අද දිනයේ මේ දක්වා තවත් කොරෝනා ආසාදිතයින් 9 දෙනෙකු හඳුනාගෙන ඇති අතර, ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත රෝගීන් සංඛ්‍යාව 3204 දක්වා ඉහළ යනවා.
මෙලෙස හඳුනාගත් නව ආසාදිතයින් 9 දෙනාගෙන් 8 දෙනෙකු කටාර් සිට පැමිණ නිරෝධායනයේ පසුවූවන් වන අතර, අනෙක් පුද්ගලයා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට මෙරටට පැමිණි අයෙකු බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
මේ අතර, කොරෝනා ආසාදනය වී සුවය ලැබූ තවත් 13 දෙනෙකු අද දිනයේදී රෝහල් වලින් පිටව යාමත් සමග සුවය ලැබූ මුළු සංඛ්‍යාව 2996 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.