Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Sep
15
“...ඇවිල්ලා දුවව එක්කන් පලයන් නැත්තම් ඒකිව මරලා දානවා, කියලා කෝල් කරලා කිව්වා, දුවයි මිණිපිරියයි කෑ ගහන හඬක් ඇහුණා..” - අවුරුදු දෙකක් වයස දියණියට මව් සෙනෙහස අහිමි කරවමින්, එරංගාව නොඑන ගමන් යැවූ සැමියා ගැන අහන් ඉන්න බැරි කතාවක්

- “...ඇවිල්ලා දුවව එක්කන් පලයන් නැත්තම් ඒකිව මරලා දානවා, කියලා කෝල් කරලා කිව්වා, දුවයි මිණිපිරියයි කෑ ගහන හඬක් ඇහුණා..” - අවුරුදු දෙකක් වයස දියණියට මව් සෙනෙහස අහිමි කරවමින්, එරංගාව නොඑන ගමන් යැවූ සැමියා ගැන අහන් ඉන්න බැරි කතාවක්Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

31,878 Views
“දුව වස බිව්වා කියලයි දැනගන්න ලැබුනේ. ඇඟේ තැලුම් තුවාලම පහළොවක්...”
 
“මේ පිළිබඳව දුව මට දුරකථන ඇමතුම් දී දැන්වුවා...”
 
සැමියා විසින් බිරිඳට පහර දී ඝාතනය කිරීමේ සිද්ධියක් කිරිඳවැල පොලිස් බල ප්රදේශයෙන් පසුගියදා වාර්තා වුනා. විසි අට හැවිරිදි එක් දරු මවක් වන චන්ද්රසේකරලාගේ තෙරේස් එරංගා මධුවන්ති මහත්මිය මෙසේ ඝාතනය කර තිබුණා. දරුවා වයස අවුරුදු දෙකක දියණියක්.
 
නිවසේ සිහිසුන්ව වැටි සිටි එරංගා ඇගේ සැමියා විසින් මල්වතු හිරිපිටිගම ග්රාමීය රෝහලටත් පසුව ගම්පහ මූලික රෝහලටත් රැගෙන ගොස් ඇති අතර ඇය මිය ගොස් ඇති බව වාර්තා වුනා.

තම ඥාතී දියණිය වස පානය කිරීමෙන් අනතුරුව මිය ගොස් ඇති බවට එරංගාගේ ඥාතිවරියක් කිරිඳිවැල පොලිසියට පැමිණිල්ලක් කර තිබුණා. එම පැමිණිල්ලට අනුව එහි ගිය පොලිස් නිලධාරින් පූගොඩ මහේස්ත්රාත් අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් පසු එරංගා මිය ගොස් සිටි ස්ථානයේ මහේස්ත්රාත් පරීක්ෂණය පැවැත්වුනා.
 
මරණ පරීක්ෂණයේදී එරංගාගේ ශරීරයේ අභ්යන්තර තැලීම් තුවාල 15ක් ඇති බව අනාවරණය වුනා.
 
අනතුරුව එරංගාගේ මරණය ගැන විවෘත තීන්දුවක් ප්රකාශයට පත් කළ අධිකරණ වෛද්ය නිලධාරිවරයා සිරුරේ කොටස් රජයේ රස පරීක්ෂකවරයා වෙත යැවීමට කටයුතු කර තිබෙනවා. එරංගාගේ ආමාශයෙන් වස ගමන් කර නොමැති බව ද නිගමනය කෙරුණා.
 
මේ සිද්ධිය සිදු වූ දින උදෑසන එරංගා තවත් කාන්තාවක් සමඟ ප්රදේශයේ වෙළඳසැලක් වෙත ගොස් නැවත පැමිණ තිබෙනවා. එහිදී නිවසේ සිටි සැමියා එරංගා සමඟ බහින් බස් වී ඇයට පහර දුන් බවට ප්රදේශවාසීන් පොලිසියට පවසා තිබෙනවා.
 
පසුව එරංගාගේ සැමියා වස කුප්පියක් ද සමඟ ග්රාමීය රෝහලට ඇතුළත් කර ඇති බව සඳහන්.
 
එරංග විවාහ වී ඇත්තේ ප්රේම සබඳතාවයක් මතයි. මේ අඹුසැමියන් අතර වසර ගණනක සිට දිගින් දිගටම ආරවුල් ඇති වී ඒවා පහර දීම් දක්වා වර්ධනය වී ඇති බව පොලිස් පරීක්ෂණවලදී හෙළි වී තිබෙනවා.
 
එරංගගේ සැමියා තදින්ම හෙරොයින් පානයට ද ඇබ්බැහි වූ අයෙක්.
 
ඔහු කුලී රැකියාව කර ඉන් ලැබෙන මුදලින් මෙසේ හෙරොයින් පානයට හුරු වී තිබෙනවා. ඝාතනයට පෙර එරංගාගේ සැමියා ඇගේ මවට දුරකථන ඇමතුමක් ලබාගෙන ඉක්මනට නිවසට පැමිණ එරංගා නිවසට කැඳවාගෙන යන ලෙස දැනුම් දී ඇති අතර එසේ නොමැති නම් ඇයට කරදරයක් කරන බව මවට පවසා තිබෙනවා.
 
එරංගාගේ මව පොලිසිය හමුවේ කියා ඇත්තේ මෙවන් කතාවක්.
 
"එරංගා දුව විවාහ වූ කාලයේ සිට සැමියා සමඟ ආරවුල් පැවතියා. මේ පිළිබඳව දුව මට දුරකථන ඇමතුම් දී දැන්වුවා. බෑණා මත්පැන් පානය කිරීම දෙදෙනා අතර ආරවුල් ඇති වීමට හේතු වෙනවා. මේ සිද්ධිය වූ දින බෑණා මට ඇමතුමක් ලබා දෙමින් දුව ගෙදර නොසිටි බවත් එම නිසා පැමිණ දුව කැඳවාගෙන යන ලෙසත්, නැත්තම් ඇය මරා දමන බවත් දැනුම් දුන්නා.."
 
"මම කොළඹින් බැහැර දුර ප්රදේශයක සිටින නිසා ඒ පිළිබඳ පුංචි අම්මට දැනුම් දෙන ලෙස මම බෑණාට පැවසුවා. එහිදී මගේ දියණිය හා මිණිබිරිය කෑගසන හඬ එම දුරකථනයෙන් ඇසුණා. පසුව මගේ දියණිය වස පානය කර ඇති බවට ඥාතියෙකුගේ මාර්ගයෙන් දැනගත්තා. දෙදෙනා අතර ආරවුල් පැවති නිසා මෙම මරණය මට සැක සහිතයි.."
 
එරංගාගේ මරණය සම්බන්ධයෙන් සැමියා අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකරු තමන් බිරියට පහර නොදුන් බවට පොලිසියට ප්රකාශ කර ඇත්තේ. මෙම සැකකරු පූගොඩ අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති බව සඳහන්.
 
ගණිඳු රෝචන සමරතුංග විසින් "මාංචු" පුවත්පතට ලියූ ලිපියක් ඇසුරින් සකස් කරන ලදී.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Top