Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Sep
17
"මෙයා කතා කරන්න එපා කියලා කියපු යාළුවන් දෙන්නෙක් එක්ක මම කතා කරපු නිසයි මෙහෙම ගැහුවේ.." - සිය පෙම්වතාගෙන් අමානුෂික අන්දමින් පහර කෑමට ලක් වූ පෙම්වතිය පොලිසියේදී කියූ දේ

- "මෙයා කතා කරන්න එපා කියලා කියපු යාළුවන් දෙන්නෙක් එක්ක මම කතා කරපු නිසයි මෙහෙම ගැහුවේ.." - සිය පෙම්වතාගෙන් අමානුෂික අන්දමින් පහර කෑමට ලක් වූ පෙම්වතිය පොලිසියේදී කියූ දේHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

7,725 Views
මට ගැහුවාට එයාට දඬුවම් කරන්න එපා..
 
මෙයා මං කියන දේවල් අහන්නේ නෑ සර්....
 
මහමග ගමන් කළ දෙනෝදහසක් බලා සිටියදී සිය පෙම්වතියට අමානුෂික අන්දමින් හිසට හා කම්මුලට ගුටි ඇන්න තරුණයකු මාර්ගයේ ගමන් කළ අයකු විසින් අල්ලා අනුරාධපුර මූලස්ථාන පොලිසියට භාරදීමට ඊයේ (16දා) උදෑසන කටයුතු කළේය.
 
පෙම්වතාගෙන් ගුටිකමින් හඬා වැටෙමින් සිසුවියක අනුරාධපුර මූලස්ථාන පොලිසිය ආසන්නයේ පිහිටි ඩී.එස්. සේනානායක වටරවුම ආසන්නයෙන් ගමන් කරනා අයුරු දුටු මෝටර් රථයකින් ගමන් කළ පුද්ගලයා මෝටර් රථය වහාම නවත්වා තරුණයා අල්ලා ගැනීමට කටයුතු කළේය.

තරුණයා අල්ලාගත් අවස්ථාවේ මීමැස්මොරය රෝගය වැලඳුණු ආකාරයට රංගනයක් රඟ දක්වමින් සිහිසුන්ව බිම ඇදවැටී ඇති අතර සිද්ධිය දුටු කිහිපදෙනකු එම ස්ථානයට පැමිණ තරුණයාට ජලය ඉසිනු ලැබීය.
 
පසුව නැවතත් සිහිය පැමිණි ආකාරයෙන් රංගනයක නිරත වූ ඔහුව අල්ලාගත් පුද්ගලයාගෙන් මිදී යෑමට උත්සාහයක නිරත වුවත් සිසුවිය හා තරුණයාව අනුරාධපුර මූලස්ථාන පොලිසියේ රථවාහන අංශයේ නිලධාරීන්ට භාරදීමට ඔහු කටයුතු කරනු ලැබීය.
 
පහරකෑමට ලක්වී හඬා වැටෙමින් සිටි 17 හැවිරිදි සිසුවියට තරුණයා පහරදීම නිසා ඇයගේ කම්මුල් රතු පැහැ ගැන් වී තිබූ බව සිද්ධිය බලා සිටි පුද්ගලයන් පිරිසක් පැවැසූහ. මෙම යුවළ අනුරාධපුර නව නගරයේ පැවැත්වෙන අමතර පන්තියකට සහභාගි වීම සඳහා අනුරාධපුරයට පැමිණ ඇති බවත් මහවිලච්චිය බස් නැවතුම ප්‍රදේශයේ සිට පදිකවේදිකාව දිගේ තරුණයා හා පෙම්වතිය ගමන් කරනා අයුරු ප්‍රධාන මාර්ගයේ ගමන් කළ පිරිස් දැක තිබේ.
 
තරුණයා ඇයට මහමඟ දිගේ ඉතා අමානුෂික අන්දමින් පහරදෙමින් රැගෙනවිත් තිබූ අතර පහරදුන් අය හා පහරකෑමට ලක්වූ සිසුවිය අනුරාධපුර මූලස්ථාන පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයට භාරදීමෙන් පසුව එම නිලධාරින් පහරදීමට හේතුව කුමක්ද යන්න සිසුවියගෙන් විමසා තිබිණි.
 
සිය පෙම්වතා තමන් ඉගෙනුම ලබන පන්තියේ සිසුවියන් දෙදෙනකු ආශ්‍රය නොකරන ලෙස උපදෙස් දී ඇති බවත් ඔවුන් ආශ්‍රය කිරීම නිසා කෝපයට පත්වී පහරදීම සිදුකළ බවත් ඇය පොලිසියට පවසා තිබුණාය.
 
සැකකාර තරුණ සිසුවාත් එම හේතුවම පොලිසියට පවසා තිබූ අතර පසුව දෙදෙනාගේම මවුපියන් පොලිස් ස්ථානයට කැඳවීමට ළමා හා කාන්තා කාර්යාංශය කටයුතු සිදුකර තිබිණි. සිය පෙම්වතා තමන්ට පහරදීම පිළිබඳව නීති මඟින් කටයුතු කිරීමේ අවශ්‍යතාවක් නැති බව සිසුවිය පොලිසිය හමුවේ හඬා වැටෙමින් පවසා තිබිණිය.
 
සිසුවියගේ හා තරුණයාගේ මවුපියන් දෙදෙනා පොලිස් ස්ථානයට කැඳවා අවවාද කර භාරදීමට අනුරාධපුර මූලස්ථාන පොලිසියේ ප්‍රධාන පොලිස් පරීක්ෂක ආනන්ද මහතා පියවර ගෙන තිබිණි.
 
අනුරාධපුර - මහේෂ් විජේසූරිය
මව්බිම 
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Top