Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Sep
15
“වෙඩි ප්‍රහාර අටෙන් පහක්ම කෙළින්ම වැදිලා තියෙන්නේ පපුවට - වෙඩික්කරු සූක්ෂ්ම ලෙස ක්‍රියා කරලා” - මහමඟ ඝාතනය වූ SF ලොක්කාගේ මරණය ගැන පොලිසියට ලැබුණූ අලුත්ම හෝඩුවාව

- “වෙඩි ප්‍රහාර අටෙන් පහක්ම කෙළින්ම වැදිලා තියෙන්නේ පපුවට - වෙඩික්කරු සූක්ෂ්ම ලෙස ක්‍රියා කරලා” - මහමඟ ඝාතනය වූ SF ලොක්කාගේ මරණය ගැන පොලිසියට ලැබුණූ අලුත්ම හෝඩුවාවHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

11,915 Views
SF ලොක්කාගේ සල්ලි බැංකු ශාඛා 32ක ඇති බවට හෙළි වෙයි (පියා, මව ඇතුළු පෙම්වතියන්ගේ.)
 
මෝටර් රථයේ ගෑස් ටැංකියටත් ඉන්ජෙක්ටර් පොම්පයටත් නිවැරැදි ඉලක්ක කරලා...
 
වෙඩි තබා ඝාතනය කෙරුණු සිද්ධි ඇතුළු අපරාධ චෝදනා රැසක විත්තිකරුවකු ලෙස නම් කර සිටි එස්.එෆ්. ලොක්කා හෙවත් ඉරෝන් රණසිංහ වෙනුවෙන් ඔහුගේ පියාගේ, මවගේ, සහෝදරයාගේ, සහෝදරියගේ, පෙම්වතිය බව කියන කාන්තාවකගේ සහ ඥාතීන් පස්දෙනකු ඇතුළු දස දෙනකුගේ නමින් ඇති බැංකු ගිණුම් සම්බන්ධයෙන් සවිස්තර වාර්තා දින 14ක් ඇතුළත අනුරාධපුර පොලිසියට ලබාදෙන්නැයි අනුරාධපුර ප්රධාන මහෙස්ත්රාත් සහ අතිරේක දිසා විනිසුරු ජනක ප්රසන්න සමරසිංහ මහතා රාජ්ය සහ පෞද්ගලික බැංකු ශාඛා තිස් දෙකක කළමනාකාරිත්වයට නියෝග කළේය.

ප්රධාන මහෙස්ත්රාත්වරයා එසේ නියෝග කළේ අනුරාධපුර මූලස්ථාන පොලිසියේ නඩු කටයුතු මෙහෙයුම් අංශයේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක එච්.එම්. යසරත්න මහතා අධිකරණයට කළ කරුණු දැක්වීමක් සැලකිල්ලට ගනිමිනි.
 
මේ සම්බන්ධයෙන් වැඩිදුර වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරමින් අනුරාධපුර මූලස්ථාන පොලිසියේ නඩු කටයුතු මෙහෙයුම් අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක යසරත්න මහතා සඳහන් කළේ වෙඩි තබා ඝතනය කෙරුණු එස්.එෆ්. ලොක්කා හෙවත් ඉරෝන් රණසිංහ නමැත්තා ජීවතුන් අතර සිටියදී මත්කුඩු හෙරොයින් ඇතුළු විස මත්ද්රව්ය ජාවාරමේ නියැළී සිට ඇති බවට පොලිස් විමර්ශන කණ්ඩායම්වලට තොරතුරු ලැබෙමින් පවතින බවයි.
 
එස්.එෆ්. ලොක්කා හෙවත් ඉරෝන් රණසිංහ එලෙස මත්කුඩු ජාවාරම් කිරීමෙන් උපයා ගත් විශාල මුදලක් ඔහුගේ නමින්, ඔහුගේ පියාගේ, මවගේ, සහෝදරයාගේ, සහෝදරියගේ, පෙම්වතිය බව කියන කාන්තාවකගේ සහ ඥාතීන් පස්දෙනකුගේ නමින් ඇති බැංකු ගිණුම් රැසක තැන්පත් කර ඇති බවට පොලිස් විමර්ශන කණ්ඩායම්වලට සැකයක් පවතින්නේ යැයිද අධිකරණයට සැල කළ පොලිස් පරීක්ෂක යසරත්න මහතා ඒ පිළිබඳව අනාවරණය කරගැනීම සඳහා පහත සඳහන් පුද්ගලයන්ගේ නමින් ඇති සියලු බැංකු ශාඛාවල ඇති ගිණුම් පිළිබඳව සවිස්තර වාර්තා අනුරාධපුර මූලස්ථාන පොලිසියට ලබාදෙන ලෙසට රාජ්ය සහ පෞද්ගලික බැංකු ශාඛා තිස් දෙකක කළමනාකාරිත්වයට නියෝග කරන්නැයිද අයැද සිටියේය.
 
ඒ අනුව බැංකු ගිණුම් පිළිබඳ වාර්තා දෙන ලෙස නියෝග කළේ එස්.එෆ්. ලොක්කාගේ පියා වන ආර්.ඒ. අනුර, මව වන ජේ. එලිසබෙත් රාණි, සහෝදරයකු වන ආර්.ඒ. අසිත රණසිංහ, සහෝදරියක වන ආර්.ඒ. අනෝජා රණසිංහ, පෙම්වතිය බව කියන තිළිණි නදීෂා වීරසිංහ සහ ඥාතීන් වන සුතාරා චේතුමාලි චන්ද්රසිරි, ජේ.එම්. මනෝජ් රංගන අමරසේකර, එම්.ඒ. ධනංජය මල්ලවාරච්චි සහ ඩී.එච්.ඩබ්. චමින්ද කුමාර යන අයවලුන්ටය.
 
වෙඩි තබා ඝාතනය කෙරුණු අපරාධ රැසක් සම්බන්ධව චෝදනා ලැබ සිටින විත්තිකරුවකුගේ සහ ඔහුගේ මවගේ, පියාගේ, සහෝදර සහෝදරියන්ගේ, පෙම්වතියගේ මෙන්ම ඥාතීන්ගේ නමින් ඇති බැංකු ගිණුම් පිළිබඳ වාර්තා ලබාදෙන ලෙස උතුරු මැද පළාතේ අධිකරණයකින් රාජ්ය සහ පෞද්ගලික බැංකු ශාඛා තිස් දෙකකට නියෝග කළ ඉතිහාසයේ ප්රථම අවස්ථාව මෙය වීම විශේෂත්වයකි.
 
එස්.එෆ්. ලොක්කා යතුරුපැදියකින් පැමිණි දෙදෙනකු විසින් ටී 56 වර්ගයේ ස්වයංක්රිය ගිනි අවියකින් වෙඩි ප්රාහාර අටක් එල්ල කර ඝාතනය කළේ පසුගිය අගෝස්තු මස 5 වැනි දිනය.
 
ඒ ඔහු අනුරාධපුර නගරය දෙස සිට අනුරාධපුර බන්ධනාගාරය දෙසට මෝටර් රථයකින් ගමන් කරමින් සිටියදී අනුරාධපුර, දහයියාගම හන්දියේ දුම්රිය හරස් මාර්ගය අසලදීය.
 
එස්.එෆ්. ලොක්කාට එල්ල කර තිබූ වෙඩි ප්රහාර අටෙන් පහක්ම ඔහුගේ පපුව ප්රදේශටත් ඉතිරි වෙඩි ප්රහාර තුන ඔහු ගමන් කරමින් සිටි මෝටර් රථයේ ගෑස් ටැංකියටත් ඉන්ජෙක්ටර් පොම්පයටත් නිවැරැදි ඉලක්කය හඳුනා ගෙන එල්ල කිරීමට තරම් වෙඩික්කරුවන් සූක්ෂ්ම ලෙස ක්රියා කර ඇති බව මෙම ඝාතන සිද්ධිය පිළිබඳව විමර්ශන කරන පොලිස් කණ්ඩායම් තහවුරු කර ගැනිණි.
 
අනුරාධපුර කොට්ඨාස භාර ජේයෂ්ඨ පොලිස් අධිකාරි ලංකා ගීගනගේ මහතාගේ සහ අනුරාධපුර සහකාර පොලිස් අධිකාරි අනුර ගොඩකුඹුර යන මහත්වරුන්ගේ උපදෙස් මත අනුරාධපුර මූලස්ථාන ප්රධාන පොලිස් පරික්ෂක සංජීව මහනාම මහතාගේ අධීක්ෂණය යටතේ නඩු කටයුතු මෙහෙයුම් අංශයේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක එච්.එම්. යසරත්න සහ සැරයන් නීල් (28211) යන මහත්වරු මේ සම්බන්ධයෙන් අධිකරණයට කරුණු ඉදිරිපත් කළහ.

මෙම ලිපිය උපුටා ගැනීම මව්බිම පුවත්පතෙන්..
 
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Top