෆලවර් කණ්ඩායමෙන් නීල් අයියා මාව තමයි මුලින්ම අයින් කළේ, අයින් කරපු දා රෑ නම් ටිකක් අවුල් වුණා...” - “අතේ සතේ නැතත් මගේ - පුතේ කියයි අම්මා මගේ” ගීතයෙන් රසික හදවත් වැළඳගත්, ගායන ශිල්පී රුවන් බණ්ඩාර, බුකියේ හුවමාරු වුනු ඡායාරූපය ගැන කියූ කතාව - Photos [Exclusive]

- “සන්ෆලවර් කණ්ඩායමෙන් නීල් අයියා මාව තමයි මුලින්ම අයින් කළේ, අයින් කරපු දා රෑ නම් ටිකක් අවුල් වුණා...” - “අතේ සතේ නැතත් මගේ - පුතේ කියයි අම්මා මගේ” ගීතයෙන් රසික හදවත් වැළඳගත්, ගායන ශිල්පී රුවන් බණ්ඩාර, බුකියේ හුවමාරු වුනු ඡායාරූපය ගැන කියූ කතාව - Photos [Exclusive]Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

13,601 Views
“මට හිතුණා දැන් තමයි හරියටම වැඩේ පත්තු වුනේ කියලා...”
 
“අයින් කරපු දා රෑ නම් ටිකක් අවුල් වුණා, ඒක මගේ රස්සාව නිසා”
 
“ඒ ෆොටෝ එක ඇත්තටම මම දන්නෙවත් නැතුව සමාජ මාධ්යයට මුදා හැරලා තියෙන්නේ...”
 
"දුර රටක තනිවෙලා.. එහේ කලක් ගෙවාලා... ආවේ නැව් නැගලා...
රට කාසිය සොයලා.. ආවේ දහදුක විඳලා.. අම්මව බලන්න කියලා..
අද වගේ නෑ එදා.. මට මතකයි අම්මා.. අපි කෑවද බීවද මන්දා..
කවුරුත් සොයා බලාලා.. නෑ මගේ දුක සැප අහලා.. මට හිටියේ ඔයා විතරයි අම්මා..
අතේ සතේ නැතත් මගේ - පුතේ කියයි අම්මා මගේ.."
 
"කඩුගන්නාවේ කඳු මුදුනේ - යන විට පාරේ ඔබ දුටුවේ.."
 
මේ ගීත ඔබට නුහුරු ගීත නෙවෙයි.. ප්රසංග වේදිකාවේ අදටත් ඇහෙන මේ ගීතවල හිමිකරු නමින් "රුවන් බණ්ඩාර." ඔබ ඔහුව වැඩිපුරම දැන අඳුනගන්නේ ෆ්ලෑෂ්බෑක් සහ සන්ෆ්වර්ස් කියන සුපිරි සංගීත කණ්ඩායම් හරහායි. බයිලා ශෛලයේ ගීත බොහෝමයක් ගායන කළ රුවන් පස්සේ කාලෙක සන්ෆ්වර්ස් සංගීත කණ්ඩායමෙන් ඉවත් වෙලා ඔහුගේම සංගීත කණ්ඩායමක් පටන් ගන්නවා. ඒ... 'Big Brothers' නමින්... ඉතින් කවුරුත් ආදරේ කරන රුවන්ගේ ඡායාරූපයක් පසුගිය දින කිහිපයේ සමාජ මාධ්යයේ හුවමාරු වුනා.
 
ඒ ගැන දැනගන්නත් එක්ක අපි රුවන්ව සම්බන්ධ කරගත්තා. මේ ඔහු අපිත් එක්ක කිව්ව කතාව.............

රුවන් බණ්ඩාර? මේ දවස්වල සමාජ මාධ්යයේ හුවමාරු වන ඔබේ ඡායාරූපය ගැන මුලින්ම අපිට කියන්න..?
ඒ ඡායාරූපය ඇත්තටම මම දන්නෙවත් නැතුව සමාජ මාධ්යයට මුදා හැරලා තියෙන්නේ. ඇත්තටම ඒ ඇක්සිඩන්ට් එකක් එහෙම වෙලා නම් නෙවෙයි. මගේ කකුලේ පොඩි අවුලක් වෙලා. නහර ගැට ගැහීමක්. ඒකට පොඩි ඔපරේෂන් එකක් කරන්න වුනා. කොහොම හරි ඒක කවුදෝ කෙනෙක් අප්ලෝඩ් කරලා තිබුණා ෆේස්බුක් එකට. ඇත්තටම ස්තුති කරන්න ඕනි ඒක දැකලා මගේ රසිකයින්, මට ආදරේ කරන අය හුඟක් මට ඉක්මන් සුව ප්රාර්ථනා කරලා තිබුණා. ඒ හැමෝටම ස්තුතියි....
 
කොහොමද ඔබේ Big Brothers සංගීත කණ්ඩායමේ වැඩ කටයුතු?
බෑන්ඩ් එක තියනවා. ඒත් කොරෝනා නිසා ඒක මඟ නැවතුණා. පස්සේ ආයෙම අලුතින් කට්ටියව එකතු කරගන්න අමාරු උනා. ඇදගෙන යන්න අමාරු තත්ත්වයක තමයි බෑන්ඩ් එක තියෙන්නේ. කොරෝනා කරදර වලින් පස්සේ ෂෝ එකයි දෙකයි හම්බුනේ.... බලමු ඉදිරියේදී..
 
රුවන් ෆීල්ඩ් එකට එන්නේ ෆ්ලෑෂ් බෑග් සංගීත කණ්ඩායමක් එක්ක?
ඇත්තටම ඔව්. ඒ ගැන විශේෂයෙන්ම මතක් කරන්න ඕනි. මාව කරළියට ගෙනාවේ ෆ්ලෑෂ් බෑක්. ඒකේ සම්පූර්ණ ගෞරවය රොෂාන් අයියටත් ඩොනල්ඩ් ප්රනාන්දුටත් හිමියි. ඒ අයව බොහෝම ගෞරවයෙන් මතක් කරනවා.
 
රුවන් බණ්ඩාර කියන්නේ කණ්ඩායම් සංගීතයේ කැපී පෙනෙන චරිතයක්. විශේෂයෙන්ම සන්ෆ්ලවර් වගේ ඒ වකවානුව වෙද්දි ජනප්රියත්වයේ ඉහළින්ම තිබුණු සංගීත කණ්ඩායමේ නිත්ය ගායන ශිල්පියෙකු විදිහටත් ඔබ කටයුතු කළා? ඇත්තටම රුවන් සන්ෆ්ලවර් සංගීත කණ්ඩායමෙන් ඉවත් වුනාද? ඉවත් කළාද?
ඇත්තටම මාව සන්ෆ්ලවර් බෑන්ඩ් එකෙන් අයින් කළා. ඒ වෙනකොට නීල් අයියාට (සන්ෆ්ලවර් නායක) අවශ්යතාවක් තිබුණා අලුත් කට්ටියක් දාලා සංගීත කණ්ඩායම අරන් යන්න. පරණ මුහුණු දැකලා ඇතිවෙලා කියලා හිතෙන්න ඇති. ට්රෙන්ඩ් එකට හරියන්න එහෙම වෙනසක් කරන්න ඕනි වෙලා තිබුනේ. කොහොමහරි මාව තමයි මුලින්ම නීල් අයියා අයින් කළේ.
 
එකපාරම සංගීත කණ්ඩායමෙන් ඉවත් කරපු එකෙන් ඔබ අපහසුතාවයට පත් වෙන්න ඇති..?
අයින් කරපු දා රෑ නම් ටිකක් අවුල් වුණා. ඒක මගේ ජොබ් එක වෙලා තිබ්බ නිසා. කොහොම හරි ඉවත් වුනා කියන රාවය ගියාට පස්සේ ෂෝ හතර පහ ලැබුණා සින්ග් කරන්න. මට හිතුණා දැන් තමයි හරියටම වැඩේ පත්තු වුනේ කියලා. මොකද බෑන්ඩ් එකක ඉද්දි අපි රාමුවකට කොටු වෙනවා. අපිට කරන්න පුළුවන් දේ සීමා සහිතයි. මම රිලිස් වුනු එක මට වාසියක් වුනා. සන්ෆ්ලවර්ස් සංගීත කණ්ඩායමේ ඉන්නකොට මම ගායනා කරපු ගීත බොහෝමයක් ප්රසංග වේදිකාවේ තමයි ජනප්රිය වුනේ. ඒ ගොඩක් ගීතවල ඔර්ජිනල් රෙකෝඩින් එකක්වත් නෑ.
 
රුවන්ගේ නිර්මාණයක් සහ ගායනයක් වුනු "අතේ සතේ නැතත් මගේ" ගීතය අතිශය ජනප්රිය වුනා. කොහොමද මේ ගීතය නිර්මාණය වුනේ..?
ඒක ඇත්තටම නිර්මාණය වුනු හේතුව සන්ෆ්ලවර් සංගීත කණ්ඩායමේ ඉන්නකොට තිබ්බ ඒකකාරීත්වයෙන් මිදෙන්න අපිට ඕනි වුනා. ඒ කියන්නේ අනිත් බෑන්ඩ්ස් අලුත් විදිහේ නිර්මාණ අරන් ආවා. රොෂාන් අයියාට (කීබෝඩ් වාදන ශිල්පියා) තමයි දැඩි උවමනාවක් තිබුණේ ඒකට. ඉතින් මම ගීත කිහිපයක්ම නිර්මාණය කළා විවිධ වස්තු බීජවලට. මට දැණුන අදහසක් අනුව තමයි ඒ ගීතය නිර්මාණය වුනේ.
 
අද තරඟකාරිත්වයත් එක්ක ගීත නිර්මාණවලින් රසිකයින් අතරට යන්න තියෙන ඉඩකඩ ඇහිරිලා නේද?
ඇත්තටම අද ගීත නිර්මාණ ගැන කියද්දි විෂූවල් වලින් නේ ගොඩක් ගීත එන්නේ. මම ඒකට පොඩි කතාවක් කියන්නම්. මගේ මිත්රයෙක් හිටියා, එයා විෂුවල් එකකට රුපියල් ලක්ෂ 32ක් වියදම් කරලා තිබුණා. මම එයාව අනවශ්ය විදිහට ධෛර්යමත් කළේ නැහැ. ඒක කළාට පස්සේ මට දැණුනා, "අනේ ඒකේ ඇති දෙයක් නැහැ.." කියලා. ඒ කවුද කියලවත් ගොඩක් අය නම කිව්වට දන් නෑ. අන්න ඒ දේ තමයි අද ගීතවලට වෙලා තියෙන්නේ. සල්ලි වියදම් කරලා කළත් ගන්න දෙයක් නැති නිර්මාණ තියෙන්නේ.
 
රුවන් ගොඩක් ගායනා කළේ බයිලා ශෛලයේ ගීත?
ඔව්... මං පොඩි කාලේ අපේ ගෙදර ග්රැමෆෝන් එකක් තිබුණා. ඒ දවස්වල තැටිනේ තිබුනේ. ඉතින් ජීප්සිස් සුනිල් අයියාගේ නෝනේ මගේ සුදු නෝනේ වගේ සිංදු.. එතකොට රුක්මණි දේවිගේ.. ඒ අස්සේ වොලි බැස්තියන්ගේ ගීතවලටත් මම ප්රිය කළා. පස්සේ කාලෙක කැසට් ආවම තමයි ඩෙස්මන්ඩ් සිල්වා ගේ ඩෙස්මන්ඩ් රොද්රිගෝ ගේ ගීත අහන්න පෙළඹුනේ. පසුකාලීනව මම ඩෙස්මන්ඩ් සිල්වා හමුවුනු දවසක මම ඔහුට කිව්වා මගේ ළඟ එයාගේ කැසට් 65ක් විතර එකතු වෙලා තියෙනවා කියලා. ඔහු පුදුම වුනා, ඔහුටවත් මතක නෑ කියලා කිව්වා කියපු සිංදු ගණන.....
 
රුවන් කරපු ගීත අතරින් රුවන් වඩාත්ම කැමති ගීතය..?
"කමක් නෑ.." කියන ගීතය. එහෙම කිව්වට කවුරුත් දන්නේ නැහැ. මොකද ඒ ගීතය තාම රිලීස් කරලා නැහැ. විෂුවල් එකකින්ම ඒක රසිකයින් අතරට අරන් යන්න බලාපොරොත්තුවෙනුයි ඉන්නේ.
 
රුවන්ට ප්රිය කරන රසිකයින් රුවන්ගේ පුද්ගලික තොරතුරු දැනගන්න කැමතිත් ඇති..?
මම විවාහකයි. මීගමුවේ තමයි මම පදිංචි වෙලා ඉන්නේ. මට පුතෙක් ඉන්නවා.
 
රුවන්ගේ ඉදිරි වැඩ කටයුතු ගැනත් කියමු..?
මේ දවස්වල සිංදු කියන අයට අලුත් නිර්මාණ එහෙම කරන ගමන් ඉන්නේ. මම කරපු නිර්මාණ කිහිපයකුත් ඉස්සරහාට එන්න තියෙනවා. ඒ දේවල් තමයි මේ දවස්වල සිද්ධ වෙන්නේ.

Samitha Lakshan


Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Top