තවත් කොරෝනා ආසාදිතයන් 06 දෙනෙකු වාර්තාවෙයි - මෙරට සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 3081 දක්වා ඉහළට - UPDATE
2020-09-01 19:46:08
තවත් ආසාදිතයන් 06 දෙනෙකු වාර්තාවීමත් සමඟ මෙරට සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 3081 දක්වා ඉහළගොස් තිබෙනවා.
එම ආසාදිතයන් සියලුදෙනා මාලදිවයිනේ සිට මෙරටට පැමිණි පුද්ගලයන් බවටයි වැඩිදුර තොරතුරු වාර්තාවන්නේ.
------------------------
තවත් කොරෝනා ආසාදිතයන් දෙදෙනෙකු වාර්තාවෙයි - මෙරට සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 3075 දක්වා ඉහළට - UPDATE
2020-09-01 19:14:08
තවත් ආසාදිතයන් දෙදෙනෙකු වාර්තාවීමත් සමඟ මෙරට සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 3075 දක්වා ඉහලගොස් තිබෙනවා.
එම ආසාදිතයන් දෙදෙනාම ඉන්දියාවේ සිට මෙරටට පැමිණි පුද්ගලයන් බවයි වැඩිදුර තොරතුරු වාර්තාවන්නේ.
--------------------------------
තවත් කොරෝනා ආසාදිතයන් දෙදෙනෙකු වාර්තාවෙයි - මෙරට සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 3073 දක්වා ඉහළට - UPDATE
2020-09-01 18:18:08
තවත් ආසාදිතයන් දෙදෙනෙකු හඳුනාගැනීමත් සමඟ මෙරට සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 3073 දක්වා ඉහළගොස් තිබෙනවා.
ඉන් එක් අයෙකු ඉන්දියාවේ සිට මෙරටට පැමිණි අයෙකු වන අතර අනෙක් පුද්ගලයා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට මෙරටට පැමිණි අයෙක්.
-----------------
තවත් රෝගීන් 22ක් තහවුරු වෙයි - මෙරට කොරෝනා සම්පූර්ණ ගණන 3071ක් දක්වා ඉහළට, සියලු විස්තර මෙන්න
2020-09-01 11:43:08
මෙතෙක් හමුවූ ආසාදිතයින්ගේ තොරතුරුත් එළියට..
මෙරට සමස්ත කොරෝනා අසාදිතයින්ගේ සංඛ්යාව 3071ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
ඒ, කටාර් සිට මෙරටට පැමිණි තවත් පුද්ගලයන් විසි දෙදෙනෙකුට කොරෝනා ආසාදන වී ඇති බවට තහවුරු වීමත් සමඟයි.
මෙරටින් හමුවී ඇති ආසාදිතයන්ගෙන් 169 දෙනෙකු මේවන විට රෝහල්ගතව ප්රතිකාර ලබමින් පසුවනවා.
සුවය ලැබූ 2868 දෙනෙකු නිවෙස් වෙත පිටත්ව ගොස් ඇති අතර සිදුවූ මරණ සංඛ්යාව 12ක්.
මේ අතර පී.සී.ආර්. පරීක්ෂණ 2020ක් ඊයේ (31) දිනයේදී සිදුකර ඇති බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්රියාන්විත මධ්යස්ථානය පවසනවා.
ඒ අනුව මෙරට පී.සී.ආර්. පරීක්ෂණ දෙලක්ෂ 26,111ක් සිදුකර ඇති බවයි එම මධ්යස්ථානය සඳහන් කළේ.
එමෙන්ම, අද වන විට පුද්ගලයින් 35,142ක් නිරෝධායනය ක්රියාවලිය අවසන් කර තම නිවෙස් වෙත පිටව ගොස් තිබෙනවා.
අද (01) දිනය තුළ දී හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන නිරෝධායනය මධ්යස්ථාන තුළින් පුද්ගලයින් 187 දෙනෙකු එම ක්රියාවලිය අවසන් කර නිවෙස් වෙත පිටව යාමට නියමිතයි.