සංක්‍රාන්ති ලිංගික කාන්තාවක් ඝාතනය කිරීමේ චෝදනාවට වරදකරුවී දස අවුරුදු සිරදඬුවම් ලබා සිටි ඇමරිකානු මැරයින් සෙබළෙකු පිලිපීන ජනාධිපතිවරයා විසින් ජනාධිපති සමාව ලබාදී නිදහස් කර ඇමරිකාවට පිටුවහල් කර තිබේ.
මොහු මේ වන විට අදාළ සිරදඬුවමෙන් හය වසරක් ගෙවා දමා තිබිණි. මෙම ඇමරිකානු සෙබළා පිලිපීනයේ යුද අභ්‍යාසයකට සහභාගි වෙමින් සිටින අතර හෝටල් කාමරයක් තුළදී අදාළ 26 හැවිරිදි කාන්තාව ඝාතනය කර තිබිණි. ඒ වන විට ඇමරිකානු සෙබළාගේ වයස අවුරුදු 19 ක් විය.
කාන්තාවක බව හඟවමින් මොහු සමග හෝටල් කාමරයට ගිය එම කාන්තාව පිරිමියකු බව දැන ගැනීමත් සමග කෝපයට පත්ව ඇමරිකානු සෙබළා මෙම ඝාතනය සිදු කරන ලද බව නඩු විභාගයේදී හෙළිවිය.
නිදහස් කරන ලද ඇමරිකානු සෙබළා හමුදා ගුවන් යානයකින් ඇමරිකාව වෙත යවන ලදී.
මේ අතර මෙම සෙබළා නිදහස් කිරීම සම්බන්ධයෙන් පිලිපීන ජනතාව හා නීතිඥවරු විරෝධය පළ කර තිබේ.