Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Sep
14
"මගේ නෝනා මාව අතහැරලා ගියා, මට එයාව ඕනෑ..." - හැර ගිය බිරිය ඉල්ලා, නගරයකට විදුලිය විසන්ධි කරවූ සැමියාට සිදු වූ දේ

- "මගේ නෝනා මාව අතහැරලා ගියා, මට එයාව ඕනෑ..." - හැර ගිය බිරිය ඉල්ලා, නගරයකට විදුලිය විසන්ධි කරවූ සැමියාට සිදු වූ දේHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

6,474 Views
බිරිය අතහැරයෑම නිසා සිදුව ඇති පවුල් ආරවුලක් සමථයට පත්කිරීමට කටයුතු කරදෙන ලෙස ඉල්ලා අනුරාධපුර නගර සභා ළමා උද්‍යානයේ (රෙක්ස් ගොඩනැඟිල්ල ඉදිරිපිට) පිහිටි අධි බලැති විදුලි ට්‍රාන්ස්ෆෝමරයට නැඟ ජීවිතය අවදානමක් ඇතිකර ගනිමින් උපවාසයක් ඇරැඹීමට එක්දරු පියකු කටයුතු කළ නිසා අනුරාධපුර නගරයේ ස්ථාන රැසකට පෙරේදා (12දා) රාත්‍රියේ විදුලිය විසන්ධි කිරීමට සිදුවූ අතර මාධ්‍යවේදියකු එහිගොස් උපවාසකරු ට්‍රාන්ෆෝමරයෙන් බස්සවා ගත්තේය. 

අනුරාධපුර කුරුන්දන්කුලම ප්‍රදේශයේ පදිංචි 52 හැවිරිදි එක්දරු පියකු වන කේ. බුද්ධදාස නමැත්තා මෙලෙස වොට් 33,000 අධි බලැති විදුලි ට්‍රාන්ස්ෆෝමරයට නැඟ විරෝධතාවයේ නිරත විය. ඒ හේතුවෙන් එහි පැමිණි විදුලි බලමණ්ඩලයේ කාර්මිකයන් නගරයේ විදුලි සැපයුම තාවකාලිකව විසන්ධි කිරීමට කටයුතු කළේය.
 
මත්පැන් පානය කර සිටි විරෝධතාකරු රාත්‍රි 9.40ට පමණ අනුරාධපුර ප්‍රධාන වීදියේ රෙක්ස් බස් නැවතුම අසල පිහිටි අධි බලැති විදුලි ට්‍රාන්ස්ෆෝමරය මතට නැඟී තමන්ට සාධාරණයක් අවශ්‍ය බව පවසමින් විරෝධතාව අරඹා තිබිණි. එම අවදානම් සිද්ධිය දුටු නගරවාසියකු වහාම ඒ පිළිබඳව අනුරාධපුර මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයාට හා විදුලිබල මණ්ඩලයට දැනුම්දීමට  කටයුතු කර තිබිණි. 
 
විදුලිබල මණ්ඩලයේ නිලධාරීන් එහි පැමිණ නගරයේ විදුලිය විසන්ධි කළ අතර පොලිස් නිලධාරීන් පැමිණ ඔහුට ජීවිත අවදානමට ලක්කර නොගනිමින් බිමට බසිනා ලෙස ඉල්ලීම් කළත් ඔහු විනාඩි හතළිහකට ආසන්න කාලයක් ඉන් බිමට නොබැස විරෝධතාවයේ නියැළී සිටියේය.
 
ඔහු විදුලි කණුව දිගේ තවත් ඉහළට ගැනීමටත් උත්සාහ කළේය. සිද්ධිය සැලවීමත් සමඟ මාධ්‍යවේදියකු එහි ගොස් විරෝධතාකරුගේ ගැටලුවට සහනයක් ලබාදෙන බව පැවැසීමත් සමඟ ඔහු ට්‍රාන්ස්ෆෝමරයෙන් බිමට බැස්සේය.
 
“මගේ නෝනා මාව අතඇරලා ගිහිල්ලා මට එයාව ඕනෑ. කිසිම සහනයක් නෑ” යනුවෙන් ඔහු පැවැසූ අතර උපක්‍රමශීලීව ඔහු බිමට බස්සවා ගැනීමෙන් පසුව අනුරාධපුර මූලස්ථාන පොලිස් පරික්ෂක ඊ.එම්. සංජීව මහනාම මහතා ඇතුළු පොලිස් නිලධාරීන් වහාම ඔහුව පොලිස් භාරයට ගෙන ආරක්ෂාව සඳහා පොලිස් ස්ථානයට රැගෙන ගියේය.
 
පැයකට ආසන්න කාලයක් නගරයේ විදුලිය විසන්ධිව පැවැති අතර ඔහු එම ස්ථානයෙන් ඉවත් කිරීමෙන් පසුව නැවත නගරයට විදුලිය සැපයීමට විදුලිබල මණ්ඩලය කටයුතු කළේය.
 
මව්බිම
අනුරාධපුර - මහේෂ් විජේසූරිය
 
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Top