වීසා වංචාවන්ට සම්බන්ධ සේවකයන් සිව්දෙනෙකුගේ සේවය ශ්‍රී ලංකා ගුවන් සමාගම විසින් මෙම වසරේ ජූලි මාසයේ සිට අත්හිටුවා ඇති බව එම සමාගම නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දෙනවා.
එම සේවකයන් අත්අඩංගුවට ගැනීම පිළිබඳව සමාජ මාධ්‍ය ඔස්සේ පලවන විවිධ වාර්තා සම්බන්ධයෙන් අදහස් පළකරමිනුයි එම සමාගම මේ බව සඳහන් කරන්නේ.
එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ ඔවුන් මේ වනවිට ගුවන් සේවයේ කිසිදු කටයුත්තකට සම්බන්ධ නොවන බවයි.
මේ අතර ඔවුන් සම්බන්ධයෙන් සිදුකෙරෙන ඉදිරි නීතිමය කටයුතු සඳහා අදාළ ආයතන වෙත සිය පූර්ණ සහයෝගය ලබාදෙන බවයි අදාළ නිවේදනය මගින් වැඩිදුරටත් ඔවුන් සඳහන් කර ඇත්තේ.