මුස්ලිම් නිකාය භේද ගැටුම් තිබුණා...
හිස්බුල්ලාහ් නැගෙනහිර ප්‍රදේශවල රටඉඳි ගස් වවන්නත් පටන් ගත්තා..
එල්.ටී.ටී.ඊ.ය සමග ගැටීමට බව පෙන්වමින් මුස්ලිම් අන්තවාදීන් 2008 - 2009 කාලයේ පටන් ආයුධ සන්නද්ධ වෙමින් අන්තවාදය ප්‍රචලිත කළ බව එම කාලයේ නැගෙනහිර පළාත් හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එඩිසන් ගුණතිලක ප්‍රකාශ කළා.
ඒ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසම හමුවේ ඊයේ පස්වරුවේ සාක්ෂි ලබාදෙමින්.
2008 - 2009 කාලයේ බිහිව තිබූ ආයුධ සන්නද්ධ අන්තවාදී කණ්ඩායම් 18න් එකක සහරාන් යන අයෙක් සිටි බව ද එහිදී සාක්ෂිකරු කොමිසමට කියා සිටියා.
හිස්බුල්ලා නැගෙනහිර ප්‍රදේශ වල රටඉඳි ගස් වැවීම ආරම්භ කළ බවත් එම කාලයේ මුස්ලිම් නිකාය භේද ගැටුම් ආරම්භ වූ බවත් මොහු කොමිසම හමුවේ සඳහන් කළා.
රිෂාඞ් බදියුදීන්, එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා, ඒ.එල්.එම්. අතාවුල්ලා ඇතුළු අමාත්‍ය ධූර දැරූ පිරිසකගේ ආරක්ෂාව ලැබූ මෙම අන්තවාදීන්ට අල්කයිඩා සහ ජිහාඞ් සංවිධානය සමග සම්බන්ධ වී සිටි බවයි සාක්ෂිකරු කියා සිටියේ.
ඔවුන් අන්තවාදින් අත්අඩංගුවට ගැනිමේදී ඊට එරෙහි වූ බව ද නියෝජ්‍ය පොලිස්පතිවරයා කියා සිටියා.