සාරංග සහ දිනක්ෂි කියලා කියන්නේ තරුණ පරපුර නියෝජනය කර රංගන ශිල්පීන් දෙදෙනෙක්. ඉතිං මේ දෙන්නා මෑතකදී විවාහ වුණා. නමුත් මේ විවාහය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය තුළ වැඩි කතාබහකට ලක් වුණා. ඒ වගේ සාරංගගේ සහ දිනක්ෂිගේ විවාහය සම්බන්ධයෙන් බුකියේ ලියවෙන පෝස්ට් මේ වනවිට ඔවුන් දෙදෙනා තමන්ගේ Facebook Page තුළ Share කරගැනීමත් විශේෂත්වයක්.
සාරංගයි උමාලියි බ්‍රේකප් වෙලා ඉන්න මුල් කාලේ මාත් බොහොම සූටී ඒ කාලේ.. ඒ කාලේ මතක හිටින එක්තරා සිදුවීමක් උනා ..මේක මාධ්‍ය ලොකුවට හුවා දැක්කුවා..
උමාලී එක්තරා සම්මාන උළෙලක හොඳම නිලියට හිමි සම්මානය ගන්නවා.. ඒ උලෙලෙ නිවේදන කටයුතු කලේ සාරංග.. සම්මානය අරන් වේදිකාවෙන් බහින්න හදන උමාලි ගාවට ගිහින් සාරංග අහනවා
"ඔබට මොකද හිතෙන්නෙ මේ ලබපු සම්මානය ගැන? "
සම්මානයක් ගත්තම ඕනෙම නලුවෙක් නිලියෙක් දෙසාබාන සුපුරුදු පල්හෑලි ටිකෙන් පස්සෙ
උදාහරණයක් හැටියට
"මේක එක තනි පුද්ගලයෙක්ගෙ ජයග්‍රහණයක් නෙමෙ සමස්ථ මානව වර්ගයා තබපු යෝධ පිම්මක් "
ජාතියේ කතා ටිකක් කියලා එහෙම යන්න ලෑස්ති වෙලා උමාලි කියනවා පොඩි සිංදු කෑල්ලක්...
රැවුලක් වැව්වට චේ ගුවේරා වගෙ
මත් වී හිටියට බොබ් මාලේ වගේ
හිත් වල කෝ බන් ආදරේ ?...."
මෙන්න මේ ස්ටේජ් එක උඩ සිද්ධ උන සංසිද්ධිය ගැන අතිශය භාවාත්මක වචන හරබයක් කරලා මන් ලිව්වා මගේ ෆේස්බුක් වෝල් එකෙ සටහනක් .. හාරපන්දාහක් ශෙයාර්ස් ගිහින් මේ සටහන වයිරල් උනා..
අන්තිමෙ මොකද උනේ ඊගාව සතියෙ සති අන්ත ජාතික පුවත්පතක ටැබ්ලොයිඩ් අතිරේකයේ පිටු දෙකක් පුරා මගෙ ඒ ලිපිය පල කරලා තිබුනා..
බොහෝ දෙනා ඒ සටහන ගැන ප්‍රශංසාත්මකව කතා කලා..
අද එ සිද්දියෙන් අවුරුදු කිහිපයක් ගිය තැන මමත් එදාට වඩා වයසින් මුහුකුරා ගියා එදාට වඩා දශමෙකින් හරි පරිණත මනුස්සයෙක්.. සමහර දේ ගැන අත්දැකීමෙන්ම ප්‍රත්‍යක්ෂ කරගත්තු කෙනෙක්..
ඒ අත්දැකීම් අතරින් මම මේ ටික කාලේට ඉගෙන ගත්තා එක දෙයක්..
ආදරේ කියන්නෙ ලෝකෙට පේන්න රාමු කරලා බිත්තියෙ එල්ලලා තියෙන පින්තූරයක් නෙමෙ..
පින්තූරේ දිහා බලලා ගොඩාක් එවුන් වර්ණනා කරයි.. ශා මරු පර්ෆෙක්ට් කපල් කියයි..
හැබැයි පින්තූරේ විතරයි දන්නෙ මූලු කාලය පුරාම අර ඇණයක් උඩ අමාරුවෙන් එල්ලිලා ලෝකෙට පේන්න ලස්සනට ඉන්න කන කට්ට..
කාලයක් ගියා සාරංග තව ගෑනියෙක්ට ලං උනා..
මිනිස්සු සාප කරන්න ගත්තා.. ඒ බඳින්න යන කෙල්ලටත් එක්කම..
ෆෙස්බුක් එක දෙකට බෙදී සුපුරුදු ලෙස කෙලගත්තා..
සමහරු " ඊකේ ඔයා නම් ඈක්කා "
කියද්දි තව කෙනෙක්
" ඇයි ඩිවෝස් වෙච්ච එකෙක්ට බඳින්න තහනම්ද ඇහුවා ?"
ඒ කොහොම උනත් උං දෙන්නා බැන්දා..
දිනක්ශි ගැන කිව්වොත් නිලියෙක් හැටියට මම එයාගෙ මහ ලොකු ප්‍රතිභාවක් දක්ශකමක් මුල පටන් දැක්කෙ නෑ.
මගෙ අදහස උනේ ලංකාවෙ නෙපොටිසම් පවුලක එක ප්‍රොඩක්ට් එකක් විතරයි එයා කියන එක..
හැබැයි මනුස්සයෙක් හැටියට දිනක්ශිව මෙලෝ හේතුවක් නැතුව දිරවන්න බැරි තරම් ලොකු අප්සෙට් එකක් තිබ්බෙ නෑ
හොද ජොලියෙ ඉන්න ජිවිතේ විදින සෝක් කෙල්ල කියන අදහසේ හිටියා..
සාරංග හා දිනක්ශිගෙ යු ටියුබ් චැනල් එකෙ විඩීයෝ බැලුවට පස්සෙ හිතුනා
ශා මුන් දෙන්නට දෙන්න පට්ට කොම්ෆටබල් නෙහ්"
හරි පහසුවෙන් ජිවත් වෙනවා. තමුන් ආදරේ කරන ගෑනි ගාව මිනිහා ගාව සැනසීමෙන් පහසුවෙන් ආයාසයක් නැතුව ජිවිතේ ගෙවන්න පුලුවන් වීමම ආදරේදි ලොකුම අත්තිවාරම කියලා මම මගෙ අත්දැකීම්. ඇසුරින් දන්නවා..
ඒ ඔක්කොමත් එක්ක උන්ගෙ කසාදෙ ගැන එහෙම ලොකු ඇම්මක් මට තිබ්බෙම නෑ .. නිකම් කසනවා කසනවා වගෙ දැනුනෙත් නෑ
හැබැයි දිනක්ශිගෙ මේ කොමෙන්ට් එක දැක්කට පස්සෙ මට උන් දෙන්නා බැඳපු එක ගැන ඉහවහා ගිය ප්‍රීතියක් ඇති උනා..
සිරාවටම පට්ටම කොමෙන්ට් එකක්..
මෙන්න මේ කොමෙන්ට් එකෙන් පස්සෙ ඔන්න මන් දිනක්ශිගෙ පෑන් කෙනෙක් උනා..
මේ වගෙ උන්ට කණ හරහා මොලේටම වෙඩි වගේ උත්තරයක් දෙන්න පුලුවන් කෙල්ලක් කියන්නෙ ඉතින් අනික්වා අදාලම නෑ සුපිරි බුලට් එකක් තමයි
ඉතින් සාරංග උමාලි සටහනෙන් අවුරුදු ගානකට පස්සෙ මන් අද එවන් අපරණිත ලද බොළද සටහනක් ලිවීම ගැන පසු තැවෙනවා..
ජිවිතේ එහෙමයි හැරිලා බලද්දි වයර් කියලා හිතෙන තැන් නැතුවා නෙමෙයි..
සමහර වෙලාවට වැරදි බස් හෝල්ට් වලින් බහින්න වෙන වෙලාවල් තියෙනවා .. එහෙමයි කියලා ආයි හැරිලා ගෙදර යන්න උවමනා නෑ. මිනිස්සු ජිවිතේ ඉස්සරහට යන්න ඕනෙ
සමහරවිට හරිම හෝල්ට් එක හම්බෙනකල් පයින් ගාටන්න උනත්.... ඒත් මිනිස්සු යන්න ඕනෙ ඉස්සරහට !!
සෝ එල කෙල්ල දිනක්ශි .. ඔන්න ඔහොම ඉන්නෝනා..
චාන්‍යා