පැහැර ගැනීමකට ලක්වූ බව කියන දැරිය තමන් ඉගෙන ගන්නා බාලිකා විද්යාලයට නුදුරු ස්ථානයකදී සොයා ගැනීමෙන් පසුව පොලිසිය සිදු කළ විමර්ශනවලින් අනාවරණය වී ඇත්තේ දැරිය ව්යාජ කතා පුවතක් නිර්මාණය කර ඇති බවයි.
දැරියගේ දෙමාපියන් කැඳවා පොලිසිය කරුණු පැහැදිලි කිරීමෙන් පසුව දෙමාපියන් තුළ පැවති බිය සංකා පහව ගොස් ඇති බවද පොලිසිය පැවසුවා.
‘ස්මාට්’ ෆෝන් ජංගම දුරකථනයෙන් ත්‍රාසජනක සිද්ධින් ඇතුළත් දර්ශන නැරදැරිඹීම සිරිතක් කරගත් දැරිය මෙලෙස ව්යාජ රංගනයක යෙදී ඇති බව දැරියගේ මවුපියන්ට පෙන්වාදී තිබෙනවා.
කෙසේ වුවත් දරුවන් කුඩා අවදියේ සිටම ඔවුන්ගේ ක්රියාකාරකම් සම්බන්ධයෙන් දෙමාපියන් විමසිලිමත් විය යුතු බවයි පොලිසිය දෙමාපියන්ට පවසා ඇත්තේ.
දැරිය පැහැරගෙන යෑමේ සිද්ධිය සම්බන්ධයෙන් උපරිම ලෙස විමර්ශනයක් සිදු කරන ලෙස ජ්යෙෂ්ඨ නියෝජ්ය පොලිස්පති සංජීව ධර්මරත්න මහතා පොලිසියට උපදෙස් දී තිබුණා.
කෙසේ වුවත් දැරිය වෛද්ය පරීක්ෂණයකට භාජනය කිරීමට පොලිසිය පියවර ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
දිවයින පුවත්පතෙන් උපුටා ගන්නා ලදී