තමන්ට වෙච්ච "වස වැරැද්ද" ගැන ඔහු පසුතැවීමෙන් තමයි කතා කළේ.
හැබැයි මේ කියන්න හදන්නේ ට්රම්ප් ගැන අතීත කතාවක්. මේ අතීත කතාව කරළියට එන්නේ බොබ් වුඩ්වර්ඩ් කියන කතුවරයාගේ හෙළිදරව් කිරීමත් සමඟයි. (මේ පොතේ නම Rage)
ඔහු විසින් ලියන ලද කෘතියක 2017 වර්ෂයේ අග භාගයේදී ජනාධිපති ට්රම්ප්, උතුරු කොරියානු සංචාරයට ප්රථම මෙලනියා (අෑ තමයි ට්රම්ප්ගේ රූමත් බිරිඳ.) වැළඳගෙන හාදුවක් දී "ඔයාට මාව කවදාවත් නැවත දකින්න ලැබෙන එකක් නැහැ මෙලනියා.." යැයි පැවසූ බව මෙම කෘතියේ සඳහන්.
"එක්සත් ජනපද ජනපතිට යම් දෙයක් සිදු වුවහොත් එය රටක් ලෙස අපට සිදුවිය හැකි නරකම දෙයක්" ලෙස ද මෙම කෘතියේ සඳහන් ව තිබෙනවා. (මෙය අද දිනයේ එළි දැක්වෙන බවයි ඩේලිමේල් නම් කියන්නේ.)
කෙසේ වෙතත් මේ අනුව පැහැදිලි වන දේ, ට්රම්ප් ගේ 2017 සංචාරය කොතරම් භයානක එකක්ද යන්නයි.
උතුරු කොරියානු නායකයා ලොව ළාබාලතම ඒකාධිපතිවරයෙකු ලෙස හැඳිනගන්නා අතර... න්යෂ්ඨික අත්හදා බැලීම් අතින් ඔහු පෙරමුණේ සිටිනවා. එමෙන්ම උතුරු කොරියාව දැඩි නීති රීතිවලින් පාලනය වන ලොව වෙනස්ම විදිහේ රටක්.
නමුත් මේ සංචාරයේදී කිම් ජොන් සමඟ ට්රම්ප්ගේ හිතවත්කම් ත්රීව වූ අතරම, පසුගිය දිනෙක උතුරු කොරියානු නායකයා "නැවත මතුවීම" ගැනද ට්රම්ප් අපමණ සතුට පළ කරමින් ට්විටර් සටහන් පළ කොට තිබුණා.
මේ වන විට කිම් ජොන් සිය බලතල සොයුරියට පවරා ඇති අතර ඔහු තමන්ගේ අවසන් කාලය ගත කරන බව විදෙස් මාධ්ය පසුගිය දාක සනාථ කළා.