Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Sep
17
“පාස්කු ප්‍රහාරය ගැන කතෝලික පල්ලියත් දැන සිටින්නට ඇති, තාත්තාගෙන් ඇහුවම තාත්තා කිව්වේ, තමුසෙට වඩා මම දන්නවා කියලා” - මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු, ජනපති කොමිසමේදී කළ හෙළිදරව්ව

- “පාස්කු ප්‍රහාරය ගැන කතෝලික පල්ලියත් දැන සිටින්නට ඇති, තාත්තාගෙන් ඇහුවම තාත්තා කිව්වේ, තමුසෙට වඩා මම දන්නවා කියලා” - මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු, ජනපති කොමිසමේදී කළ හෙළිදරව්වHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

76 Views
“අරලියගහ මන්දිරියේදී එම ලිපිය අග්රාමාත්යවරයා මට පෙන්නුවා....”
 
පාස්කු ප්රහාරය සම්බන්ධයෙන් බොහෝ පාර්ශ්ව පෙර දැනුවත් වූ බවට කරුණු අනාවරණය වී ඇති බැවින් කතෝලික පල්ලිය මේ ගැන දැන සිටින්නට ඇතැයි හරීන් ප්රනාන්දු පාර්ලිමේන්තු මන්ත්රීවරයා පැවසුවා.
 
ඒ පාස්කු ප්රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබා දෙමින්.

පාර්ලිමේන්තු මන්ත්රී හරීන් ප්රනාන්දු මහතා පාස්කු ප්රහාරය පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ පළමු වරට ඊයේ සාක්ෂි ලබා දුන්නා.

පාස්කු ප්රහාරය එල්ල වූ දිනයේ තමා බදුල්ලේ සිටි බවත්, ඒ පිළිබඳව දැනුවත් වීමෙන් අනතුරුව අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතාට දුරකතනයෙන් අමතා ගුවන් මගින් කොළඹට පැමිණි බවත් සාක්ෂිකරු සඳහන් කළා.
 
ජනාධිපති කොමිසම
පාස්කු ප්රහාරය එල්ල වූ කාලයේ ඔබේ පියාට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකු සමඟ සබඳතාවක් තිබුණද ?
 
හරීන් ප්රනාන්දු - පාර්ලිමේන්තු මන්ත්රී
ඔහුට වූ මුදල් වංචාවක් ගැන සී.අයි.ඩී.ය සමග සබඳතාවක් තිබුණා.
 
ජනාධිපති කොමිසම
අප්රේල් 21 වැනිදා ඔබ කොළඹ පැමිණීමෙන් පසු අදාළ පෞද්ගලික රෝහලට ගියාද ?
 
හරීන් ප්රනාන්දු
අගමැතිවරයා මට කතා කරලා කිව්වා තාත්තා ප්රහාරය ගැන දැනුවත් වුණේ කොහොමද කියල අහන්න කියලා. මම ඉන් පසුව දැඩි සත්කාර ඒකකය ගොස් විමසුවාම තාත්තා කිව්වේ, තමුසෙට වඩා මම දන්නවා කියලා. පසුව මම අරලියගහ මන්දිරයට ගියාම ප්රහාරය එල්ල වන බවට පොලිස් නිලධාරීන් වෙත යොමුකර තිබූ ලිපිය අග්රාමාත්යවරයා මට පෙන්නුවා.
 
මෙහිදී හරීන් ප්රනාන්දු මන්ත්රීවරයාගේ පියාගේ ජංගම දුරකතන වාර්තාවේ පිටපත් කොමිසම වෙත ඉදිරිපත් කෙරුණු අතර, එහි නන්දලාල් නම් පොලිස් සැරයන්වරයෙකු 2019 අප්රේල් 20 වැනිදා රාත්රී 8.13 ට තත්පර 356 ක දුරකථන ඇමතුමකින් සම්බන්ධ වී ඇති බව අනාවරණ වුණා.
 
මෙහිදී ජනාධිපති කොමිසම වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා කොමිසමේ අවධානයට යොමු කළේ, පාස්කු ප්රහාරයෙන් පසු වනාතවිල්ලුවේදී අත්අඩංගුවට ගත් ආමි මොහිදීන් නමැත්තාගේ දුරකථනයේ ද නන්දලාල් නම් පොලිස් සැරයන්වරයාගේ දුරකථන අංකය තිබූ බවයි.
 
මෙහිදී හරීන් ප්රනාන්දු මන්ත්රීවරයා වැඩිදුරටත් කියා සිටියේ පාස්කු ප්රහාරය පිළිබද බොහෝ පාර්ශ්ව පෙර දැනුවත්වීමක් පැවති ඇති බවට මේ වනවිට කරුණු අනාවරණය වී ඇති පසුබිමක කතෝලික පල්ලියද මේ ගැන සම්පුර්ණෙන්ම නොදැන සිටි බව තමන් විශ්වාස නොකරන බවයි.
 
හරීන් ප්රනාන්දු
මෙරට කතෝලික සභාවේ නායකයා සෑම වර්ෂයකම පාස්කු ඉරුදින උදෑසන දිව්ය පුජාවක් පවත්වන පසුබිමක, පසුගිය වසරේ පමණක් එය සිදු නොකරන ලද්දේ උන්වහන්සේ ප්රහාරය පිළිබද පෙර දැනුවත්ව සිටි නිසාද යන්න පිළිබද විශේෂ විමර්ශනයක් කළ යුතුයි.
 
ඉන් අනතුරුව අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ශමීල් පෙරේරා මහතා සාක්ෂිකරුගෙන් හරස් ප්රශ්න විමසූ අතර, සාක්ෂිකරුගේ ඥාති පුත්රයෙක් අප්රේල් 21 වැනිදා පැවති රග්බි පුහුණුවකට සහභාගී නොවීම සම්බන්ධයෙන් කළ ප්රශ්න කිරීමේදී හරීන් ප්රනාන්දු මන්ත්රීවරයා දැඩි ආවේගශීලීව ඊට ප්රතිචාර දැක්වූවා.
 
එම අවස්ථාවේදී ජනාධිපති කොමිසමේ සභාපති විනිසුරුවරයා සාක්ෂිකරුට දැඩි ලෙස අවවාද කළා.
 
ජනාධිපති කොමිසමේ සභාපති විනිසුරු
ඔබගෙන් යම් ප්රශ්නයක් ඇහුවම දන්නේ නැත්නම් දන්නේ නැහැ කියන්න. දන්නවා නම් ඊට උත්තර දෙන්න.
 
ජනාධිපති නීතිඥ ශමීල් පෙරේරා
අප්රේල් 21 වැනිදා රග්බි සංචිතයේ සියලුම සාමාජිකයින් පුහුණුවලට සහභාගී වුණා, මේ දරුවා හැර?
 
හරීන් ප්රනාන්දු
මම දන්නේ නැහැ (කේන්තියෙන්)
 
ජනාධිපති නීතිඥ ශමීල් පෙරේරා
මෙම පුහුණුවීම් අවසන් වීමෙන් පසුව මෙම පිරිස කොච්චිකඩේ පල්ලියට යන්න නේද සූදානම් වෙලා සිටියේ ?
 
හරීන් ප්රනාන්දු
මම දන්නේ නැහැ, මම කියන්නේ මේ බෝම්බ ප්රහාරය ගැන රෝමානු කතෝලික පල්ලිය දැනුවත් කියලා. පළවෙනි වතාවට ප්රධානියා පුජාව තිබ්බේ නැහැ.
 
එහිදී ජනාධිපති නීතිඥ ශමීල් පෙරේරා මහතා සාක්ෂිකරුගෙන් විමසුවේ අගරදගුරු හිමිපාණන් සෑම වර්ෂයකම පාස්කු දේව මෙහෙය පවත්වන්නේ පාස්කු ඉරුදිනට පෙර සෙනසුරාදා දින මධ්යම රාත්රීයේ බව මම ඔබට යෝජනා කළොත් එය පිළිගන්නවාද යන්නයි.
 
ඊට ප්රතිචාර දක්වමින් තමන් පෙර කළ ප්රකාශය පදනම් විරහිතව හුදෙක් මනසට ආ පමණින් සාක්ෂි නොමැතිව කළ ප්රකාශයක් බව පිලිගන්නා බව සාක්ෂිකාර හරීන් ප්රනාන්දු මන්ත්රීවරයා සඳහන් කළා.
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top