Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Sep
17
“මම ආපහු එනවා. මම ආපහු එනවා..” - අභිසරු ලියන්ට අඩත්තේට්ටම් කළ පිරිමින්ව, අමානුෂික ලෙස අවසන් ගමන් යැවූ අයිලින්, මරණ දඬුවමට පෙර නිලධාරින් හමුවේ කියූ ඇඟ කිළිපොලා යන කතාව - Photos

- “මම ආපහු එනවා. මම ආපහු එනවා..” - අභිසරු ලියන්ට අඩත්තේට්ටම් කළ පිරිමින්ව, අමානුෂික ලෙස අවසන් ගමන් යැවූ අයිලින්, මරණ දඬුවමට පෙර නිලධාරින් හමුවේ කියූ ඇඟ කිළිපොලා යන කතාව - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

11,660 Views
“උඹ මහා නරක ගෑනියෙක්. උශ නාඩගං නටන්න පටන් අරන් තියෙන්නේ ඉස්කෝලේ කාලේ ඉඳලමයි..”
 
“ඔයා ඔහොම නරක ජීවිතයක් ගත කරන්න ඕනි නැහැ. මං ඔයාට ආදරෙයි.”
 
පුංචි කාලේ හැම දරුවෙක්ගේම හිතේ ලස්සන ලස්සන හීන ගොඩාක් තියනවා. කවදාහරි ලොකු රස්සාවක් කරලා අම්මා තාත්තා එක්ක සතුටින් ලස්සන ගෙදරක ජීවත් වෙන්න තියනවා නම්. එහෙම හිතාගෙන ඉන්න දරු පැටවුන්ගේ හීන ගොඩකි විචිත්රයි. එහෙම හීන ගොඩක් අයිලීන්ටත් තිබුණා. ඒත් ඒ හීන ඔක්කොම එයාගේ දෙනෙත් ඉස්සරහාම පුපුරලා ගියා. එහෙම වුනාට පස්සේ අයිලීන්ට මොකද වුනේ..?
 
අයිලීන් පිට්මන් ඉපදුනේ 1956 දී. උපදින කොට එයාට හිටියේ අම්මයි එයාගේ වැඩිමල් සහෝදරයෙකුයි විතරයි. එයාගේ තාත්තා මිනීමැරුම් නඩුවකට ජීවිතාන්තය දක්වා බන්ධනාගාර ගත වෙලා තිබුණා. එයාගේ අම්මා දරු පැටව් දෙන්නා එක්කලා නොවිඳනා දුක් වින්ඳා.

රැකියාවක් නැතු දරුවෝ දෙන්නෙක් නඩත්තු කරන්න අමාරු නිසා හෝටලයක වේටර්වරියක් ලෙස අයිලීන්ගේ අම්මා රස්සාව කළා. එක දවසක් හිරේ ඉන්න තාත්තව බලන්න අයිලින්වත් එයාගේ අයියවත් අම්මා එක්කගෙන ගියා. තාත්තාගේ ඇස් දෙකේ කඳුළු කැට හිරවෙලා කඩාගෙන වැටෙනවා අයිලීන් දැක්කා.
 
"අනේ දුවේ ඔයාව බලන්න මම ගොඩාක් ආසයි..."
 
තාත්තා අයිලින්ට ඇහෙන්න එහෙම කිව්වා. අයිලින් අම්මාගේ මූණ බැලුවා. එයාගේ ඇස්වලත් කඳුළු.
 
හරියටම අවුරුද්දකට පස්සේ අයිලින්ගේ තාත්තා හිරගේ ඇතුළෙම සියදිවි නසාගත්තා. මානසික පීඩනය දරා ගන්න බැරුව එහෙම වුණා ද දන්නෙත් නෑ. මළසිරුර පෙන්වද්දි අයිලින් කෑ ගහලා ඇඬුවා.
 
දරු පැටව් දෙන්නව නඩත්තු කරන එක එන්න එන්නම අයිලින්ගේ අම්මට අමාරු වුනා. හඳ පායන්න වගේ කාලෙකට ඉස්කෝලේ ගියත් ඉගෙන ගන්න වැඩි දස්සකමක් ඔවුන් දෙදෙනාටම තිබුණේ නැහැ. පන්තියේ වැඩ බැරි නිසා ටීචර්ලා අයිලින්වත් එයාගේ අයියවත් පහත් කරලා කතා කළා.
 
දවසක් දරුවෝ දෙන්නව එකතු කරගත්ත අයිලීන්ගේ අම්මා එයාගේ තාත්තාගේ (සීයාගේ) ගෙදර ආවා.
 
"අනේ තාත්තා මෙයාලා දෙන්නා නඩත්තු කරන්න අමාරුයි. මෙයාලා දෙන්නව මෙහේ තියාගන්න. මම මාසේ අන්තිමට ගාණක් එවන්නම්.."
 
එහෙම කියපු අම්මා ගියා ගියාමයි. ආයේ ආවේ නෑ. මව්පියන් නැති දරුවන්ගේ ජීවිතවලට ගොඩක් කටුක අත්දැකීම් එකතු වෙනවා. මේ දෙන්නටත් එහෙමයි.
 
අයිලින්ගේ සීයා හරිම දරුණුයි. දවස් අයියා ඉස්කෝලේ ගියාට පස්සේ පුංචි අයිලින් එයා කාමරයකට අරගෙන ගියා. එදා මේ මහලු කාමාතුරයා අතින් අයිලින්ගේ ළමා විය වැනසුණා.
 
අයිලින් අනාගතයක් ගැන හිතුවේ නැහැ. පාසලට ගියත් හිතවත් පිරිමි ළමයින්ගේ මුදල්වලට ඔවුන් ලබාදෙන ටොෆි සිගරට් චොකලට් වලට එයාගේ ශරීරය ලන්සුවට තිබ්බා. කාටත් හොරා ගෙන ගිය මේ සෙල්ලම නිමා වුනේ අවුරුදු 14 දී ඇය ගැබිණියක බවට පත් වීමෙන්. උපන් දරුවව රජය යටතේ පාලනය වන ළමා නිවාසයකට භාර දෙන්න ඇයට සිද්ධ වුනා. ඉන් පස්සේ අවුරුද්දක්වත් සීයාලාගේ ගෙදර ඉන්න ඇයට ලැබුණේ නැහැ.
 
ඇයට ඊට පස්සේ සිද්ධ වුනේ මාවත් වාසී දැරියක් විදිහට කල් ගත කරන්න. කලකින් පස්සේ ඇය මාවතේ ඉන්න පිරිමින් ඇසුරු කරන සමනළියක් බවට පත් වුනා.
 
මෙවැනි බොහෝ කාන්තාවන්ට පිස්තෝල තිබුණා. අවුරුදු 18 දී විතර අයිලීන්ටත් පිස්තෝලයක් ගන්න ලැබුණා. ඒ අවුරුද්දෙම තමන්ට හිරිහැර කරන්න ආ ගනුදෙනු කරුවකුට ඇය වෙඩි තිබ්බා. ඔහු මිය ගියේ නැති නමුත් මේ වැරැද්දට ඇයට සිරදඬුවම් විඳින්නට සිදු වුණා.
 
හිරගෙදරින් එළියට ආපු අයිලින් ආපහු පුරුදු රස්සාව කළා.
 
අවුරුදු විස්සක් වෙනකොට එයාට ලෙවිස් කියලා ධනවතෙක් හම්බුණා. තම බිරිඳගෙන් දික්කසාද වුනු ඔහු ප්ලොරිඩාවේ පදිංචි අයෙක්.
 
"ඔයා ඔහොම නරක ජීවිතයක් ගත කරන්න ඕනි නැහැ. මං ඔයාට ආදරෙයි. අපි එකට ජීවත් වෙමු.."
 
ඔහු ඇයට කිව්වා. ඇය ඔහු හා විවාහ වුනා. ඒත් ඒ ටික කාලයයි.
 
ලෙවිස්ගේ වියපත් සිතටත් සැකය ඇතුළු වුනා.
 
"උඹ මහා නරක ගෑනියෙක්. උශ නාඩගං නටන්න පටන් අරන් තියෙන්නේ ඉස්කෝලේ කාලේ ඉඳලමයි.." ලෙවිස් එහෙම කිව්වා. ඒ වදන අයිලින්ට දරාගන්න බැරිවුනා. එයාට ලොකු ම දුක වුනේ පුංචි කාලේ ඉඳලාම දැනන් හිටපු එක කුස උපන් සහෝදරයා දරුණු පිළිකාවකින් මිය යාමයි. ඊට පස්සේ ලෙවිස්ගෙන් වෙන් වූ අයිලීන් පරණ පුරුදු රස්සාවෙන්ම ජීවත් වෙන්න පටන් ගත්තා.
 
වෙඩි තියන්න මං පහරන්න ඇයට හුරුව ලැබුණේ මහමඟ හමුවුනු පාතාලයන්ගෙන්මයි. මේ හුරුව නිසා ඇය මුදල් මංකොල්ල කෑවා. මාස කිහිපයකට පසු ඇය පොලිසියට කොටු වුනා. සීසීටීවි කැමරාවල ඇයව හොඳින් නිරීක්ෂණය වී තිබුණා.
 
යළි සිරගත වූ ඇය නිදහස් වී ආවේ පිරිමි ඇසුර එපාවෙලා. ඇය තමන්ට වඩා වයසින් බාල තැනැත්තියක් වූ වියාරා මෝර් සමඟින් හාදකම් පැවැත්වුවා. ඇය සල්ලායන් දඩයම පටන් ගත්තේ මේ කාල වකවානුවේදී 89 - 90 අතර කාලේ ඇය වෙඩි තබා මරා දැම්මේ අවුරුදු 51ක් වයස කෙනෙක්ව ඔහුගේ මළසිරුර හම්බුනේ පාළු මාවතක තිබිලා.
 
ඇගේ ඝාතන රටාවේ එක් අරමුණක් තිබුණා. ඒ මාවත්වාසී අභිසරුලියන්ට වද වේදනා පීඩා දෙන අයව මරා දැමීමයි.
 
ඇගේ ඝාතන රැල්ලේ අවසානය ඇමරිකානු ගුවන් හමුදාවේ සැරයන් වරයෙක්. ඔහුගේ හිසට හය වාරයක් ඇය වෙඩි තබා තිබුණා. සාහසික ඇසුරින් සල්ලාල පිරිමින් හත් දෙනෙකු මේ වන විට ඇගේ ගොදුරු බවට පත් වෙලා තිබුණා. ඒ සියලු දෙනාම අවුරුදු 40ට වැඩි අයයි.
 
නමුත් ඇයට දිගටම මේක කරගෙන යන්න බැරිවුණා. තමන් අතින් ඝාතනය වූ අයගේ මුදල් ස්වර්ණාභරණ ඇයත් ඇගේ මිතුරියකුත් සන්තක වුනා. ඔවුන්ට පොට වැරදුනේ තමන් අතින් ඝාතනය වූ අයගේ ස්වර්ණාභරණ උකස් කරන්නට ගිහිනුයි.
 
අත්අඩංගුවට පත් වූ අයිලින්ට මිනීමැරුම් චෝදනා හතක් එල්ල වුණා. ඇය වෙනුවෙන් පෙනි සිටි නීතිඥයින් කිව්වේ අයිලින්ට "පෞරුෂත්ව දුබලතා" පවතින බවයි. අයිලින් උසාවියේදී කිව්වේ මිය ගිය තැනැත්තන්ට වෙඩි තැබුවේ තමන්ගේ ආරක්ෂාව පිණිස බවයි.
 
එහෙත් උසාවිය ඇයට මරණ දඬුවම නියම කළා. ඇගේ මිතුරියකටත් ඇයට අනුබල දුන් චෝදනාව මත සිරදඬුවම් නියම වුනා.
 
සති ගණනක් බන්ධනාගාරයේ සිටි අයිලින් තමන්ට බන්ධනාගාර නිලධාරින් පහත් ලෙස සැලකූ බව කෑ ගසා කිව්වා. මරණ දඬුවම නියම වන 2002. 10. 02 උදාවුනා. අයිලින්ට බන්ධනාගාරයෙන් ලැබෙන අන්තිම ආහාර වේල ඇය ප්රතික්ෂේප කළා. ඇයව මරණයට පත් කළේ විෂ යෙදූ එන්නතකින්.
 
එන්නත ලබාදෙන්නට විනාඩියකට කලින් "මම ආපහු එනවා. මම ආපහු එනවා.." යනුවෙන් ඇය දෙවරක්ම පැවසූ බව බන්ධනාගාර නිලධාරින් ප්රකාශ කළා. ඇය යළිත් මේ මිනිස් ලෝකයට කවරකු ලෙස ඒවීද? ඇත්තටම එයා ආපහු ඇවිල්ලා මොනව කරයිද? අපි බලා ඉඳිමු!
 
ඩබ්ලිව්. ඒ. සරත්චන්ද්ර විසින් "මාංචු" පුවත්පතට ලියූ ලිපියකි.


 
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Top