Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Aug
31
"ඒ ගෙදර හොල්මන් තියෙනවා, රෑට ගෙදර ඉන්න අයටවත් නිදා ගන්න බැහැ, එයාලා නිදා ගන්නෙත් එළියේ.." - අභිෂේකා විමලවීර - Photos

- "ඒ ගෙදර හොල්මන් තියෙනවා, රෑට ගෙදර ඉන්න අයටවත් නිදා ගන්න බැහැ, එයාලා නිදා ගන්නෙත් එළියේ.." - අභිෂේකා විමලවීර - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

129 Views
"ගෙදරින් පැනලා ගිය දුව නැවත ගෙදර එනකොට තාත්තා නැති වෙලා හිටියොත් මොනවා හිතෙයිද.."

"ඒක බලලා මම හරියට එදා ඇඬුවා .."

කලාවට ඕපපතිකයක් නොවුණු අභිෂේකා විමලවීරගේ ලයාන්විත කට හඬට බොහෝ දෙනෙක් ප්‍රිය කරනවා. ඇය නිර්මාණය කළ බොහෝ ගීත ජනතාව ආදරෙන් වැළදගත්තා. මේ දිනවල ඇය ගැන ආයෙමත් කතා කරන්න පටන් අරගෙන ඒ වෙන කිසිවක් නිසා නෙමෙයි ආදරණිය තාත්තා ගැන ඇය ගයන නිසා. හැමෝගෙම හඳවත කතා කරන අභිෂේකා ගැන කතා කරන්න අපි හිතුවේ ඒ නිසයි. මේ කතාබහ අභිෂේකා ගැනයි.

අභිෂේකා කොහොමද මේ දවස්වල ජිවිතේ, කාර්යබහුලයිද..?
අම්මා කෙනෙක් බිරිඳක් විදිහට හැම කාන්තාවක් වගේම මමත් කාර්යබහුලයි. දුවගේ පාසල් යලිත් ආරම්භ වුනා. එයා ගැන බලන්න ඕන. ඊට අමතරව මම ව්‍යාපාරිකාවක් විදිහටත් වැඩකටයුතු කරගෙන යනවා. පසුගිය කාලේ මම ශාස්ත්‍රපති විභාගයට මුහුණ දුන්නා. ඔය හැම වැඩකටයුත්තක් එක්කම කොළඹ විශ්ව විද්‍යාලයේ කථිකාචාර්යවරියක් හැටියටත් කටයුතු කරනවා. උගන්වන්නේ සංගීත විශයමයි. මේ හැම දෙයක් එක්කම තමයි ගීත නිර්මාණයත් කරන්නේ.

ඔබ ගයන, ආචාර්ය රත්න ශ්‍රී විජේසිංහයන් අතින් ලියැවුණු අලුත් ගීතයට ලැබෙන ප්‍රතිචාර කොහොමද..?
ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. ඒ ගීතය නිර්මාණය කළේ කලින් සැලසුම් කරලා නෙමෙයි. නමුත් ප්‍රතිචාරවලින් අඩුවක් නැහැ. මේ සින්දුවෙන් රිදෙන්නේ තාත්තලා නැති දුවලටම කියලා හිතන එක වැරදියි. දුවලා ඉන්න තාත්තලාටත් රිදෙනවා කියලා කමෙන්ට් කරලා තිබුනා. ඒ වගේම මේක අඹ පොකුරකට එක ගලකින් ගහලා වට්ටපු සින්දුවක් කියලත් කමෙන්ට් කරලා තිබුනා. ඒ වගේ කමෙන්ට් හඳවතටම මට දැනුනා. කොහොම නමුත් මට නේත්‍රා ගීතයට තමයි හොඳම ප්‍රතිචාර ලැබුනේ. ඊට පස්සේ මේ ගීතයට තමයි ප්‍රතිචාර වැඩිපුර ලැබුනේ. ප්‍රතිචාර ගැන සතුටු වෙන්න පුළුවන්.

ඔබ ඔබේ ගීත නිර්මාණය කරගන්න ගායිකාවක්. ඇයි ඔබට බැරි වුණේ තාත්තා ගැන ඔබටම ලියන්න..?
මගේ තාත්තා නැති වුනේ 2016 වර්ෂයේ. ගහක් ගලක් වගේ නිරෝගිව හිටපු තාත්තා එක පාරටම නැති වුනා. තාත්තාවත් හිතන්න නැතුව ඇති තාත්තා මෙචචර ඉක්මණට නැති වෙයි කියලා. ඉතින් තාත්තා නැති වුණාට පස්සේ මම තාත්තා වෙනුවෙන් අකුරු කරන්න හිතුවා. මම සින්දුවක් ලියද්දි එක දිගට පද මාලාව ලියාගෙන යනවා. නමුත් මම ලියනවා ලියපුවා කපනවා. මට සින්දුව ලියා ගන්නම බැරි වුණා. මගේ තාත්තාටත් මම ගැන සින්දුවක් ලියා ගන්න බැරි වෙලා. මටත් එහෙමම වුණා.

රත්න ශ්‍රී සර් අතින් ලියවුනු බොහෝ ගීත සත්‍ය සිදුවීම් පදනම් වෙලා ලියවුනු ගීත. එතුමාගේ චන්ද්‍ර මණ්ඩලේ සැතපුණු ගීතය මට මතක් වුනා. ඉන් කියවෙන්නේ තමන්ගේ දියණිය හොරෙන් තරුණයෙක් එක්ක පැනලා යන කතාවක්. එය එතුමාගේ යාලුවෙකුට වුනු සිද්ධියක්. ඉතින් මට හිතුණා ඒ හොරෙන් පැනලා ගිය දුව ගෙදර එද්දී තාත්තා නැති වෙලා හිටියොත් මොන වගේ හැඟීමක් දැනෙයිද කියලා. ඒ කතාව සම්බන්ධ කරන්නයි මට ඕන වුනේ. පස්සේ මම කල්පනා කළා රත්න ශ්‍රී සර්ට කතා කරන්න, මම එතුමාට කතා කරලා කිව්වා. මට මෙහෙම ගීතයක් ඕන කියලා. එතුමා කිව්වේ ඔයාට ඕන රිප්ලයි සෝන්ග් එකක් නේ. මට සති දෙකක් දෙන්න කියලා. එහෙම කියපු සර් විනාඩි දහයකින් විතර කතා කරලා කිව්වා whatsapp බලන්න කියලා. බලද්දී මේ පද ටික තිබ්බා. ම හිතුනෙම සර් ඒ ටික ලිව්වේ මට කියලා. මම ගැන කියලා.

තාත්තා නැති වෙලා සියල්ල කලේ මම. නමුත් මම ඇඩුවේ නැහැ. හිත ශක්තිමත් කරගත්තා. මේ ගීතය මුල ඉදලා කියවගෙන යද්දී ඇත්තමයි මට ඇඩුනා. ගෙදර තාත්තගේ කාමරේ ලඟින් මම අදටත් යද්දී තාත්තගේ සුවද දැනෙනවා. මම එතනින් ඉක්මනට යනවා. රැදිලා ඉන්නෙවත් නැහැ. ඒක වේදනාවක් නිසා. මේ සින්දුව සර් කොහොම ලිව්වද කියලා මට නම් හිතාගන්නවත් බැහැ. තවම තාත්තලා ඉන්න දුවලාත් මේ ගීතය අහලා තාත්තා නැතුව ඉන්නේ කොහොම කියලා කිව්වා. ඒ තරමටම බොහෝ දෙනෙකුට මෙය දැනුනා. ඔය විදිහට තමයි මේ ගීතය බිහි වුනේ.

මේ ගීතය රූප රචනය කළ වලව්ව හොල්මන් ඉන්නවා කියලත් කතාවක් තියෙනවා..?
ඔව්. ඒ ගෙදර හොල්මන් ඉන්නවා කියලා හැමෝම කියනවා. දැකපු අයත් ඉන්නවලු. ඒ ගේ ඇතුලේ කාටවත් ඉන්න බැහැ රෑට සද්දේ ඇහෙනවලු. ඇවිදින, කතා කරන එහෙම හඬ. ඒ ගෙදර ඉන්න අය රෑට නිදාගන්නෙත් එළියේ තියෙන පොඩි කාමරේකලු. ගේ ඇතුලට යද්දී පොඩි වෙනසක් අපිටත් දැනුනා. මම උඩ තට්ටුවට තනියම ගියා පහල ගොඩක් කට්ටිය හිටියා බය වෙන්න දෙයක් තිබ්බේ නැහැ.නමුත් මගේ හිතත් ගැස්සුනා. මම ඉක්මණට එතනින් අයින් වෙලා පහලට ගියා. ඒක අමුතුම හැඟීමක්. කියන්න තේරෙන්නේ නැහැ. හොල්මන් තිබ්බත් මට නම් එහි වාසනාව ගෙනාවා. ඒ ගෙදර තමයි නිස්සාර ගීතය නිර්මාණය වුනෙත් එයත් ජනප්‍රිය වුනා.

අභිෂේකා ඉඩහිටලා නිර්මාණ කළත් ඒ හැම ගීතයක්ම අතිශයින් ජනප්‍රියයි. බොහෝ දෙනෙක් දැන් ගීත කරන්නේ ට්‍රෙන්ඩ් වෙන්න බලාගෙන, අභිෂේකාත් ගීත හදන්නේ ට්‍රෙන්ඩ් කරන්න බලාගෙනද..?
එහෙම නැහැ කිව්වොත් බොරුවක්. හැමෝම කැමතියි තමන්ගේ ගීතයකට ප්‍රතිචාර ලැබෙනවා නම්. ඒවා ට්‍රෙන්ඩ් වෙනවා නම්. මගෙත් අකමැත්තක් නැහැ. නමුත් ට්‍රෙන්ඩ් කරන්න බලාගෙනම ගීත කරන්නේ නැහැ. කලාත්මක දෙයක් කාලයක් ගියත් යලි යලිත් අහන්න පුළුවන් ගීත තමයි මම මගේ රසිකයින්ට දෙන්නේ. නමුත් මට රාමුවක් තියෙනවා. ඒ රාමුවෙන් පිට මම යන්නේ නැහැ..

ඇයි ඔබව කොටු කරගන්නේ..?
අම්මා තාත්තා කැමති නැහැ මම රඟපානවට. ඒ නිසා මම කොල්ලෙක්ගේ අතකින්වත් අල්ලන්නේ නැහැ . ඒකට මගේ සැමියත් විරුද්ධයි. ඔහු නිරාන් අලහකෝන්. අනිත් එක මම අම්මා කෙනෙක්. ඒ නිසා මම කොටට අදින්නේ නැහැ, අනවශ්‍ය විදිහට මගේ ශරීරය මම පෙන්නන්නේ නැහැ. මගේ සිමා ඇතුලේ මම වැඩකරනවා. එහෙම කියලා මම අසාර්ථක වෙලත් නැහැ.

කොහොමද පවුල් ජිවිතේ ගෙවෙන්නේ..?
අපි දෙන්නා හා දුව සතුටින් ජිවත් වෙනවා. නමුත් ඇතැම් අය මගෙන් අහනවා සැමියාගෙන් ඩිවෝස් වෙලාද ඉන්නේ කියලා. අපි දෙන්නා නිතරම දකින්න නැති නිසා එහෙම හිතනවත් ඇති. නමුත් එහෙම දෙයක් අපි අතර නැහැ. අපි සතුටින් ඉන්නවා කියන එක මේ වෙලාවේ මතක් කරනවා.

එදා කලාව දේවත්වයෙන් සැලකුවත් දැන් සමාජය කලාකරුවන්ට ගෞරව කරන්නේවත් නැහැ නේද..?
බොහෝ දෙනෙක් ගොසිප් හදාගෙන මාකට් වෙන්න හදනවා. ඒ නිසා තමයි ඒ ගරුත්වය හැමෝටම ලැබෙන්නේ නැත්තේ. කළු පැල්ලමක් ඇති වුනොත් මකා ගන්න අමාරුයි. ඒ නිසා කලාකරුවන්ගේ පුද්ගලික ජිවිතේ සමාජයට මුදා හරින්නේ නැතුව ඉන්න ඕන කියලා මම පුද්ගලිකව හිතනවා. මම නම් නිතරම හිතන්නේ මගේ ගරුත්වය ගැන විතරයි. හැමදෙයකටම වඩා එය වටිනවා.

හර්ෂණී වීරරත්න









Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top