මෙම වසරේ පෙබරවාරි මාසය අවසානය වන විට මද්‍රසා සහ අරාබි විද්‍යාල 1815 ක් මුස්ලිම් ආගමික හා සංස්කෘතික දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වි තිබෙනවා.
එසේම, 2019 වසරේදි ජාත්‍යන්තර පාසල් 389ක් ආයෝජන මණ්ඩලය සහ සමාගම් පනත යටතේ ලියාපදිංචි කර ඇති බවයි මහබැංකුව සඳහන් කලේ.
ඒ අනුව මේවා අධ්‍යාපන අමාත්‍යාංශය සතු නොවීම නිසා ගැටලු මතුවි ඇති බව මහබැංකුව සදහන් කලා.
විශේෂයෙන් ලියාපදිංචි සිසුන් සංඛ්‍යාව, උගන්වනු ලබන විෂය මාලා මෙන්ම පිලිගත හැකි තරග විභාග මගින් මෙම පාසල්වල සිසුන් ඇගයිමට ලක් කිරීමට කිසිදු යාන්ත්‍රණයක් අධ්‍යාපන අමාත්‍යාංශය සතුව නොමැති බවයි පසුගියදා නිකුත් වු 2019 වසරට අදාලව මහබැංකු වාර්තාව මගින් හෙලි කර ඇත්තේ.
2018 වසරේ දී සිසුන් 120,469 දෙනෙකු ජාත්‍යන්තර පාසල් වල ඉගෙනුම ලැබු අතර 2019 වන විට එය 140 223 දක්වා ඉහල ගොස් තිබෙනවා.
පෞද්ගලික අංශය හරහා අධ්‍යාපනය ලබා ගැනීමට යොමුවන සිසුන් සංඛ්‍යාව මෙලෙස වැඩිවීම සැලකිල්ලට ගනිමින් එම සිසුන්ට ඵලදායි වැඩිහිටි දිවියක් ගත කිරීමට මේවායේ නෛතික රාමුව සහ අධීක්ෂණ යාන්ත්‍රය ශක්තිමත් කල යුතු බව මහබැංකුව සිය වාර්ෂික වාර්තාව මගින් පෙන්වා දි තිබෙනවා.