Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Aug
23
"වොෂ් එකක් දානකොට හරියට දාන්න ඕනා. මොකද අපි ස්කීන් එක පරිස්සම් කරගන්න එපැයි...." - බුකියම සංවේදී කරමින් අවසන් ගමන් ගිය සුරූපී නිරුපිකාවක වන කේෂරි වැලිකලගේ මරණයේ සුළමුළ හෙළි වෙයි - Photos

- "වොෂ් එකක් දානකොට හරියට දාන්න ඕනා. මොකද අපි ස්කීන් එක පරිස්සම් කරගන්න එපැයි...." - බුකියම සංවේදී කරමින් අවසන් ගමන් ගිය සුරූපී නිරුපිකාවක වන කේෂරි වැලිකලගේ මරණයේ සුළමුළ හෙළි වෙයි - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

64 Views
අක්කේ මාර රස්නෙයි හලෝ. මම ඉක්මනට වොෂ් එකක් දාගෙන එන්නද...
 
අක්කේ මටත් අමාරුයි....
 
බොරලැස්ගමුව, වේරහැර පදිංචි වැලිකලගේ පවුලට 2000 වර්ෂයේ මැයි මස 02 වැනිදා ජීවිතයේ ඉතා වැදගත් දිනයක් විය. ඒ එදින එම පවුලට වාසනාව ගෙනා දියණිය මෙලොව එළිය දුටු නිසාය. එලෙස එළිය දුටු දියණියට වැලිකලගේ චමිදුකා කේෂරී යන නම ඔවුන් විසින් තබන ලදී.
 
මෙලොව එළිය දුටු දින සිටම කේෂරි පුංචි සුරංගනාවියක් බඳුවිය. සුරතල් කතාබහ, නිරතුරුව මුහුණේ රැඳී තිබූ සිනහව, කුඩාකල සිට වවා තිබූ දිගුවන් වරලස ඇයගේ සුන්දරත්වය තවත් ඔප් නැංවූවාය. බොහෝ අය පැවසුවේ එම ප්‍රදේශයේ එවැනි සුන්දර වාසනාවන්ත දැරියක නොසිටි බවයි. පුංචි කේෂරි කාලයත් සමග ලොකු මහත්වන්නට පටන් ගත්තාය.

නිසි වයස පැමිණීමත් සමග දෙමාපියෝ කේෂරීව කොළඹ ප්‍රදේශයේ ජනප්‍රිය පාසලකට ඇතුළත් කළහ. කුඩා කල සිටම ඉගෙනීමට මෙන්ම බාහිර ක්‍රියාකාරකම් වලටද ඇය දක්ෂ වූවාය. ඒ අතරින් ගායනයට සහ නර්තනයට ද ඇය සුවිශේෂි දක්ෂතාවක් පෙන්නුවාය. මෙම සුවිශේෂී දස්කම් සහ හැකියාවන් නිසා ඇය පාසලේ කැපී පෙනෙන චරිතයක් බවට පත් වූවාය. එම නිසා කේෂරිට පාසලේදී ලැබුණු ජනප්‍රියත්ත්වය කොතරම්ද කිවහොත් බොහෝ අය ඇයව හැඳින්වූයේ කේශූ යන අන්වර්ථ නාමයෙනි.
 
සුපුරුදු පරිදි කාලය ගෙවී ගියේය. කේශු ද ඒ සමානව උස් මහත් විය. එමනිසා පාසල් ජීවිතයෙන් සමුගැනීමටද කාලය එලැඹුණි. සරසවි වරම් ලබා ගැනීමට නොහැකි වුවත් උසස් පෙළ ඇය සමත්වී තිබුණි.
 
පාසලෙන් පිටවුණ ඇය දැන් තාරුණ්‍යයේ පසුවන යෞවනියකි. ලස්සන රූපයක් මෙන්ම සුන්දර සිරුරක් ද ඇයට හිමිය. එම නිසා ඇය දුටුවන් වශීකරවන සුළු පෙනුමකින් යුක්තය.
 
‘‘පාසල් අධ්‍යාපනයෙන් පසුව ජීවිතයේ ඉදිරියට කරන්නේ කුමක්ද?’’ පාසලෙන් පිටවී දින කිහිපයකට පසු දෙමාපියෝ ඇයගෙන් විමසූහ.
 
‘‘මම පෞද්ගලික විශ්වවිද්‍යාලයක උසස් අධ්‍යාපනය හදාරන අතර නිරූපණ ශිල්පයේ නිරත වනවා.’’ එලෙස තම අනාගත බලාපොරොත්තු ගැන ඇය නොබියව තම දෙමාපියන්ට පැවසුවාය. දෙමාපියන් ඇයගේ බසට එක්වරම අවනත වුණි. ඒ කිසි දිනක ඇය වැරදි තීරණයක් නොගන්නා බව ඔවුන් හොඳින්ම දන්නා නිසාය.
 
කේශුගේ සුන්දරත්වය නිසා බොහෝ අය පැවසුවේ කවදා හෝ ඇය මෙරට ප්‍රසිද්ධ නිළියක් වන බවයි. එමනිසා උසස් අධ්‍යාපනය හදාරන අතර නිරූපණ ශිල්පයේ නිරතවන්න දෙමාපියන් ඇයට අවසර දෙන්නට ඇත්තේ ඒ ගැනද බලාපොරොත්තුවක් තබාගෙන වන්නට පුළුවන.
 
ඒ සමග ඇය පිළියන්දල ප්‍රදේශයේ පෞද්ගලික සරසවියක උසස් අධ්‍යාපනය හදාරන අතර නිරූපණ ශිල්පිනිියක ලෙසද වැඩ කටයුතු කළාය.
 
අන් තරුණියන් මෙන් නොව උප්පත්තියෙන්ම ලද සුන්දරත්වයක් ඇයට තිබුණි. එයින් උපරිම ප්‍රයෝජන ගැනීමට ඇය හැකි වූවාය. එමනිසා නවකයකු වුවත් නිරූපණ ශිල්පිනියක ලෙස ඉදිරියට යෑමට සහ ජනප්‍රිය වීමට ඇයට ගතවූයේ ඉතා සුළු කාලයකි.
 
කෙටිකලක් තුළ ජනප්‍රිය වුවත් ඇය ඉතා නිහතමානී තරුණියක වූවාය. එම නිහතමානී කම නිසාමදෝ කොහෙද මෙම ක්ෂේත්‍රයේ සිටින සැවොම පාහේ ඇයට විශේෂ ලෙන්ගතුකමක් දැක්වූහ.
 
කේෂාරි නොහොත් කේශු 2018 වර්ෂයේදී තරුණ රූප සුන්දරිය තේරීමේ තරගාවලියකට සහාභාගි වූවාය. එහිදී රූප සුන්දරිය ලෙස අභිශේක ලැබුවේ ඇයයි. එම ජයග්‍රහණයත් සමග ඇය එම ක්ෂේත්‍රයේ තවත් ජනප්‍රිය තාරකාවක් වූවාය. එම ජනප්‍රියතාව කොතරම්ද කිවහොත් ඒ දිනවල සමහර පුවත්පත්වල මුල් පිටුව පවා සැරසුණේ ඇයගේ රුවින්ය.
 
පසුගිය වසරේ පැවති ‘‘මිස් ශ්‍රී ලංකා තරගාවලියේදී අවසන් පස් දෙනා අතරට ඒමට මෙම නවක නිරූපණ ශිල්පිනියට හැකි වූවාය. එයට අමතරව ඉදිරිපත්වූ තවත් රූප රාජිණි තරග රැසකින් ඇය ජයග්‍රහණය ලබා තිබුණි. අඩු වයසින් මෙතරම් දුරක් පැමිණි ඇයට තව නොබෝ කලකින්ම මෙම ක්ෂේත්‍රය ඔස්සේ ජාත්‍යන්තරය පවා ජය ගැනීමට හැකිවනු ඇතැයි බොහෝ අය අනාවැකි පළ කළහ.
 
ඒ කාලය අතරතුර නිරූපණ ශිල්පයට අමතරව ඇය අධ්‍යාපන කටයුතුද ඉතා සාර්ථක ලෙස කරගෙන ගියාය.
 
පෞද්ගලික ජීවිතයේදී ඇය නිවසට අමතරව තම වැඩිමහල් සහෝදරියගේ නිවසේ රැඳී සිටීමටද කැමැත්තක් දැක්වූවාය. ලද සෑම මොහොතකම ඇය කාලය ගත කළේ එම සහෝදරියගේ නිවසේය. එම නිවස පිහිටා තිබුණේ බොරලැස්ගමුව, සල්ගහවත්ත, සිසිල පටුමග ප්‍රදේශයේය.
 
දිනය පසුගිය 15 වැනිදාය. එදින කේශු තම දෙමාපියන්ගෙන් සමුගෙන සහෝදරියගේ නිවසට පැමිණියාය. ඒ දින කිහිපයක් එහි නැවතී සිටීමටයි. සහෝදරියගේ නිවසට පැමිණි කේශු පැය ගණනක් ඇය සමග ආගිය තොරතුරු කථා බස් කළාය.
 
වේලාව මධ්‍යහ්නය පසුවී තිබුණි. කේශුට ස්නානය කිරීමට අවශ්‍ය වූවාය. ඇය ඒ බව තම සහෝදරියට මෙලෙස පැවසුවාය.
 
‘‘අක්කේ මාර රස්නෙයි හලෝ. මම ඉක්මනට වොෂ් එකක් දාගෙන එන්නද?’’
 
‘‘මොකක් කිවුවේ. ඔයා ඉක්මනට වොෂ් දාගෙන එන්න. කවද ඉඳන්ද එහෙම කරන්න ගත්තේ.’’
 
‘‘නැහැ නැහැ මම ඉක්මනට එන්නම්.’’
 
‘‘අනේ යන්න නංගී. ඔයා අඩුගානේ පැයක්වත් ඉන්නවා බාත් රූම් එකේ. අපි නොදන්නවයැයි ඒක.’’
 
‘‘වොෂ් එකක් දානකොට හරියට දාන්න ඕනා. මොකද අපි ස්කීන් එක පරිස්සම් කර ගන්න ඕනා. ’’
 
‘‘මම විහිළුවක් කළේ. ඔයා ඕන තරම් බාත් රූම් එකේ ඉඳලා එන්න.’’
 
ඒ අනුව කේශු ස්නානය කිරීම සඳහා නාන කාමරයට ගියාය. ඇයට පෙර සහෝදරියගේ එකොළොස් හැවිරිදි දරුවාද ස්නානය කර තිබුණි.
 
ඇඳුම් උණා නා ගත් ඇය යම්කිසි ආලේපණ වර්ගයක්ද ශරීරයේ තවරා ගත්තාය. ඉන් පසු සිසිල් වතුරෙන් සහ උණු වතුරෙන් සිත්සේ ඇය ශරීරය සෝදා ගත්තාය.
 
නාන කාමරයෙන් එළියට පැමිණි පසු වෙනදා මෙන් නොව උගුර කසනවාත් සමග හුස්ම ගැනීමේ අපහසුතාවක් ඇයට දැණුනි. ඇය මඳ වෙලාවක් එය ඉවසාගෙන සිටියාය. ඒ දැන් එය අඩුවෙතැයි සිතාය. එහෙත් අඩුවන පාටක් නොපෙණුනි.
 
ඒ අතර කාලය තුළ කේශුට පෙර ස්නානය කළ ඇයගේ සහෝදරියගේ පුතාටද යම්කිසි අපහසුතාවක් දැණුනි. ඔහු වහාම එය තම මවට පැවසුවේය. ඇය කලබල වී කේශුට කථා කළාය. ඒ තම පුතාගේ අසනීපය ගැන පැවසීමටයි. එවිට කේශු සිටියේ මහත් බියකින් සහ අමාරුවකිනි. තම සහෝදරියගේ කටහඬට ඇය ඉතා අමාරුවෙන් ප්‍රතිචාර දැක්වූයේ මෙලෙසින්ය.
 
‘‘අක්කේ මටත් අමාරුයි....’’
 
කේශුගේ සහෝදරියට කුමක් හෝ සිදුවී ඇතැයි ඉවෙන් මෙන් දැණුනි. ඒ මොහොතේ නිවසේ වෙනත් කිසිවකුද සිටියේ නැත. වහාම ඇය ත්‍රිරෝද රථයක් නවතා තම සහෝදරිය සහ පුතාව වේරහැර තිබූ රෝහලකට රැගෙන ගියාය.
 
රෝගීන් දෙදෙනා රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබා දුන්නහ. එම ප්‍රතිකාර වලින් කේශුගේ සහෝදරියගේ පුතා සුව අතට හැරුණු අතර කේශුගේ තත්ත්වය බරපතළ අතට හැරුණි.
 
දැඩි සත්කාර ඒකකයේ සිටි කේශුගේ ජීවිතය බේරා ගැනීමට වෛද්‍යවරු දැඩි උත්සාහයක නිරත වූහ. එහෙත් පලක් වූයේ නැත. ඒ වනවිටත් ඇය සියලූ දේම අතහැර දමා මරු තුරුළට ගොස් තිබුණි.
 
පසුව මෙම සිද්ධිය පිළිබඳව පරීක්ෂණ පැවැත්වූ බොරලැස්ගමුව පොලිසියේ නිලධාරීහු කේෂරී සහ එම දරුවා භාවිත කළ ආලේපණ වර්ග සහ ජලය සාම්පල් පරීක්ෂා කිරීම සඳහා රස පරීක්ෂක නිලධාරියා වෙත යවා තිබුණි. මෙම ලිපිය ලියන මොහොත වනවිටත් එහි වාර්තාව ලැබී නොතිබුණි.
 
එම නිසා නිරූපණ ශිල්පිණියක් ලෙසින් ජාත්‍යන්තරය පවා ජය ගැනීමට බලා සිටි වැලිකලගේ චමිදුකා කේෂරී අබිරහස් ලෙස මිය ගියේ ඇය භාවිත කළ ජලය, ආලේපන සහ සබන් යන කුමක් විෂ වීමෙන්ද යන්න තවමත් ගැටලූවකි.
 
ඉරිදා දිවයින පුවත්පතින් උපුටා ගන්නා ලදි


Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top