Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Aug
24
“..අපි ආසාවෙන් බලලා ඩිලිට් කරපු හැම ෆොටෝ එකක්ම... ඔයා මේ ලියුම කියවන වෙලාවෙත් කවුරු හරි රහ බලනවා... දන්නවද අයියේ.. මම දැන් සනී ලියෝන්ටත් වඩා ෆේමස් කෙනෙක්...” - පෙම්වතාගේ වරදින් එළියට ආපු ඡායාරූප පෙළක් නිසා ජීවිතය තොර කරගත්තූ, ස්නෙහාගේ අන්තිම ලියුම - Photos [Exclusive]

- “..අපි ආසාවෙන් බලලා ඩිලිට් කරපු හැම ෆොටෝ එකක්ම... ඔයා මේ ලියුම කියවන වෙලාවෙත් කවුරු හරි රහ බලනවා... දන්නවද අයියේ.. මම දැන් සනී ලියෝන්ටත් වඩා ෆේමස් කෙනෙක්...” - පෙම්වතාගේ වරදින් එළියට ආපු ඡායාරූප පෙළක් නිසා ජීවිතය තොර කරගත්තූ, ස්නෙහාගේ අන්තිම ලියුම - Photos [Exclusive]Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

53,749 Views
“එයා නිල් නිළියක් කියන එක ඒ අම්මා දරාගත්තා... එයා බීලා බීලා හරි ඒක අමතක කෙරුවා...”
 
“සමහරු... ආන් මචං අර කෙල්ල කියලා කියද්දී... මට ඉවසුම් නැතුව ගියා...”
 
“හෙට අනිද්දා පත්තරේ වැටෙයි තරුණ කෙල්ලෙක් ජීවිතේ නැති කරගත්තා කියලා..”
 
“මම මේ කතාව කියන්නේ ඔයාට.... ඉතින් ඔයා අකැමැති නම් ඔයාට පුළුවන් ඒක කියවන්නේ නැතුව ඉන්න... මම ඒක පටන් ගන්නත් කලින් ඔයාට ආයෙම කියන්නේ... මේ තමයි ඔයා කියවන්න හදන... පිළිකුල් සහගතම කතන්දරේ...”
 
පැදකුණු කරන්න ගන්න සමහරක් අපිළිවෙල වෙච්ච අකුරු-වලට දිග කතාවක් නැතිම තැන... ආකාසේ ඩැහැගත්තූ, ආකසෙට උසුළු විසුළු කරපු, ආකාසේ එක්කලා ගෝරි දාගත්තූ, අන්තිමදා ආකාසෙට “ආයුබෝවන්” කියන පුංචි එකියෙක්ගේ කතාව... (ඇත්තටම ඈ පුංචි එකියක්මද?)

“මට මේ ලියුම ලියන්න පටන් ගන්න තැනක් තේරෙන් නෑ.. මේ ලියන හතරවැනි හෝ පස්වැනි පාර... එක්කෝ මම මේ ලියුම ලියයි.. නැත්තම් අනිත් ඒවා වගේම පටන් අරගෙන මඟ දුරක් ගිහින්... අත ඇරලා දායි.. හරියට මේ මුළු ලෝකෙම මාව අත ඇරියා හා සමානවම අතඇරලා දායි... දැන් මම කියලා කෙනෙක් නෑ.. ස්නෙහා... ඒ මගේ නම... මගේ අම්මි.. ඔයා මේක කියවයි. මම දන්නවා.. ඔයා මේක කියවන බව.. ඔයා තමයි මට ඒ නම දැම්මේ.. ස්නෙහා... ස්කූල් එකේදී මම හරි ආඩම්බරෙන් මගේ නම කියව්වා.. හැමෝටම ඇහෙන්න...”
 
කඳුළු පැල්ලම් ඇගේ ලිපිය පුරාවම දුව පැනලා. සුනුවිසුණු වෙච්ච අතීත කතාවක පෙරවදන ඒ තරම් හොඳ හැටි ලියන්න නොතේරෙන එකියක්. එක්කෝ හිතා මතාම තමන්ගේ අතීත මඟලකුණු වසා දාන්න තැත් කරන එකියක්. අවසානයේ..... මම හිතන්න ගන්නවා, මේකි ඇත්තටම මට කියවන්න පහසු එකියක්.................... (ලස්සන වචන අයිති එකියක්.)
 
“අම්මි මට කවදාවත් අඩුවක් කළේ නෑ. එයා තමයි මගේ ලෝකේ වුනේ. මල්ලිත් එහෙමයි. ඒ පොඩි එකා මට හරි ආදරෙයි.... කුසල් අයියා මට හම්බුනේ මහරගම රිවිශන් ක්ලාස් එකේදී. එයා ඒ කාලේ හැන්ඩියා.. අපි මුලින්ම ලියුම් ලිව්වා.. මට මතකයි අපේ ටියුට් වල වැඩිපුරම තිබුනේ.. අපි ලියපු හෑලි... දිග නවකතා වගේ.. කෙටිම කෙටි කතා... කවි... සිංදු....................”
 
ඒක ආදර කතාවක්... ආව් !! මම අහන්න ආසම විදිහේ... ආදර කතාවක්....!!
 
“පාසලට ගියදාම.. හිත තිබුනේ නුඹ ගාව..
ලියනා තරම් අකුරු ඇයි හැඩි වුනේ...
රෑ යහනේ සිහිනෙන්... ඔබ ඉන්න ස්නෙහෙන්..
මට ආදරෙයි කිය කියා..................”


 
“ඔයාට මතකද කුසල් අයියේ.. (ඔයත් මේ ලියුම කියවයි.) ඔයා ඒ දවස්වල මට ලියපු දේවල්...? හැමදාමත් ආදරෙයි කියලා.. ඔයාගේ ආදරේ දිවුරුම් හැම එකක්ම... හරි පරිස්සමට මගේ ලොකර් එකේ ඇති. (ඒක ඔයා භාරගන්න.) ඔයා මගේ හැම හුස්මක්ම හොරකම් කරපු හාදයා.. මම කොච්චර ආදරෙයිද ඔයාට... ඔයාගේ දුඹූරු පාට ඇස් දෙකට.. ඒ ඇස්වලින් බලන නපුරු බැල්මට... ක්ලාන්ත වෙනවා සමහර කෙල්ලෝ එහෙම. (විහිළුවක් කළේ.) දන්නවද කුසල් අයියේ... ඔයාගේ ජීවිතේම වුනු පුංචි කුමාරිකාව ඔයා පරිස්සම් කළා... සත්තකින්ම තාත්තෙක් දරුවෙක් පපුවේ තියන් වදනවා වගේ පරිස්සම් කළා....”
 
ඇගේ ලියුම් කඩදැහියේ සමහරක් මතක තැන් කාවුන් කා දා විනාශ කරලා. ගළපන්න බැරි ඒ අපැහැදිලි අකුරු ඇතුළේ ඉඳගෙන මම පුරාවෘත්ත ගණනාවක සිරගත වුනා. ඇස් පිල්ලම් නොගහා ඈ මේ දිහාම බලන් ඉන්නවා ඇති කියලා මට හිතුණා.
 
ඉතින් ඈ ඇත්තටම ඉන්නවද? ස්නේහා.. ආ යූ දෙයාර්? කැන් යූ හියර් මී...??
 
“උසස් පෙළ කරලා ඉවර වෙලා... ආයෙම එක්සෑම් කරන්න රිවිශන් යද්දී, ඔයාගෙයි මගෙයි ආදර කතාව තව තවත් උන් දැනගත්තා. අනේ..!! අපි කොච්චර සතුටින් උන්නු කාලයක්ද? දහයයි තිහේ ෆිල්ම් එක බලන්න අයිඩින්ටිය අරන් ගිහින් ඔයා මාව ඔයාගේ පත ඇඟෙන් වහගෙන... “බොක්ස් ටිකට්..” කියලා අර නාකියාට ඇහෙන්න කිව්ව හැටි... මට මේ දැනුත් ඇහෙනවා වගේ... මාව යන්තම්වත් ස්පර්ශ කළේ නැති ඔයාගේ ඇඟිලි තුඩු හරි පරිස්සමින් මගේ කොණ්ඩ ගස් අස්සේ දුවන් ගියා.. මම හැමදාම දෙවියන්ගෙන් ඉල්ලූවේ එහෙම ආදරයක්... මාව හරි පරිස්සමින් බලා ගන්න ආදරයක්.. තාත්තියෙක් නැති මට තාත්තියෙක් තරමට දැනෙන ආදරයක්... කුසල් අයියේ..!! ඔයා මට මගේ තාත්ති උනා...”



කුසල්.. ස්නෙහා... ඒක ඒ අයට අයිති කතාව. ඒත් මට එහෙම හිතෙන් නැහැ. ඒක කාට හෝ අයිති කතාවක්. මම කොහොමද මවාපෑමක් කරන්නේ..? කවදාවත් දැකලා නැති.. ලියුම් කඩදැහියක හැංඟුණු චරිත දෙකක් ගැන..? ඉතින්.. ඒක මම කොහොමද කියන්නේ ස්නේහා.................??
 
“ඔයා කවදාවත් මාව බලෙන් හෝටල් කාමරවල අරන් ගියේ නැහැ. ඒත් මම ඔයාට මාව දුන්නා විඳින්න.. සීමාවක් තියාගෙන විඳින්න... එදා ඔයාගේ කැමරාව ඉස්සරහා මම නිරුවත් වුනෙත් ඒ සීමාවන් තියාගෙන... මම ඔයාට අනන්තවත් කියන්න ඇති.. කවදාහරි.. මම අපිරිසිදු ගැහැනියක් වෙන්නේ පෝරුවේ චාරිත්ර ඉවර වුනාට පස්සෙ. ඒ වගේම තමයි සුදු මහත්තයෝ.. ඒ ඔයාගේ අතින් විතරයි.. එදා මතකද? මම ඔයාට ළංවෙලා කියපු දේවල්.. ඔයාගේ උරහිස බලෙන් උදුරගෙන....”
 
කඳුළු ඇල්ලක් කඩා හැලෙන්න යන්නා වගේ... තෙත් වෙච්ච හාදු සමූහයක් මතක ඇතුළෙන් රෝන්දේ යනවා. හාදු මලු පුරෝගෙන ආකාසේ පොරෝගත්තු අහිංසක සිත්තරී.. ඒකි මේ සීරුවට අඳින්නේ මොන තරම් දිග හාදුවක්ද?
 
“අපි ආසාවෙන් බලලා ඩිලිට් කරපු හැම ෆොටෝ එකක්ම... ඔයා මේ ලියුම කියවන වෙලාවෙත් කවුරු හරි රහ බලනවා... දන්නවද කුසල් අයියේ.. මගේ අම්මේ...!! මම දැන් සනී ලියෝන්ටත් වඩා ෆේමස් කෙනෙක්... උන් මගේ ශරීරය විඳිනවා.. මම කුසල් අයියට විතරක් පෙන්නපු ශරීරය.. ඒකට වැරදි කුසල් අයියාගේ ෆෝන් එකෙන් ඒවා හොරා ගත්තූ කුසල් අයියගේම යාළුවෝ වෙන්නැති. මොකද මම කුසල් අයියව විශ්වාස කරනවා ගන්න හුස්මක් ගානේම.. අන්තිමදා ඔයා ඇවිත් ඔලුවේ අතගහගෙන මාව බදාගෙන අඬද්දී.... හැමෝම අපි දිහා අමුතු විදිහට බලද්දී... සමහරු... ආන් මචං අර කෙල්ල කියලා කියද්දී... මට ඉවසුම් නැතුව ගියා... ජීවිතේ ගැන මම කවදාවත් ලොකු හීන දැකලා නෑ... ඉතින් මම තීරණයක් ගත්තා.. අමාරුම තීරණයක් ගත්තා...”



මොකද්ද ඒ තීරණය..? ආකාසේ එක්කලා යුද්ධ කරන්නද ස්නෙහාගේ සුදානම?
 
“අයියේ.. ඔයා සතුටින් ඉන්න ඕනි. අම්මි ඔයත්.. ඔයාගේ පුංචි දූට හුඟක් සමාවෙන්න..! මම කැමති නෑ මගේ අම්මගේ දූ බඩ්ඩක් කියලා කවුරුත් කියනවාට.. කැමති නෑ මම මගේ කුසල් අයියා බඳින්න යන කෙල්ල බඩ්ඩක් කියලා කවුරුත් කියනවාට... සනී ලියෝන්ගේ අම්මා... එයා නිල් නිළියක් කියන එක දරාගත්තා... එයා බීලා බීලා හරි ඒක අමතක කෙරුවා... ඒත් මගේ අම්මට එහෙම බෑ.. ඒ තරම් දරාගන්න බෑ.. මම යනවා.. මේ ලෝකෙන්ම... හෙට අනිද්දා පත්තරේ වැටෙයි තරුණ කෙල්ලෙක් ජීවිතේ නැති කරගත්තා කියලා.. ඒත් වඳින්නම්..! මේ ලියුම කාටවත් පෙන්නන් එපා..!! මේ මැරුණු කෙල්ල.. හිතේ කළකිරීමෙන්.. ප්රේමයේ විරහා වේදනාවෙන් මැරුණා කියලා ලෝකෙට කියන්න..!! කිසිම දවසක ඒ කෙල්ලගේ ලීක් වෙච්ච ෆොටෝ නිසා ලෝකෙට මූණ දෙන්න බැරුව මැරුණා කියලා මගේ මැරිච්ච තාත්තාට අවනම්බු කරන්න එපා.. අම්මී... මම හැමදාම ආදරෙයි ඔයාට... කුසල් අයියේ..!! මගේ අම්මව බලාගන්න..!! මං වෙනුවෙන් උන්නට ස්තුතියි...!! ඔයාට හොඳ ආදරවන්තියක් ලැබෙයි..!! හුඟක් ආදරෙයි මහත්තයෝ.........!!”


 
මගේ ඇස් පියවුනා. මට මුකුත් දැණුනේ නැහැ. හැඟීමක් හෝ වේදනාවක්. මම ගල් ගැහුණා. සනී ලියෝනී...... ස්නේහා..... කුසල්............ මවන්න නොතේරෙන තැන මම ඒ පුංචි කෙල්ල ජීවිතේ තොර කරගත්තු ප්රවෘත්තිය අමාරුවෙන් කියවගත්තා. ඇගේ ලිප්ස්ටික් හාදු තැවරුණු ලියුම් කඩදැහියේ අවසානය ඒකම වුනා.
 
ඉතින්.......... මම නතර වුනා..!!
 
“තරු පායන අහස දිහාම බලාගෙන මං...
හෙළන සුසුම් සුළං නොවේ සිතින් හඬමි මං..
මගේ කඳුළු ශාප වේවී ඔබට රත්තරන්...............”
 
ඉතින් ඒ ස්නේහා... තාමත්.... ආකාසේම පොරෝගෙන ඉන්නවා ඇද්ද ?
 
By Samitha Lakshan
 
(ස්නෙහා ගත් තීරණය හරි හෝ වැරදි කීමට මට අයිතියක් නැත. එනමුදු ඇය කියූ ආකාරයෙන්ම, ඇගේ නිරුවත් රූප මේ අන්තර්ජාල පිටු පුරාවට තවමත් සැරිසරමින් ඇති. එක අතකින් නික්ම ගිය ඈට සැනසීමක් ඇති. ස්නෙහාගේ දෙමව්පියන්ට ගෞරවනීය ස්තුතිය. මෙහි එන නම් ගම් ඔවුන්ගේ පුද්ගලිකත්වය තකා වෙනස් කොට ඇති බව කරුණාවෙන් සලකන්න.)

අනතුරකට කලින්......
කියවලම යන්න...!!
 
වැදගත්ම කරුණ වෙන්නේ යම් අතිශය පෞද්ගලික දෙයක් වීඩියෝ කරන්නට හෝ ඡායාරූපගත කරන්නට පෙර එය සිදුකරන පුද්ගලයා සිතා බැලිය යුතුයි මෙයින් එහි පෙනී සිටින්නන්ට හෝ තමාට යම් අවැඩක්, අපකීර්තියක් ඇතිවෙයිද කියලා. ද්වේෂ සහගත ලෙස එය කරනවා නම් සිතන්නට අවශ්යයි එය සිදුකිරීමෙන් යමෙකු අපකීර්තියට ලක් කිරීමෙන් තමන්ට ලැබෙන දෙයක් තිබෙනවාද කියලා.
 
ඒ වගේම තමන්ගේ කෙනෙකුට මේ වගේ දෙයක් වුණොත් සිදුවන විපතත් සිතා බැලිය යුතුයි. ඒ නිසා මිනිසාගේ යහපත වෙනුවෙන් මේ නිර්මාණය වුණ දේවල් නියමාකාරයෙන් භාවිත කරන්න අපි යහපත් ආකල්පමය වෙනසක් ඇති කර ගැනීම අද අත්යවශ්ය වෙලා තිබෙනවා.
 
කවුරුන් හෝ පුද්ගලයෙක් අන්තර්ජාලය ඔස්සේ තවත් අයෙකුගේ පෞද්ගලිකත්වයට හානිවන ආකාරයෙන් අපහාස හෝ නිරුවත් ඡායාරූප, ප්රකාශන හෝ වීඩියෝපට ප්රචාරය කරනවා නම් එය වරදක්. අපි කුමන උපක්රමයකින් අන්තර්ජාලය වෙත පිවිසුනත් අපි ඊට පිවිසුන බවට අනිවාර්යයෙන්ම ඉතිරි වෙනවා. ඒ හරහා පැහැදිලිවම එවැනි පුද්ගලයන් හඳුනාගැනීමට තාක්ෂණික වශයෙන් හැකියාව පවතිනවා.
 
තමා භාවිත කරන දුරකථනයට නිරතුරුවම මුරපදයක් හෝ වෙනත් ආරක්ෂණ ක්රම‘වේදයක් යොදා තිබීම ඉතාමත් වැදගත්. මෙමරි චිප් එක දුරකථනයෙන් ගලවා තබා එය වෙනත් අයෙක් අතට පත්වුවහොත් එයින් පවා අහිතකර ප්රතිඵල ඇතිවීමට හැකියි. ජංගම දුරකථනය අලුත්වැඩියා කටයුත්තකට දෙනවා නම් එහි මෙමරි කාඩ්පත් ඉවත් කරලා අනිවාර්යයෙන්ම දුරකථනය ප්රතිස්ථාපනය කිරීම (Factory Data Reset) සිදුකරනවා නම් ඔබේ පෞද්ගලික කාරණාවන් පිටස්තර පාර්ශ්වයන් අතට පත්වීම වළකාගත හැකියි.
 
පරිගණක හදිසි ප්රතිචාර සංසදයේ ප්රධාන තොරතුරු ආරක්ෂක ඉංජිනේරුවරයෙකු විසිනි.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Top