“අපි ආව කෝච්චියට කලින් එකේදී තමයි නින්ද ගිහිං තිබ්බේ..”
“මං දැන් ඉදන් කල්පනා කරේ ඒ මනුස්සයා ගෙදර යන්න ඇති නේද කියලා...”
පුංචි තිරයේ අහිංසකම රංගන ශිල්පිනියක වන දිලිනි ලක්මාලිව බොහෝ දෙනෙක් දැන අඳුනගන්නේ ඈට හිමි දිගු වරලස නිසාමයි. විවිධ චරිත-වලින් කාගෙත් හිත් ගත් ශිල්පිනියක් වුනු ඇය තමන් මුහුණූ දුන්නු සත්ය අත්දැකීමක් ගැන මුහුණු පොතට මේ විදිහට ලියා තිබුණා.
මං අද ආවේ කොස්ගමට විතරක් එන ට්රේන් එකේ ..රෑ 8.49 ..ආච්ච් අම්මා කෙනෙක් නැග්ගා කඩුගොඩ ස්ටේශන් එකෙන්.. බෑග් 3 විතර එල්ලගෙන .. පෙට්ටියේ හිටියේම 3 දෙනයි... මට කිව්වා මාර වැඩක් පුතේ උනේ ..මං බහින්න ඕනේ " ගම්මාන" ස්ටේශන් එකෙන්" මට නින්ද ගිහිං.. ඊට පස්සේ කඩුගොඩින් බැස්සාලු..අපි ආව කෝච්චි යට කලින් එකේදී තමයි නින්ද ගිහිං තිබ්බේ ..ඒ ආච්ච් අම්මාගේ මහත්තයා හෝමාගම ඉස්පිරිතාලෙ නවත්තලා. උදේම ගිහිං තුන්වරුවම බලලා එනවලු.... කොස්ගමින් බැහැලා බස් එකේ මීපේට යනවා කිව්වා..පුතා වීල් එකේ එතනින් ගන්නං කිව්වාලු..මේ රෑ නමයට බස් නවත්තන්නෑ වයසක අයට නැවැත්තුවත් ආයේ වැරදිලා කොහේ බහියි ද දන්නෙ නෑ....මං එයාව කොස්ගමින් වීල් එකක නැග්ගලා යැව්වා..ඒ අයියට කිව්වා මීපේට දාන්න කියලා.. මං දැන් ඉදන් කල්පනා කරේ ඒ මනුස්සයා ගෙදර යන්න ඇති නේද කියලා ( කෙනෙකුට උපකාරයක් ඕන මොහොතක ඒ උපකාරය කල යුතුමයි..පස්සේ පසුතැවීමක් ඇති වන්නේ නැහැ..අයියෝ මට ඒ වෙලාවේ මේ දේ කරන්න තිබුණානේ කියලා )