Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Sep
12
“එයාලා මට කිව්වා ඉක්මනින් බබාලා හදන්න එපා සැමියාගේ ආදරේ අඩුවෙනවා කියලා - පුතා රොෂාන් අයියා වගේ නිසා මං වගේ දුවෙක් අරන් එන්න කියලා ගොඩක් අය කිව්වා..” - රිද්මා පිලපිටිය - Photos

- “එයාලා මට කිව්වා ඉක්මනින් බබාලා හදන්න එපා සැමියාගේ ආදරේ අඩුවෙනවා කියලා - පුතා රොෂාන් අයියා වගේ නිසා මං වගේ දුවෙක් අරන් එන්න කියලා ගොඩක් අය කිව්වා..” - රිද්මා පිලපිටිය - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

36 Views
“පුතාට එන්නතක් විදිද්දී රොෂාන් අයියා ඇඬුවා. පුදුමාකාර ආදරයක් දරුවට..”
 
“නිදාගෙන ඉද්දි ඇහැරුණොත් පුංචි සද්දයටත් රොෂාන් අයියා මටත් කලින් ඇහැරෙනවා..”
 
“එයා ටික ටික ලොකුවෙද්දී ලෝබයි...”

පුංචි තිරයේ කාගෙත් ආදරය දිනාගත් රංගන ශිල්පියෙක් තමයි රොෂාන් පිලපිටිය කියන්නේ. ඉතින් ඔහුගේ ආදරණීය බිරිඳ තමයි රිද්මා... පසුගිය දවසක මේ දෙන්නාගේ කැදැල්ලට ආපු අලුත් අමුත්තා, පුංචි රාහුල්ගේ පළමු උපන්දින සැමරුම යෙදි තිබුණා. ඔවුන් ඒ සඳහා ජනප්‍රිය තරු බොහෝමයක් එකතු කර ගත්තා. මේ රිද්මා ඒ ගැන.. සති අන්ත පුවත්පතකට කියූ කතාවක්...........

පහුගියදා විශේෂ සැමරුමක් සිද්ධ වුණා. මොකක්ද ඒ සැමරුම කියමු නේද?
දැන් අපේ පුතාගේ වයස අවුරුද්දක්. මමයි රොෂාන් අයියයි ලොකුවට පාටි ගන්න කැමැති නැහැ. අපේ විවාහය වුණත් සිද්ධ වුණේ හරිම චාමෙට. නමුත් අම්මා කිව්වා අපේ වෙඩින් එකත් ලොකුවට ගත්තේ නැති නිසා හිතවත් අයට කතා කරලා උත්සවයක් ගන්න කියලා. ඒ නිසා වෙඩින් එකට ආරාධනා කරන්න බැරිවුණු අයටත් එන්න කියලා රාහුල් පුතාගේ අවුරුද්දේ උපන්දිනය දවසේම ඒ සැමරුම සිදුකළා.
 
කලා ක්ෂේත්රයේ බොහෝදෙනකුත් උත්සවයට එකතු වුණා නේද?
ඔව්. පහුගිය 6 වැනිදා ගලධාරි හෝටලයේ තමයි උත්සවය තිබුණේ. රොෂාන් අයියා කලා ක්ෂේත්රයේ අවුරුදු තිහක් තිස්සේ ඉන්නවා. මුල් කාලේ ඉඳන් අයියා එකට වැඩ කරපු කෙනෙක් නැති තරම්. කියන්න ගියොත් ගොඩක් අයට කියන්න තිබ්බා. නමුත් කොවිඩ් ප්රශ්නය එක්ක සීමා සහිතව තමයි ආරාධනා කරන්න වුණේ. එදා වැස්ස නිසා සමහර අයට එන්න බැරි වුණා. මාලිනි ෆොන්සේකා අක්කා ඇතුළු බොහෝදෙනෙක් උත්සවයට සහභාගි වුණා.
 
පුතාගේ උපන්දිනය දවසේ රොෂාන් පුතා වෙනුවෙන් ගීතයකුත් ගායනා කළා නේද? ඒක පුදුම කිරීමක් කියලයි දැනගන්න ලැබුණේ?
ඔව්. රොෂාන් අයියා පුතා වෙනුවෙන් ගීතයක් ගයනවා කියලා අපි දැනගෙන හිටියේ නැහැ. ඒක සර්ප්රයිස් එකක්. 'පුතු රාහුල්' කියන ගීතය ලිව්වේ සම්පත් සසන්ත. සුනිල් වීරරත්න එය සංගීතවත් කළේ. ඒ ගීතය උපන්දින උත්සවය දවසේ අයියා ගායනා කළා. එහි Audio එක ළඟදීම රීලිස් කරනවා.
 
රිද්මාගේ අම්මට ලංකාවට එන්න වුණේ නැද්ද?
පුතාගේ උපන්දිනයට මගේ අම්මා, අක්කා, තාත්තාගේ අයියා ඇතුළු විදේශගතව ඉන්න ඥාතීන් එන්න සැලසුම් කරගෙන හිටියේ. නමුත් කොරෝනා ප්රශ්නය එක්ක එයාලට ලංකාවට එන්න වුණේ නෑ. අම්මා නම් ඇඬුවත් එක්ක.
 
රාහුල් පුතාගේ උපන්දිනය වෙනුවෙන් උත්සවයට අමතරව තවත් විශේෂ දේවල් කිහිපයක් සිද්ධ කළා කියලත් ආරංචියි?
ඔව්. අපි වැඩිහිටි නිවාසයකට දානයක් දුන්නා. කිරි අම්මාවරුන්ගේ දානයකුත් දුන්නා. රොෂාන් අයියයි මමයි ආගම දහමට හරිම ළැදියි. අපි ඒ වගේ පින් කටයුතුත් හරිම කැමැත්තෙන් කළේ ඒ නිසා.
 
රාහුල් පුතා චුට්ට චුට්ට ලොකු වෙලා. කාලය ඉක්මනින් ගෙවිලා යනවා නේද?
ඇත්තටම පුතා අද ඊයේ ඉපදුණා වගේ හැඟීමක් තියෙන්නේ. වෙලාවකට තවම එයා මගේ බඩේ ඉන්නවා කියලා දැනෙන්නේ. කාලය ගෙවිච්ච විදිහ හිතාගන්නත් බෑ. රාහුල් පුතා ආවට පස්සේ අපේ ජීවිතය සෑහෙන්න වෙනස් වුණා. දැන් මම පුතා එක්කමයි. ඉස්සර අයියා මං නැතුව පාටියකටවත් යන්නේ නැහැ. නමුත් දැන් මට පුතා එක්ක ඉන්න වෙන නිසා එයා තනියම පාටිවලට යන්නේ. ජීවිතේ හැමදෙයක්ම සංකීර්ණ වෙලා. දරුවා ගැන හිතලා තමයි අපි දැන් තීරණ ගන්නේ. අවුරුද්දක් ගෙවුණා දැනුනෙවත් නෑ. දරුවා වෙනුවෙන් කොච්චර මහන්සි වුණත් හරිම සතුටක් ඒ ජීවිතයේ දැනෙන්නේ.
 
රාහුල් පුතාගේ හුරතල් වැඩවලත් නිමක් නැතුව ඇති?
ඔව්. පුතා අද කරන දේ නෙවෙයි හෙට කරන්නේ. එයා එක්ක කාලය ගත කරද්දී පුදුම සතුටක් තියෙන්නේ. පුතා එක්ක සෙල්ලම් කරනවා. එයාට කතන්දර කියලා දෙනවා. දවස තිස්සේ සෙල්ලම් කරලා එයා නින්දට ගියාම හරිම පාළුයි මට. එයා ටික ටික ලොකුවෙද්දී ලෝබයි. ඒ හුරතල් වැඩ බලලා නිමක් නැහැ. එයාව කිසිම වෙලාවක මඟහැරලා ඉන්න කැමැත්තක් නෑ.
 
පුතාගේ වැඩ රාජකාරිවලදි රිද්මාට රොෂාන්ගෙන් හොඳ සහායක් ලැබෙනවද?
ගොඩක් අය මට කිව්වා ඉක්මනින් බබාලා හදන්න එපා සැමියාගේ ආදරේ අඩුවෙනවා. ඊටපස්සේ සැමියාට ගෙදර එන්න වැඩි උනන්දුවක් නෑ කියලා. නමුත් දෙවියන්ගේ පිහිටෙන් අපේ ජීවිතවලට වුණේ ඒකේ අනෙක් පැත්ත. අපේ බැඳීම් රාහුල් පුතා නිසා තව තවත් ශක්තිමත් වුණා. රොෂාන් අයියා හරිම ආදරණීය සැමියෙක්. ඒ වගේම ආදරණීය වගකීම් සහගත තාත්තා කෙනෙක්. මට මතකයි පුතා ලැබිලා දවස් දෙකකින් එන්නතක් විදිද්දී රොෂාන් අයියා ඇඬුවා. පුදුමාකාර ආදරයක් දරුවට.
 
රූගත කිරීම්වලට කොච්චර කාර්යබහුල වුණත් රූගත කිරීම් ඉවර වුණු ගමන් ගෙදර දුවලා එනවා. ඒක හැමෝම දන්නවා. පුතා රෑට රොෂාන් අයියගේ අතේ නිදාගන්නේ. පුතා නිදාගෙන ඉද්දි ඇහැරුණොත් පුංචි සද්දයටත් රොෂාන් අයියා මටත් කලින් ඇහැරෙනවා. දරුවාගේ වැඩ වුණත් එයා කරනවා. පිරිමියෙක් කියලා පැත්තකට වෙලා ඉන්නේ නැහැ. හැමදේම හොයලා බලලා කරනවා. මමයි දරුවයි හරිම වාසනාවන්තයි.
 
පුතා අම්මටද? තාත්තාටද වැඩිපුර ළැදි?
මම තමයි එයාව දවස තිස්සේ බලාගන්නේ. හැබැයි එයා අම්මා කියලා කතා කරන්නේ හරි අඩුවෙන්. හැම වෙලාවෙම තාත්තා කියාගත්ත ගමන් ඉන්නේ. රූගත කිරීම්වලට ගිහින් ආපු ගමන් තාත්තාගේ අතට තමයි රාහුල් පුතා පනින්නේ.
 
දැන් ඔබට රංගන කටයුතුවලිනුත් ඈත්වෙලයි ඉන්න සිදුවෙලා තියෙන්නේ. ඒ ගැන දුකක් නැද්ද?
නැහැ. අයියගේ යාළුවන්ගෙන් මට ආරාධනා කිහිපයක්ම ලැබුණා. ටෙලි නාට්යයකට, චිත්රපටයකට මම සම්බන්ධ වුණා. තවත් ආරාධනා ලැබුණට පුතාව දාලා මට වැඩවලට යන්න බැහැ. රොෂාන් අයියා රංගන ශිල්පියෙක් ලෙස හොඳ නමක් හදාගෙන තියෙනවා. එයාට දක්වන ආදරය මටත් පුතාටත් ඒ විදිහටම ලැබෙනවා. කොහේ හරි ගියත් රාහුල් පුතා ගැනත් බොහෝ අය අහනවා. අයියා වගේම පුතත් දැන් ජනප්රියයි. රඟපාන්න ගියොත් මට පවුල මඟහැරෙනවා. මම ඒකට කැමැති නැහැ. අයියත් කැමැතියි මම පුතාවත් හොඳින් බලාගෙන ගෙදර ඉන්නවට. එයා මට නොකිව්වට ඒක තේරෙනවා. රොෂාන් අයියගේ අම්මා වුණත් රේඛාව චිත්රපටයෙන් රංගනයට ඇවිත් ජනාදරයට ලක්වුණා. නමුත් කොච්චර ආරාධනා ලැබුණත් පවුලට මුල්තැන දෙන්න ඇය රංගනයෙන් අෑත් වුණා.
 
අයියා මට අම්මට වගේම ගෞරව කරනවා. මම මේ කරන කැප කිරීමට අයියා ආදරෙයි. අම්මා කෙනෙක් දරුවා ළඟ ඉන්න ඕනේ කියලා මම හිතනවා. ජීවත්වෙන්න ආර්ථික මට්ටමක් තියෙන නිසා මට පුතා ළඟටම වෙලා ඉන්න පුළුවන්. පවුල මඟහැරුණොත් තමයි මට දුක. ඒ නිසා මම පවුල මඟහැරගන්නේ නැහැ.
 
රිද්මා වගාවටත් හරි දක්ෂයි නේද?
අපේ ඉඩම පර්චස් 14ක ඉඩමක්. තියෙන ඉඩේ පුළුවන් තරම් දේවල් මම වවලා තියෙන්නේ. බැල්කනියේ නිවිති, ගොටුකොළ වගේම එළවළු පැළ වගා කරලා තියෙන්නේ මම. ගොඩක් අය මට කතා කරලා එය අගයනවා. කොහොමද එහෙම වගා කරන්නේ අහනවා. අත්ගුණයත් වෙන්න ඇති මම හිටවන දේවල් හොඳින් වැවෙනවා.
 
රිද්මා විවිධ කෑම ජාති හදන්නත් දක්ෂයිලු නේද?
රොෂාන් අයියා කැමැති කෑම මම හදලා දෙනවා. එයා ගෙදරින් කන්න හරි ආසයි. පරිප්පුයි, පොල්සම්බෝලයි එක්ක බත් කන්න, දුන්කරවල හොද්ද එක්ක බත් කන්න එයා ආසයි. මම හදන පැණි රස කෑම, පුඩින් කන්නත් එයා රුසියා. ඉතින් මම පුතාවත් කිහිල්ලේ ගහගෙන එයා කැමැති දේවල් ආසාවෙන් හදලා දෙනවා.
 
රාහුල් පුතාට මල්ලියෙක් හරි නංගියෙක් හරි ගේන්න අදහසක් නැද්ද?
එදා පාටියට ආපු අයත් කිව්වේ ඕකම තමයි. පුතා රොෂාන් අයියා වගේ නිසා මං වගේ දුවෙක් අරන් එන්න කියලා ගොඩක් අය කිව්වා. බලමු ඉතින් ඉදිරියේදී.
 
තිළිණි කෞශල්යා විජේසිංහ
මෙම ලිපියේ උපුටා ගැනීම "මව්බිම" පුවත්පතේ "හදගැස්ම" අතරේකයෙන්...


 
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top