ඊයේ දිනයේදීත් තවත් ආසාදිතයින් 28 දෙනෙකු වාර්තා වීමත් සමඟ මෙරට සමස්ත කොරෝනා ආසාදිත සංඛ්‍යාව 3262 දක්වා ඉහළ ගියා.
එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් 11 දෙනෙකුත්, ඉන්දියාවේ සිට පැමිණි නාවිකයින් 5 දෙනෙකුත්, බහරේනයේ සිට පැමිණි නාවිකයින් 4 දෙනෙකු සහ බංග්ලාදේශයෙන් පැමිණි 4 දෙනෙකු කොරෝනා ආසාදිතයින් ලෙස ඊයේ හදුනා ගැණුනා.
ඊට අමතරව, කටාර්, වියට්නාම් සහ කුවේට් යන රටවලින් පැමිණි තුන්දෙනෙකුටත් කොරෝනා ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇති බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
ඒ අනුව මේ වනවිට රෝහල් ගතව ප්‍රතිකාර ලබන ආසාදිතයන් සංඛ්‍යාව 244ක් වන අතර සුවය ලැබූ සංඛ්‍යාව 3005ක් දක්වා ඉහල ගියා.
මේ අතර, මෙරට 13 වන කොරෝනා මරණය ලෙස ඊයේ වාර්තා වූ නුගේගොඩ ප්‍රදේශයේ පදිංචි 60 හැවිරිදි පුද්ගලයාගේ අවසන් කටයුතු හලාවත - මාදම්පේ ආදාහනාගාරයේදී සිදුකෙරුණා.
ඒ සඳහා ඔහුගේ පවුලේ ඥාතීන් කිහිපදෙනෙකු පමණක් සහභාගි වූ බවයි හිරු වාර්තාකරු සඳහන් කළේ.
මොහු හලාවත මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි මොහු බහරේනයේ නාවිකයෙකු ලෙස කටයුතු කර තිබෙනවා.
ඔහු ශ්‍රී ලංකාවට පැමිණ ඇත්තේ පසුගිය දෙවනදායි.
එම අවස්ථාවේදී ඔහු කොරෝනා රෝගියෙකු ලෙස හඳුනා ගෙන නොමැති අතර, නිරෝධායනයට ලක් වෙමින් සිටින අතරතුරයි පසුගිය 9 වනදා හලාවත මූලික රෝහලට ඇතුළත් කරනු ලැබුවේ.
එමෙන්ම කොරෝනා වෛරසය හේතුවෙන් ෂී ෂෙල්ස් රාජ්‍යයේ රැදී සිටි ශ්‍රී ලාංකිකයින් 170 දෙනෙකු කටුනායක ගුවන්තොටුපලින් ඊයේ මෙරටට පැමිණියා.
පසුව ඔවුන් සියලුදෙනා පී.සී.ආර්. පරීක්ෂණවලට ලක් කිරීමෙන් අනතුරුව නිරෝධායනය සඳහා යොමුකළ බවයි හිරු ගුවන්තොටුපල වාර්තාකරු කියා සිටියේ.
කෙසේ වෙතත්, තමන් ඇතුළු තවත් කාන්තාවන් කිහිපදෙනෙකු කොරෝනා වෛරසය හේතුවෙන් කුවේටයේ සිට මෙරටට පැමිණීමට නොහැකිව රැදී සිටින බවයි එහි රැදී සිටින ශ්‍රී ලාංකික කාන්තාවන් කිහිපදෙනෙකු හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.