විහාරස්ථානයක පැවැත්වූ ටියුෂන් පන්තියකයට සහභාගි වූ බාල වයස්කාර පාසල් සිසුවියන් තිදෙනකු පෙම්වතුන් රැගෙනවිත් දුන් බීර පානය කිරීමෙන් සූර්වී අශෝභන ලෙස හැසිරෙමින් සිටින බවට ලැබුණු තොරතුරු මත ඔවුන් මැදවච්චිය පොලිසියේ ළමා හා කාන්තා නිලධාරි භාරයට ගෙන පසුව අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු එක් අයකුට රුපියල් ලක්ෂය බැගින් වූ බැඳුම්කර මත මුදාහැරීමට අනුරාධපුර අතිරේක මහෙස්ත්‍රාත් අතිරේක දිසා විනිසුරු එන්. ටී. හේමන්ත පුෂ්පකුමාර මහතා නියෝග කළේය.
බාල වයස්කාර පාසල් සිසුවියන්ට පානය කිරීම සඳහා බීර ගෙනවිත් දුන් බව කියන මැදවච්චිය නගරයේ පදිංචි ප්‍රසිද්ධ ව්‍යාපාරිකයන් තිදෙනකුගේ පුතුන් තිදෙනා වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසද මහෙස්ත්‍රාත්වරයා නියෝග කළේය.
මැදවච්චිය පොලිස් ස්ථානයේ ළමා හා කාන්තා කාර්යාංශයේ නිලධාරීන්ට කිසියම් පුද්ගලයකු ලබාදුන් දුරකථන ඇමතුමකට අනුව මැදවච්චිය නගරයේ පිහිටි ප්‍රසිද්ධ රජයේ පාසලක ඉගෙනුම ලබන වයස අවුරුදු 15 හා 16 පසුවන සිසුවියන් තිදෙනා බීර පානය කර සූර් වී සිටියදී ආරක්ෂාව සඳහා පොලිස් භාරයට ගෙන තිබිණි.
සැකකාර පාසල් සිසුවියන් තිදෙනා පොලිස් භාරයට ගැනීමෙන් අනතුරුව අධිකරණයට ඉදිරිපත් කළ මැදවච්චිය පොලිස් ස්ථානයේ ළමා හා කාන්තා නඩු මෙහෙයුම් අංශය කියා සිටියේ සිසුවියන් අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට මුහුණදීමට අපේක්ෂාවෙන් සිටින නිසා නිවෙස්වලින් පන්ති එන බව පවසා මැදවච්චිය නගරයේ විහාරස්ථානයක පැවැත් වූ අමතර පන්තියකට සහභාගි වී පෙම්වතුන් ගෙනැවිත් දුන් බීර පානය කර ඇති බවයි.
සිසුවියන් තිදෙනාම මැදවච්චිය නගරයේ ව්‍යාපාරිකයන් තිදෙනකුගේ පුතුන් සමඟ පෙම් සබඳතා පවත්වන බවත් ඔවුන් 12වැනිදා දහවල් කාලයේ විහාරස්ථානයේ පැවැති අමතර පන්තියට සහභාගිව සිටි සිසුවියන් තිදෙනාට මෝටර් රථයකින් පැමිණ බීර ටින් තුනක් ගෙනවිත් දී පානය කිරීමට උපදෙස් දී ඇති බවත් මැදවච්චිය පොලිසිය අධිකරණයට දැන්වූවේය.
බීර පානය කිරීම නිසා මත්වූ සිසුවියන් සිහිමඳ ගතියෙන් විවිධ ක්‍රියාකාරකම්වල නිරතවන අයුරු දුටු නගරවාසියකු ඒ පිළිබඳව පොලිස් ස්ථානයට දැන්වූ බවත් ඒ අනුව බාල වයස්කාරියන් ආරක්ෂාව සඳහා පොලිස් භාරයට ගෙන මැදවච්චිය රෝහලේ අධිකරණ වෛද්‍යවරයා හමුවට ඉදිරිපත්කර වෛද්‍ය වාර්තාවක් ලබාගත් අවස්ථාවේ ඔවුන් මත්පැන් පානය කර ඇති බවට තහවුරු වූ බවත් පොලිසිය අධිකරණයට දැන්වූවේය.
සිසුවියන් තිදෙනාගේ මවුවරුන් අධිකරණයට කැඳවීමෙන් පසු සිසුවියන් රුපියල් ලක්ෂය බැගින් වූ බැඳුම්කර මත මුදාහල විනිසුරුවරයා මවුපියන්ට හා සිසුවියන්ට තරයේ අවවාද කළේය.
“දරුවෝ පන්ති යනවා කියලා නිවෙස්වලින් පිටවෙලා ගිහිල්ලා මේවා තමයි කරන්නේ” මවුපියන් දරුවන් ගැන මීට වඩා හුඟක් අවධානයෙන් කටයුතු කරන්න ඕනෑ. නැවත මේ වගේ සිද්ධිවලට පොලිස් භාරයට පත්වෙලා අධිකරණයට ආවොත් නම් දඬුවම් ලිහිල් නෑ” යනුවෙන් විනිසුරුවරයා සිසුවියන්ට හා මවුපියන්ට තරයේ අවවාද කළේය.
මුදාහල සිසුවියන්ගේ පරිවාස වාර්තාවක් කැඳවන ලෙස නියෝග කළ විනිසුරුවරයා සැකකාර පෙම්වතුන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස පොලිසියට නියෝග කළේය.
ඉදිරි නඩු විභාගය සඳහා ලබන මස 6වැනිදා මැදවච්චිය සංචාරක මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස සිසුවියන්ට හා ඇපකරුවන්ට විනිසුරුවරයා නියෝග කළේය.
මැදවච්චිය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක අනුර බණ්ඩාර මහතාගේ උපදෙස් පරිදි ළමා හා කාන්තා කාර්යාංශය විමර්ශන සිදුකර තිබිණි.
අතර නඩු මෙහෙයුම් පොලිස් සැරයන් අශෝක ධර්මරත්න (7959) මහතා සිසුවියන් අධිකරණයට ඉදිරිපත් කරමින් කරුණු දැක්වූවේය.
අනුරාධපුර - මහේෂ් විජේසූරිය
මෙම ලිපියේ උපුටා ගැනීම මව්බිම පුවත්පතෙන්..