Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Sep
17
ජනපති ඇතුළු නිලධාරීන්ට තර්ජනය කිරීමේ සිද්ධියට සම්බන්ධ පාතාලයේ කෙරුමෙකු වූ පොඩි ලැසී, දැඩි ආරක්ෂක රැකවල් මැද අද ගිය තැන - Video

- ජනපති ඇතුළු නිලධාරීන්ට තර්ජනය කිරීමේ සිද්ධියට සම්බන්ධ පාතාලයේ කෙරුමෙකු වූ පොඩි ලැසී, දැඩි ආරක්ෂක රැකවල් මැද අද ගිය තැන - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

5,091 Views
ඉල්ලීම් ගණනක් ඉල්ලමින් උපවාසයේ නිරත වූ පිරිසට වූ දේ...
 
ජනාධිපතිවරයා, ආරක්ෂක ලේකම්වරයා ඇතුළු පිරිසක් ඝාතනය කරන බවට පොඩිලැසි සහ කොස්ගොඩ තාරක යන සංවිධානාත්මක අපරාධකරුවන් සිදුකළ ප්රකාශය සම්බන්ධයෙන් විභාග වන නඩුවට අදාළව පොඩි ලැසී අද ගාල්ල මහේස්ත්රාත් අධිකරණය වෙත ඉදිරිපත් කෙරුණා.
 
එහිදී මහේස්ත්රාත්වරයා නියෝග කළේ ඔහු මෙම මස 25 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසයි.

පසුගිය ජූනි මාසයේ බූස්ස බන්ධනාගාරයේ රැඳවියන් පිරිසක් තම පහසුකම් වැඩි කරන ලෙස ඉල්ලමින් උපවාසයක නිරත වී සිටියා.
 
අදාළ උපවාසය පිළිබඳ සොයා බැලීම සඳහා බන්ධනාගාර මූලස්ථානයේ නිලධාරීන් 5 දෙනෙකු සහ බූස්ස බන්ධනාගාර අධිකාරීවරයා එහි නිරීක්ෂණ චාරිකාවක නිරත වූ අතර පොඩි ලැසි සහ කොස්ගොඩ තාරක යන අපරාධකරුවන් අදාළ නිලධාරීන්ට, ජනාධිපතිවරයාට සහ ආරක්ෂක ලේකම්වරයාට මරණ තර්ජන එල්ල කර තිබුණේ එම අවස්ථාවේදියි.
 
මෙම මරණ තර්ජන සිදුකිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මෙම මස 8 වැනිදා ගාල්ල මහේස්ත්රාත් අධිකරණයේදී නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් කරුණු දැක්වීම් සිදු කෙරුණා.
 
ඒ, නියෝජ්ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා විසින්.
 
එදින කරුණු දැක්වීමෙන් අනතුරුව සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ජනිත් මධුෂංක ද සිල්වා හෙවත් පොඩිලැසි මෙම මස 25 වැනිදා අධිකරණය හමුවට ඉදිරිපත් කර ඔහුගෙන් ප්රකාශ ලබා ගන්නා ලෙස ගාල්ල ප්රධාන මහේස්ත්රාත් හර්ෂණ කැකුණවෙල මහතා නියෝග කළා.
 
මේ අතර මනුෂ්ය ඝාතන සිද්ධියකට අදාළව බලපිටිය මහාධිකරණයේ විභාග වූ නඩුවකින් පොඩිලැසිට ඇප ලබාදී තිබු අතර ඔහු අද එම ඇප කොන්දේසි සපුරාලීම සඳහා බලපිටිය මහේස්ත්රාත් වෙත පැමිණීමට නියමිතව තිබුණා.
 
කෙසේ වෙතත්, ජනාධිපතිවරයා, ආරක්ෂක ලේකම්වරයා ඇතුලු පිරිසක් ඝාතනය කරන බවට සිදුකළ ප්රකාශය සම්බන්ධ නඩුවට අදාළව පොඩි ලැසී අද ගාල්ල මහේස්ත්රාත් අධිකරණය වෙත මෝසමක් මගින් ඉදිරිපත් කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කටයුතු කළේ ඒ අතරතුරයි. 
 
මේ සඳහා පොඩි ලැසී ගාල්ල මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට විශේෂ ආරක්ෂාවක් යටතේ රැගෙන එනු ලැබුවා.
 
පොඩි ලැසි ජනාධිපතිවරයා ඇතුළු පිරිසක් ඝාතනය කරන බවට ප්රකාශ කිරීමට අදාළ නඩුවේ දෙවන සැකකරු ලෙස නම් කරන ලෙසත් මෙම මස 25 වැනිදා දක්වා ඔහු රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව එහිදී අධිකරණයෙන් ඉල්ලා සිටියා.
 
ඒ අනුව එම නඩුවට අදාළව පොඩිලැසි මෙම මස 25 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ගාල්ල මහේස්ත්රාත්වරයා නියෝග කළා.
 
අනතුරුව පොඩිලැසි බලපිටිය මහේස්ත්රාත් අධිකරණය වෙත රැගෙන විත් ඔහුට ඇප හිමි වූ මනුෂ්ය ඝාතන සිද්ධියට අදාළ නඩුවේ ඇප කොන්දේසි සපුරනු ලැබුවා.
 
කෙසේ වෙතත්, ගාල්ල මහේස්ත්රාත්වරයා දී තිබූ නියෝගය ප්රකාරව බන්ධනාගාර නිලධාරීන් විසින් සැකකරු යළි බූස්ස බන්ධනාගාරය වෙත රැගෙන යනු ලැබුවා.
 
ඒ, ගාල්ල ප්රධාන මහේස්ත්රාත්වරයා අද ලබාදුන් නියෝගයට අනුව මෙම මස 25 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාගාර ගත කිරීම සඳහායි.


Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Top