ලොව පුරා කොරෝනා වෛරස් මරණ සංඛ්‍යාව 9 ලක්ෂ පනස් දහස ඉක්මවා තිබෙනවා. එමෙන්ම ආසාදිත සංඛ්‍යාවද තුන්කෝටි තුන් ලක්ෂ තිස් තුන් දහස ඉක්මවන බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.
ඉන් වැඩිම ආසාදිත සංඛ්‍යාවක්, එනම් ආසාදිතයන් 68 ලක්ෂ 64,000 ක් සහ මරණ දෙලක්ෂ 22,000 ක් වාර්තාවන්නේ ඇමරිකා එක්සත් ජනපදයෙන්.
ඉන්දියාවෙන් ආසාදිතයන් 52 ලක්ෂ 12,000 ක් සහ මරණ 84,404 ක් වාර්තාවන අතර, බ්‍රසීලයෙන් ආසාදිතයන් 44 ලක්ෂ 57,000 ක් සහ මරණ එක්ලක්ෂ 35,000 ක් වාර්තාවුණා.