මාදුරු ඔය ජාතික වනෝද්‍යානයේ අලිපනාව ප්‍රදේශයේ සැරිසැරූ බවට පැවසූ සුදු අලියෙකු පිළිබඳව මේ වනවිට සමාජ මාධ්‍ය තුළ කතාබහක් ඇතිව තිබෙනවා.
ඊයේ දිනයේදි වනජීවි නිලධාරියෙකු සිය මුහුණු පොතේ එම වනෝද්‍යානයේ සුදු අලියෙකු තවත් අලි දෙදෙනෙකු සමඟ සැරිසරන ඡායාරූප සහ විඩියෝවක් පළ කර තිබුණා.
අදාළ ඡායාරූපය පළ කළ වනජීවි නිලධාරියාගෙන් හිරු ප්‍රවෘත්ති අංශය මේ පිළිබඳව විමසීමක් කළ අතර ඔහු කියා සිටියේ තමන් සුදු පැහැති අලියෙකු දුටු අවස්ථාවේදි එය ඡායාරූප ගතකර මුහුණ පොතේ පළ කිරීම පමණක් කළ බවයි.
එලෙස ඡායාරූපයක් පළ කළ පමණින් වනෝද්‍යානය තුළ සුදු අලියෙකු සිටින බවට තමන්ට තහවුරු කළ නොහැකි බවද ඔහු ප්‍රකාශ කළා.
කෙසේ වෙතත් මේ වනවිට ඔහු පළ කළ එම ඡායාරූප මුහුණු පොතෙන් ඉවත් කර තිබෙනවා.
මේ පිළිබඳව හිරු ප්‍රවෘත්ති අංශය මාදුරු ඔය ජාතික වනෝද්‍යානයේ භාරකාරත්වයෙන් විමසීමක් කළ අතර එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේ වනෝද්‍යානය තුළ සුදු අලියෙකු සිටින බවට තමන්ට මෙතෙක් වාර්තා වී නොමැති බවයි.
කෙසේ වෙතත් එලෙස සුදු අලියෙකු සිටින්නේ ද නැද්ද යන්න පිළිබඳව සොයා බැලීම සඳහා වනජීවි කණ්ඩායමක් යෙදවීමට කටයුතු කර ඇති බවද එම ප්‍රකාශකයා කියා සිටියා.
ශ්‍රී ලංකාවේ මීට පෙර සුදු අලියෙකු සිටින බවට වාර්තා වූයේ යාල ජාතික වනෝද්‍යානයෙන්.